
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයකු වූ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව කදිරගාමර් අන්තර්ජාතික සම්බන්ධතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ දී (LKIIRSS) අද (12) පැවැත්විණි.
කදිරගාමර් මහතාගේ ගුණ සමරුව නිමිත්තෙන් එහිදී මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් ද පැවැත්වීය.
මෙම අවස්ථාවට විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත්,කදිරගාමර් මහතාගේ බිරිඳ වන සුගන්ධි කදිරගාමර්, LKIIRSS වැඩබලන විධායක අධ්‍යක්ෂ තුෂාර රොද්‍රිගෝ මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
විදේශ අමාත්‍යවරයා ලෙස කදිරගාමර් මහතා කළ විශිෂ්ටතම මෙහෙය වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව සහ යුරෝපා සංගමය තුළ තහනම් කිරීමට රාජ්‍ය තාන්ත්‍රිකව නායකත්වය දීමයි.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) මගින් වෙසක් පෝය දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය යෝජනාව 1999 දී එජා මහා මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ද ඔහු මූලිකත්වය ගත්තේය. ඔහු නිරන්තරයෙන් පෙනී සිටියේ බෙදුම්වාදයට එරෙහිව එක්සත් ශ්‍රී ලංකාවක් උදෙසාය.
ශ්‍රී ලංකාවේ ඒකීයභාවය වෙනුවෙන් සහ ත්‍රස්තවාදයට එරෙහිව අභීතව පෙනී සිටීම හේතුවෙන්, 2005 අගෝස්තු 12 වන දින කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී එල්.ටී.ටී.ඊ. ස්නයිපර් ප්‍රහාරයකට ලක්ව කදිරගාමර් මහතා ඝාතනය විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd