සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් මහතා මොස්කව් නුවරදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමුවෙමින් සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.
සිරියානු අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීම දෙරටේ නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවල අරමුණ විය. සිරියාවට සාමය උදා කර දීම සඳහා ජාත්‍යන්තරය තුළ පොදු එකඟත්වයක් ඇති කිරීම උදෙසා රුසියාව වසර දෙකක සිට ක්‍රියාකාරීව මැදිහත්ව සිටියි.
සිරියානු අර්බුදයට මීට වසර දෙකකට පෙර රුසියාව හමුදාමය වශයෙන් මැදිහත් වූ අතර රුසියාවේ මෙම යුදමය හා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම හේතුවෙන් සිරියානු අර්බුද බෂාර් අල් අසාද් මහතාට හිතකර තත්ත්වයකට පත්ව තිබේ.
රුසියානු ජනාධිපතිවරයා අද (21) ඉරාන හා තුර්කි නායකයන් මුණ ගැසීමට නියමිත අතර ඉරානය හා තුර්කිය යනු සිරියානු අර්බුදයේ තවත් ප්‍රධාන පාර්ශ්ව දෙකකි. සිරියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන ලද කරුණු සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා සහ මැදපෙරදිග නායකයන් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කරන බව රුසියානු නායකයා ප්‍රකාශ කර තිබේ.
“ත්‍රස්තවාදීන්ට එරෙහිව පූර්ණ ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට කලින් අපට තවත් බොහෝ දේ කළ යුතුව තිබෙනවා. එහෙත් දැනට අපි ත්‍රස්තවාදයට එරෙහිව එකමුතුව සටන් වදිනවා. යුද මෙහෙයුම දැන් අවසන් වෙමින් තිබෙනවා.දැන් තිබෙන වැදගත්ම කරුණ දේශපාලන ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීමයි. සාමය හා විසඳුමක් අවශ්‍ය සියලු දෙනා සමඟ සාකච්ඡා කිරීමට ඔබේ තිබෙන සූදානම් සම්බන්ධයෙන් මා සෑහිමකට පත්වෙනවා” යැයි රුසියානු ජනාධිපතිවරයා සිරියා ජනාධිපතිවරයා හමුවේ පවසා ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළේය.
රුසියානු හා සිරියානු ජනාධිපතිවරුන් සාකච්ඡා පවත්වා ඇත්තේ ඊයේ (20) දිනයේදීය. එහෙත් ක්‍රෙම්ලීනය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් රුසියාවේ සංචාරයක නිරත වී සිටින බවත් ජනාධිපති පුටින් හමු වී සාකච්ඡා පැවැත්වූ බවත් අනාවරණය කළේ අද (21) ය.
(රොයිටර්-055)



2025 දෙසැම්බර් මස 04
277
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
408
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රුසියානු-සිරියානු ජනපතිවරු සාකච්ඡාවක