IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


බගවන්තලාව ධර්මකිර්ති විදුහලට 75 යි

 

(රංජිත් රාජපක්ෂ)  

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ධර්මකිර්ති සිංහල මහා විද්‍යාලය ආරම්භ කර වසර 75 ක් සපිරිම නිමිත්තෙන් අද (05) එම විද්‍යාලයේදි පිරිත් සජ්ජායනය සහ මහ සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් පවත්වනු ලැබුහ.

එම පාසලට වසර 75 ක් සපිරිම නිමිත්තෙන් සහ එම විදුහලේ නිර්මාතෘ බගවන්තලාව විවේකාරාම විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අපවත් වී වදාළ කටුකුරුන්දේ ධර්මකිර්ති නාහිමියන්ට පිං අනුමෝදම් කිරිම සදහා මෙම පිරිත් සජ්ජායනය සහ දානමය පිංකම සිදු කෙරිණි.

එම විදුහලේ විදුහල්පති තිස්ස ජයසුරිය මහතා, ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන් සහ ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම පිංකම සංවිධානය කර තිබිණි.

මෙම පිංකමට සමගාමිව එම පාසලේ නිර්මාතෘ බගවන්තලාව විවේකාරාම විහාරස්ථානයේ හිටුප විහාරාධිපති අපවත් වි වදාළ කටුකුරුන්දේ ධර්මකිර්ති නාහිමියන්ගේ පිළිරුවක් ස්ථාපනය කෙරිණි.

  



අදහස් (0)

බගවන්තලාව ධර්මකිර්ති විදුහලට 75 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 381 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site