ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන බොක්සිං දින ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සම නායකත්වයට සත් හැවිරිදි ආච් ස්චිලර් නම් කර තිබේ.
ඒ අනුව දෙසැම්බර් 26 වැනිදා මෙල්බන් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී නිත්‍ය නායක ටිම් පේන් සමඟ එක්ව ආච් ස්චිලර් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවනු ඇත.
වයස අවුරුදු තුනේ සිට දුර්ලභ ගණයේ හෘදයාබාදයකින් පීඩා විදින ස්චිලර්, ඒ වෙනුවෙන් ශල්‍යකර්ම කිහිපයකටද පෙනී සිට ඇත.
ස්චිලර්ගේ පියා ඔහුට අවශ්‍ය කුමක්දැයි විමසූ විට තමාට ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ නායකයා වීමට අවශ්‍ය බව ඔහු පවසා ඇත
මේ වන විට ස්චිලර්ගේ එම සිහිනය සැබෑ කරදීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම හා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. තමා වඩාත් කැමති දඟ පන්දු යැවීමට බවත්, තමාගේ අරමුණ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි දවා ගැනීම බවත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තෝරා ගැනීමෙන් පසු ස්චිලර් පැවසීය.
මේ දිනවල ස්චිලර් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්ව පුහුණුවීම් කටයුතුවල නිරත වෙයි.
(63226 )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මට විශ්වාස කරන්න අමාරු වුනා මේ පුවත
මෙය ඉතා හොඳ දෙයක්.
පුතේ,ඔයාට ඉක්මනටම සුව වේවායි ප්‍රර්ථනා කරනවා. සුබ නත්තලක්.
විරාත් කෝලි නායකත්වය දරන ඉන්දීය පිලට ගහන්න පොඩි කොල්ලෙක් ඇති කියලා ඔසිලා හිතනවා ඇති...
විරාත් කෝලිත් ඉතාමත් අගනා ප්‍රකාශයක් කරලා තියෙනවා, ස්චිලර් ගේ ආශාව "කෝලිව දවා ගැනීම නම්' , තමන් ඒ ආශාව ඉෂ්ඨ කරන බව. "මනුෂ්‍යයින් තවමත් ජීවත්ව සිටී" ස්චිලර් ඔබට නිරෝගී සුව වේවා !!
ලංකාවෙ පැටවුන්ගෙන් ඇහුවොත් කියයි උන්ට රටේ ජනාධිපති, අගමැති, මුදල් ඇමති වෙලා සල්ලි ටිකක් හොයාගන්න ඕනෑ කියලා ........
පොඩි ළමයෙක්නේ. ළමා කාලය කෙලිදොලින් ගත කරන්න ශක්තිය ලැබේවා.