මාංශ භක්ෂක ඩයිනෝසරයන් වියුරු වැටුණු විට විශ්මිත හැසිරීම් රටා පෙන්වා ඇතැයි ඩයිනෝසරයන්ගේ පොසිල පරීක්ෂාවෙන් සොයාගෙන ඇත. එමෙන්ම බිඳුම් සිදුවන අස්ථි ඉතා ඉක්මණින් සුවපත්ව ඇති බවත් විද්‍යාඥයෝ පවසති.

මේ සතුන්ට සිදුව ඇති තුවාල මිහිතලයේ දැන් ජීවත්වන සතකුට සිදුවුවහොත් ඒවා මාරාන්තික වුව ද මේ ප්‍රාග් ඓතිහාසික දැවැන්තයන්ගේ තුවාල විශ්මයජනක ලෙස සුව වී ඇතැයි ද ඔවුහු කියති.

වසර කෝටි 15ක් පමණ දක්වා පැරණි මේ පැරණි පොසිලවල ඇති අස්ථි පැලීම් හා බිඳීම් පිළිබඳ තොරතුරු අනාවරණය කැරගෙන ඇත්තේ අති දීප්තිමත් ආලෝක භාවිතා කරමිනි. මේ සතුන්ගේ ක්‍රියාකාරකම්, මොළයේ හැකියාව, ඔවුන්ට තිබූ සිතීමේ හැකියාව හා තුවාල සුවවීමේ කඩිනම් බව අනුව මේ සතුන් මහා ව්‍යසනයකින් වඳවී නොගියේ නම් අද දක්වාම ඉතා සාර්ථකව මිහිතලය මත ජීවත් වීමට ඉඩ තිබූ බවයි.

ඩයිනෝසරයන් තමන්ගේ අස්ථි ආරක්ෂාකැරගැනීම ගැන සැළකිලිමත් නොවූව ද බිඳෙන අස්ථි සුවකැර ගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකැර ඇතැයි ද පර්යේෂකයෝ කියති. කෙසේ වෙතත් මොවුන්ගේ සිරුරේ අස්ථි බිඳීම් හා තුවාල ඇති වුවත් ඔවුන්ගේ ඉක්මණින් මැකී යන්නට ඇතැයි ද සොයාගෙන තිබේ.

ඩයිනෝසරයන්ගේ අස්ථි පද්ධතියේ සැකැස්ම අනුව බොහෝ මාංශ භක්ෂකයන් කෝප වූ විට උරහිස් සොලවා තම කෝපය පිටකැර ගැනීමේ හැකියාවෙන් යුතු වූ බව ද සොයාගෙන තිබේ. ඇතැම් පොසිල වූ අස්ථිවල එක් ස්ථානයක තුවාල කැළැල් හා බිඳීම් පවතී. එවැනි දෙයක් මිනිස් අස්ථියකට සිදුවූ විට ප්‍රතිකාර නොලැබුණහොත් ජීවිතය හානි වීම වැළැක්විය නොහැකිය.

මැන්චෙස්ටර් පාසලේ භූගර්භ, වායුගති හා පාරිසරික විද්‍යාව පිළිබඳ ආචාර්ය ෆිල් මැනින්ග් මෙසේ කියයි.

‘‘ අපේ අධ්‍යයනයෙන් පෙනී ගිය ආකාරයට ඩයිනසෝරයන් සිය තුවාල හා කැලැල් සුව කර ගැනීම සඳහා ඔවුන්ට ම ආවේණික ක්‍රමයක් භාවිතා කර තිබෙනවා. මෙය අප තරම් බුද්ධියෙන් ඉහළ ක්‍රමයක් නොවුනත් ඇතැම් විට ඊට සුදුසු ශාක වර්ග ආහාරයට ගැනීම වැනි දෙයක් විය හැකියි. “