ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජ​යේ ෂරියා නීති හේතුවෙන්, එරට දැරියන් ලක්ෂ 24 කට ද්විතීයික අධ්‍යාපනය අහිමි වී ඇතැයි යුනෙස්කෝ සංවිධානය පවසයි.

තලේබාන්වරුන්ගේ දළදඩු ෂරියා නීතිය එරට දැරියන්ට පාසල් යෑමට අවසර හිමි වන්නේ නැත. තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගත්තේ, 2021 දී ඇමෙරිකන් හමුදා එරටින් පිටවී යෑමෙන් පසුවය.

නව යොවුන් වියේ දැරියන්ට අධ්‍යාපනය තහනම්ය. කාන්තාවන්ට රැකියා කළ නොහැකිය. ලෝකයේ බාලිකා අධ්‍යාපනය තහනම් එකම රට වන්නේ ද ඇෆ්ගනිස්තානයයි.