(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විසි හතර වැනි ජාත්‍යන්තර කරාතේ ශූරතා තරගාවලිය සඳහා ඉදිරිපත් වූ බාදුරාගොඩ හඟවත්ත රාජගිරි ප්‍රාථමික විදුහලට රන් පදක්කමක් ලෝකඩ පදක්කමක් සමඟ ඉදිරිපත් වූ තරගකරුවන් දහනම දෙනාම ජයග්‍රහණ ලබා ගැනීමෙන් විශිෂ්ට වාර්තාවකට හිමිකම් කියයි.
සිය වසකට ආසන්න අතීතයකට හිමිකම් කියන මෙම පාසලේ දරුවෙක් කිසියම් තරගයකට ඉදිරිපත් වීමෙන් රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාවද මෙය වේ.
වයස අවුරුදු අටෙන් පහළ කාතා ඉසව්වේ රන් පදක්කම එච් . ඒ.රනුෂ් සත්සර හිරුෂාන් විසින් ද එම ඉසව්වේම ලෝකඩ පදක්කම ඒ.ඒ . අදීෂ තත්සර අධිකාරි විසින්ද දිනා ගැනීම සුවිශේෂී ජයග්‍රහණයක් වී ඇත . මෙම සිසුන්සෙ දෙදෙනාම පාසලේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
සෙසු තරගකරුවන් දාහත් දෙනාම ඔවුන් තරග වැදුණු විවිධ ඉසව් වල පළමු අට දෙනා අතරට තේරී පත්වීම නිසා විදුහලෙන් ඉදිරිපත් වූ සියලුම සිසු සිසුවියෝ මෙම තරගාවලියේ ජයග්‍රහණයකට හිමිකම් කියන්නට සමත් වී තිබේ.
විදුහල්පතිනි අසන්ති අබේවර්ධන මහත්මියගේ හා කරාතේ කණ්ඩායම බාර අරෝෂා වෛද්‍යතිලක මහත්මියගේ මෙහෙයවීම යටතේ මෙම දරුවන් පුහුණු කර ඇත්තේ පාසල් නිලලත් කරාතේ ක්‍රීඩා උපදේශක ෂිහාන් පුෂ්පකුමාර මහතා විසිනි. මෙම දරුවන් සඳහා කරාතේ පුහුණුව ලබා දී ඇත්තේ මාස හයක් වැනි කෙටි කාලයක් වීමද විශේෂත්වයකි .
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලේකම්වරයා විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියට ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව, භූතානය, බුරුමය සහ නේපාලයේ තරගකරුවන් තුන්දහසක් පමණ දෙනා සහභාගී වීීඇත. මෙම තරග ඉකුත් 2දා කොළඹ සුගත දාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි .
ජයග්‍රාහී සිසු සිසුවියෝ සමූහ ඡායාරූපයේ සිටින අතර විදුහල්පතිනිය හා පුහුණු උපදේශකවරයා සමීපයේම ඉදිරියෙන් සිටින්නේ රන් හා ලෝකඩ පදක්කම් දිනාගත් සිසුන් දෙදෙනාය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජාත්‍යන්තර කරාතේ තරගයෙන් රාජගිරි ප්‍රාථමිකයේ 19යටම සම්මාන