IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රොබෝ රෝවරය රතු ලොවේ කන්දක් ළඟ

අඟහරු මතට ගොඩබැස වසර 2 ක ඇවෑමෙන් තම ගමනාන්තය කරා ළගා වීමට නාසා ආයතනයේ කියුරියෝසිටි රොබෝ රෝවරය පසුගියදා සමත් වූවේය.

කියුරියෝසිටි රොබෝ රෝවරය අඟහරු ග්‍රහයාගේ ‘‘මවුන්ට් ෂාර්ප්‘‘ නම් කඳුගැටයට ළඟා වී එහි සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට සැළැසුම් කර තිබෙන්නකි.

අඟහරු මතට ගොඩබැසි ස්ථානයේ සිට ‘‘මවුන්ට් ෂාර්ප්‘‘ දක්වා වන කිලෝමීටර 9 ක දුර ගෙනීමට රෝවරයට අවුරුදු 2 කට ආසන්න කාලයක් ගතව තිබේ.මෙය පුදුමයට කාරණයක් නොවන්නේ රෝවරයේ උපරිම වේගය තත්පරයට අගල් 1.5 ක් වන නිසාවෙනි.

මවුන්ට් ෂාර්ප් හි පරිසරය අධ්‍යනය කිරීමෙන් අඟහරු මත ජීවයට සුදුසු පරිසරයක් තිබෙන්නට ඇතැයි පළව ඇති මතය කෙතරම් දුරට තහවුරු කර ගත හැකිදැයි සොයාබැලීම කියුරියෝසිටි රෝවරය අඟහරු මතට යැවීමේ අරමුණයි.

රොබෝ රෝවරයේ ‘‘හිමින් ගමන‘‘ සම්බන්ධයෙන් පසුගිය කාලයේ නොයෙකුත් විවේචන එල්ල වුණු අතර පසුගිය සමයේ එළිදැක්වුණු වාර්තාවකට අනුව අඟහරු මතට යැවුණු රොබෝ රෝවරයන්ගේ කාර්යක්ෂමතාව සැළකූ විට ඒවා අතරින් අන්තිම ස්ථානයේ සිටින්නේ කියුරියෝසිටිය.

වැඩ හිමින් වුවද කියුරියෝසිටි අගහරු මත ජලය පවතින්නට ඇතැයි ස්ථීරව සනාථ කෙරෙන දිය සිඳී ගිය පොකුණක සළකුණු සොයාගැනීමටද සමත් වූවෙකි.

නුදුරේදීම කියුරියොසිටිගේ සැබෑ රාජකාරිය ඇරඹෙන බැවින් එම කාලයේදී කියුරියෝසිටි කෙසේ ක්‍රියාකරත් දැයි දැකගැනීමට හැකිවනු ඇතැයි නාසා විද්‍යාඥයෝ පවසති.

1410517177407_wps_15_PIA16105u_malin04MAINIMAG 1410517180791_wps_16_pia18478_grotzinger_06_fi



අදහස් (0)

රොබෝ රෝවරය රතු ලොවේ කන්දක් ළඟ

චමිල Tuesday, 16 September 2014 07:26 AM

හොද පුවතක්. (අ)

:       0       0

භක්ති Tuesday, 16 September 2014 07:25 AM

හොඳ ලිපියක් බලාපොරොත්තු තබා ගත හැකි වේවි . (අ)

:       0       0

දිනේෂ් Tuesday, 16 September 2014 07:44 AM

සුභ පතනව. තව තවත් මේ දේවල් හොයා ගන්න ලැබේවා කියල. (අ)

:       0       0

ඉසුරන්දි Monday, 15 September 2014 07:59 AM

මේ පරීක්ෂණවල අවසානයක් දකින්න අපි ජීවත්වෙලා ඉන්න වාසනා කරලා තිබුනොත් හොදා(දිල්)

:       0       0

උපුල් Monday, 15 September 2014 10:53 AM

ඉසුරන්දි, නැති නම් ඊලග ආත්මේ බලාගන්න. (නදී)

:       0       0

මාරසින්හ Tuesday, 16 September 2014 11:16 AM

මේක නාසා එකේ තවත් එක පට්ටපල් බොරුවක් විතරයි. මේ ෆොටෝ අරගෙන තියෙන්නේ පෘථිවියේ යම් කිසි ප්‍රදේශයක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site