
(අංජුල මහික වීරරත්න)
ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ 2022 වසරේදී නවතා දමන ලද සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දිස්ත්‍රික් කමිටු රැස්වීම් වලදී ඉදිරිපත් වන කඩිනම් ජනතා අවශ්‍යතා වලට ග්‍රාමීය මාර්ග සංවර්ධනයේදී ප්‍රමුඛතාව දෙන ලෙසද ජනපතිවරයා කීය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් දුන්නේ මහාමාර්ග අමාත්‍යාංශය මගින් 2026 වසරේදී ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයට සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
සියලු මාර්ග සංවර්ධන කටයුතු නිසි කාලසීමාව තුළ නිම කරමින් ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් උරුම කර දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
මහාමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් 2026 අයවැයෙන් සහ දිට්වා ආපදා තත්ත්වය හමුවේ වෙන් කෙරුණු රුපියල් බිලියන 402ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති වල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ 4වන අදියර යටතේ යෝජිත කුරුණෑගල - ගලේවෙල මාර්ගයේ සහ රුවන්පුර අධිවේගී මාර්ගයේසැලසුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම දක්වා කොටස සහ වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම්, මධ්‍යම අධිවේගී මාර්ගයේ 3වන අදියර යටතේ ක්‍රියාත්මක පොතුහැර - ගලගෙදර දක්වා කොටස ඇතුළු අධිවේගී මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd