(නාඋල - ඉන්දික අරුණ කුමාර)
එළඹෙන වෙසක් මංගල්‍යය වෙනුවෙන් නාඋල - ශ්‍රි නාග ආදර්ශ ප්‍රාථමික විදුහලේ දූ දරුවෝ වෙසක් කූඩු 500 ක් නාඋල නගර වාසින්ට නොමිලේ බෙදා දීමක් ඊයේ (21) උදෑසන කාලයේ සිදු කළේය.
දෙමව්පියන්ගේ ද සහාය ඇතිව ශ්‍රී නාග ආදර්ශ ප්‍රාථමික විදුහලේ විදුහල්පති මහින්ද හෙට්ටිආරච්චි මහතා සහ ආචාර්‍ය මණ්ඩලය මෙම වැඩසටහන සංවිධාන කර තිබිණි.
නාඋල නගරයේ සිංහල,දෙමල හා මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වෙත ගොස් වෙසක් දින වල දී සිය වෙළද ව්‍යාපාර ස්ථානවල පහන් කුඩු ප්‍රදර්ශනය කරන ලෙස පාසල් දරුවෝ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීම් කලහ.
රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව නාඋල නගරයේ ක්‍රියාත්මක ‘නාඋලාභිවන්දනා ‘ වෙසක් කලාපය පාසල් දරුවන්ගේ වෙසක් කූඩු බෙදාදීම විශේෂ ආලෝකයක් එක්කල බව මෙහි දි අදහස් දැක්වු නාඋල පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායක මහතා කියා සිටියේය.
ශ්‍රී නාග ආදර්ශ ප්‍රාථමික විදුහලේ ආචාර්ය මණ්ඩලය මෙන්ම නාඋල එක්සත් වෙළද සංගමයේ ලේකම් රසික මාරසිංහ මහතා නාඋල පොලිසියේ නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නාඋල දරුවෝ කූඩු 500 ක් නොමිලේ බෙදති