IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


බංග්ලාදේශ මැයි රැලිය ප‍්‍රචණ්ඩ වෙයි

බංග්ලාදේශ ඇඟලූම් කම්හල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධියට වගකිව යුතු පුද්ගලයන්ට මරණ දඬුවම දෙන්නැයි රජයට බලකරමින් එරට ඩකා අගනුවර ඊයේ (1) පැවැති මැයි දින රැලියට සහභාගී වූ ඇඟලූම් කම්හල් සේවක සේවිකාවෝ කලහකාරීව හැසිරුණහ.

ප‍්‍රචණ්ඩකාරීව හැසිරුණු පිරිස්..


පොලිසිය ඔවුන්ට හරස්වූ අවස්ථාවේ හටගත් ගැටුම්වලින් 150 දෙනෙක් තුවාල ලැබූහ. ඒ අතර පොලිස් නිලධාරීහු ද සිටිති. දස දහසකට වැඩි පිරිසක් එම මැයි දින රැලියට එක් ව සිටි අතර කලහකාරීව හැසිරුණු පිරිස් ඩකා අගනුවර රජයේ කාර්යාලවලටත් බස් රථවලටත් පහර දීමට පටන් ගෙන ඇත.

මැයි දින රැලිය සංවිධානය කළේ බංග්ලාදේශ ඇඟලූම් කම්හල් සේවක සංගමයයි. එහි නායකයකු වන කමුරුල් අන්නාම් කියා සිටියේ ඇඟලූම් කම්හල් සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව ගැන රජය කිසිදු සැළකිල්ලක් නොදක්වන බවය.

ඩකා අගනුවර මහල් අටකින් සමන්විත ‘රනා ප්ලාසා’ ගොඩනැගිල්ල බිමට සමතලා වූයේ ඉකුත් 24 වැනිදා ය. ගොඩනැගිල්ලේ හිමිකරු සොහෙල් රානා පමණක් නොව, ප‍්‍රමිතියෙන් තොරව ගොඩනැගිල්ල ඉදිකිරීමට අනුමැතිය දුන් රජයේ ඉන්ජිනේරුවන් දෙදෙනා ද රටින් පලා යෑමට උත්සහ කළ නමුත් ඔවුහු පොලිස් අත්අඩංගුවට පත් වූහ.

රානාගේ බිරිඳ මෙන්ම රානාගෙන් අල්ලස් ගත් නගරසභා බලධාරීහු ද පොලිස් අත්අඩංගුවේ සිටිති. බංග්ලාදේශ මහාධිකරණය ඔවුන්ගේ බැංකු ගිනුම් ද අත්හිටිවීමට තීරණය කර ඇත.

කඩා වැටෙද්දී ගොඩනැගිල්ලේ, ඇඟලූම් කම්හල්වල සේවක සේවිකාවෝ 3,122 ක් සේවයේ නියැළී සිටියහ. තවත් දහසක් පමණ දෙනා එහි පිහිටි සෙසු වෙළෙඳසැල්වල සේවය කළහ. ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු 2,500 දෙනකු දිවි බේරා ගත් අතර 400 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 147 දෙනකු තවමත් අතුරුදන්ව ඇතැයි ද පැවැසෙයි.



අදහස් (0)

බංග්ලාදේශ මැයි රැලිය ප‍්‍රචණ්ඩ වෙයි

දිසානායක Friday, 03 May 2013 12:25 AM

බංගලාදේශයත් තවත් ඇෆ්ඝනිස්ථානයක් වෙන එක නවත්වන්න කාටවත් බැරි වෙයි. මතකනේ බුදුපිළිම වලට කරපු අපරාදේ. (නි)

:       0       0

ලලිත් Friday, 03 May 2013 12:47 AM

සඳරුවන් කියන දේ ඇත්තක් තියෙනවා තමයි. ඒත් හරිම දුප්පත්, දුප්පත්කම නිසාම අහිංසක වාගේම අති හිංසාකාරී ක්‍රියාත් කරන අය බංගලින්. (නි)

:       0       0

සඳරුවන් Thursday, 02 May 2013 01:59 PM

බංගලි ගෑවිච්ච තැන ඉවරයි.(ස)

:       0       0

රංග Thursday, 02 May 2013 07:59 PM

එහෙම කියන්න එපා මේ අහිංසක මිනිස්සුන්ට.අපි වැඩ කරන්නේ මේ රටේ තමයි හුඟ කාලයක ඉදලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 189 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1145 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site