IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බෙල්ජියමේ වැසියන්ට කොරෝනා එන්නත නොමිලේ

‘කොවිඩ්-19’ වයිරසය මර්දනය කිරීමට සොයාගන්නා ඕනෑම එන්නතක් තම රටේ ජනතාවට නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව බෙල්ජියම ප්‍රකාශ කරයි.

බෙල්ජියමේ ජනගහනය මිලියන 11.5ක් වන අතර මේ වනවිට එරටින් වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ ගණන 540,000කි.

“සෑම පුරවැසියකුටම මේ එන්නත නොමිලේ ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍ය ෆ්‍රෑන්ක් වැන්ඩබෲකේ පැවැසීය.

අන්තර්අමාත්‍ය සෞඛ්‍ය සමුළුවක් අමතමින් බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය. එම සමුළුවට කලාපයේ අනෙක් සෞඛ්‍ය අමාත්‍යවරුද සම්බන්ධ වූහ.

සායනිකව තහවුරු කර සංවර්ධනය කෙරෙන නව කොරෝනා වයිරස එන්නත බෙල්ජියමේ ජනගහනයෙන් 70%කට එනම් මිලියන අටකට ආසන්න ජනතාවකට නොමිලේ ලබාදීමට බලාපොරොත්තු වන බව ද මෙම සමුළුව අමතමින් බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

“සමාජ විවාදයකින් සහ විද්‍යාත්මක අදහස සහ මතය අනුව එන්නත මුලින්ම දෙන්නේ කාටදැයි තීරණය කරනවා. ඒ අනුව ප්‍රමුඛත්වය දෙනවා” යැයි බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍ය වැන්ඩබෲකේ පැවැසීය.

බෙල්ජියමෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 14,000 ඉක්මවයි. බෙල්ජියමේ, ජනගහනයෙන් මිලියනයකට වාර්තා වයිරස මරණ අනුපාතය ඉතා ඉහළ වන අතර එය යුරෝපයේ දරුණුම නව කොරෝනා වයිරස ආසාදිත මරණ අනුපාතය ද වේ.

ඉදිරි මාස කිහිපයේදී එන්නත් තොග මිලදී ගැනීම සඳහා බෙල්ජියම ඇතුළු යුරෝපා සංගමයේ රටවල් මේ වනවිට පියවර ගනිමින් සිටියි.

ජර්මනියේ කියෝවැක් ඖෂධ සමාගම ද මේ වනවිට නව කොරෝනා වයිරසයක් අත්හදා බලමින් සිටින අතර බෙල්ජියම ඊයේ, එම සමාගම සමඟ ද ගිවිසුමකට අත්සන් තැබීය.

බෙල්ජියම මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 7.7 ලබාගැනීමට ගිවිසුම් අත්සන් කර තිබෙන අතර ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමෙන් එන්නත් මිලියන 5.5 ලබාගැනීමට ගිවිසුම් අත්සන් තබා ඇත.

 

ඒ.එෆ්.පී./ ද ගාඩියන්
055 



අදහස් (0)

බෙල්ජියමේ වැසියන්ට කොරෝනා එන්නත නොමිලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 883 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site