පිලිපීනයට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් ප‍්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති අතර, හදිසියේ හටගත් එම ජල ගැලීම්වලට පුද්ගලයෝ 23 දෙනෙක් බිලිවූහ.
ජල ගැලීම්වලට හසුවීමෙන් 100 දෙනකු අතුරුදන් වූ අතර උන්හිටිතැන් අහිමි වූ ගණන ලක්ෂ 6 කට වැඩි යැයි පිලිපීන මාධ්‍ය වාර්තා කළේය.
ජල ගැලීම් හටගත්තේ ඉකුත් දින කිහිපය තිස්සේ නොකඩවා ඇද හැලූණු මහ වැසි හේතුවෙනි. ජල ගැලීම් වාර්තා වන්නේ පිලිපීනයේ මැනිලා අගනුවර සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවලිනි.
ජලයෙන් යටවීම නිසා මැනිලා ගුවන්තොටුපොළ වසා දැමීමටත්, ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් යානා ආපසු හරවා යැවීමටත් බලධාරීහු පියවර ගත්හ.
පිලිපීන සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන් ප‍්‍රකාශ කළේ සහන සේවා කටයුතුවලට ද වර්ෂාවෙන් බාධා එල්ල වී ඇති බවය. සහන සේවා සඳහා පිලිපීන හමුදාවේ ද සහාය හිමි වන බව පිලිපීන රජය වැඩි දුරටත් කියා සිටියේය.
සහන සේවා කටයුතු විධිමත්ව කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රාන්ත රජයයන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් සහන සේවා කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බවත් පිලිපීන රජය කියා සිටී.
පිලිපීන ආපදා කලමණාකරණ අමත්‍යාංශය කියා සිටින්නේ ලක්ෂ 6 කට වැඩි පිරිසකට නිවාස අහිමි වී ඇති බවත් එම පිරිස් මේ වනවිට පාසල්වල පිහිටුවූ සරණාගත කඳවුරුවල රැඳී සිටින බවත්ය.
නායයෑම් සහ ජල ගැලීම් හේතුවෙන් කොටුවූවන් බේරා ගැනීමට හමුදාව හෙලිකොප්ටර් යානා යොදා ගන්නා බව මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.
2025 නොවැම්බර් මස 21
60
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1013
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පිලිපීනයට ගංවතුර:
ක්‍රිස් Sunday, 25 August 2013 11:06 PM
කණගාටුදායක සිද්ධියක් (නි)
අරුමුගම් Sunday, 25 August 2013 12:57 PM
මේ බෞද්ධ රටේ පව් කියලැ කියන්න කව්රුත් නැද්ද ? (නදී)
පිටිගල Monday, 26 August 2013 07:35 PM
ඉක්මන් සහනයක් ලැබේවා! අපේ මිතුරු රටට.(අ)