වයඹදිග ඉරානයට පෙරේදා(11) බලපෑ ප‍්‍රබල භූකම්පන දෙකකින් පුද්ගලයන් 250 දෙනකු ජීවිතක්ෂයට පත්ව 2000කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ඉරාන ආපදා කළමනාකරණ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
භූකම්පන හටගෙන ඇත්තේ වයඹදිග ඉරානයේ පිහිටි ටැබ්රිස් සහ අහාර් යන නගර ආසන්නයේ බවත් ඒවායේ ප‍්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.4ක් සහ 6.3ක් ලෙස සටහන් වූ බවත් ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
ටැබ්රිස් නගරය භූකම්පනයෙන් දෙදරා යාමෙන් අනතුරුව ප‍්‍රදේශවාසීන් දහස් ගණන් සිය ගම්බිම් අතහැර පලා ගොස් ඇති බවත් ආපදාවන්ට ලක්වූවන් බේරාගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් සහන සේවකයෝ පවසති.
මෙම ප‍්‍රබල භූකම්පනවල අපිකේන්ද්‍රය ටැබ්රිස් නගරයට සැතපුම් 40ක් දුරින් පිහිටි අහාර් ප‍්‍රදේශය ආසන්නයේ පිහිටා ඇති බවත් භූකම්පනවලින් අනතුරුව පසුකම්පන 55ක් පමණ වාර්තා වූ බවත් තෙහෙරාන් විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අංශය සඳහන් කරයි.
භූකම්පනය හටගත් ටැබ්රිස් නගරයට අමතරව ග‍්‍රාමීය ප‍්‍රදේශ 50ක් පමණ එහි බලපෑමට ලක්ව ඇති අතර ඉන් භාගයකට වැඩි ප‍්‍රමාණයක් මුළුමනින්ම විනාශවී ගොස් ඇත. මියගිය අය අතර කාන්තාවන් සහ කුඩා දරුවන් විශාල සංඛ්‍යාවක් සිටින බවත් එම මරණ බොහොමයක් වාර්තා වන්නේ ග‍්‍රාමීය ප‍්‍රදේශවලින් බවත් සහනසේවකයෝ පවසති.
මෙම ස්වභාවික ව්‍යසනය සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන ජනාධිපති කාර්යාලය සඳහන් කළේ භූකම්පනයෙන් මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කරන බවත් විපතට පත්වූවන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා බවත්ය.
මේ වන විට භූකම්පනයෙන් විපතට පත් වූවන් බේරා ගැනීම පිණිස සහනසේවා කණ්ඩායම් 66ක් සුනඛ කණ්ඩායම් 11ක් සහ ගිලන්රථ 185ක් භූකම්පනයෙන් විනාශ වූ ප‍්‍රදේශ කරා යොමු කර ඇති බව ඉරාන රූපවාහිනිය පැවැසීය.
නැවතත් මෙවැනි විනාශකාරී භූකම්පනයක් ඇතිවේයැයි බියෙන් ප‍්‍රදේශයෙන් ඉවත්වී සිටින 16,000ක් පමණ වූ වැසියන් හට තාවකාලික කූඩාරම් තුන්දහසක්, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට රතු කුරුස සංවිධානය පියවරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. භූ තැටි මායිම් කිහිපයක් එකිනෙක මායිම්වන ස්ථානයක ඉරානය පිහිටා ඇත. ඒ නිසා ඉරානයේ භූකම්පන ඇතිවීම ස්වභාවික තත්ත්වයක් බව භූවිද්‍යාඥයෝ පෙන්වා දෙති.
2003 වසරේ දෙසැම්බර් මාසයේදී දකුණුදිග ඉරානයේ පිහිටි බාම් නගරයට බලපෑ රික්ටර් පරිමාණයේ ඒකක 6.6ක් සටහන් කළ භූකම්පනයෙන් පුද්ගලයන් 31,000ක් පමණ ජීවිතක්ෂයට පත් වූහ. එහිදී ඉපැරැණි මඩවලින් සාදන ලද නගරයක් ද සම්පූර්ණයෙන්ම විනාශ විය.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉතිං දන්න තරම තමයි. (නි)
අයියෝ සල්ලි
නිශ්ශංකගේ කතාවට මමත් එකගත්වය පළ කරනවා. (නි)
මේවාත් වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තටද? (නි)
මධූ, මිනිසුන් වශයෙන් සිතන්න පුරුදු වෙන්න. (නි)
මුස්ලිම් රටවල් වලට මෙහෙම හානි සිදුවීම ගැන මට දුකයි. (නි)
හොදයි ..... කියලවත් කරන්න බැරි දෙයක් ! (දී)
පව් (අ)
ස්වාභාවික විපත් සියලු රටවලට පොදුයි. අහිංසක සතුන්ගේ ජිවිත තුට්ටුවකටවත් මායිම් නොකරන මිනිස්සු ජනයට හැමෝම මැරෙන්න ඇකමැති බව දැනගන්න මේවත් හොඳ පාඩම් (අ)
ලංකාවට හැම අකින්ම ඉරානය උදවු කරද්දී නම් මධූට හරි හොදයි. (නි)
මධු ඔයා ගැන මට හරි දුකයි මේවගේ අනතුරක් වෙලාවේදී ලාංකිකයෝ හැටියට අපි අපේ කණගාටුව පලකරන්න ඕන.හිතන්න මේ දුකට පත්වෙලා ඉන්නේ ඔයාගේ අම්මා, තාත්තා,සහොදර සහෝදරියෝනම් ඔයා කියනවද ''හොද වැඩේ කියලවත් කරගන්න බැ'' කියලා. මනුස්සයෝ විදිහට හිතන්න පුරුදු වෙන්න.මට කණගාටුව ඔයාගේ දරුවොත්(සමහරවිට) මේ විදිහට හිතනවානම් අපේ රටට යන කලදවස.මතක තියාගන්න අපිට තියෙන්නේ සතුන්ටත් වෙදකම් කරපු උතුම් ඉතිහාසයක් එකට කරුණාකරලා හානි කරන්න එපා. (අ)
ඇත්තටම දුකයි (දී)
ඉරානය අපට හිතවත් රටක්, මිනිසුන් හරිම සුහදශීලීයි. පිටරටකදී වූණත් ඉරාන ජාතිකයෙකු මුණගැසුණොත් "අහා! ඔබ ලංකාවේද, ඉස්තරම්ම තේ එන්නේ ඔබේ රටින්, මම ලංකාවට හරි කැමතියි' වගේ සුහදශීලී දේවල් තමයි කියන්නේ. ඉරාන ජනතාව මුස්ලිම් තමයි. නමුත් අරාබි ජාතිකයන් නොවෙයි. ඔවුන් පර්සියානුවන්. කාට වුණත් මේ වගේ අනතුරක් වෙච්චි වෙලාවට මෙහෙම කියන එක වැරදියි. බෞද්ධයන් විදිහට තමන්ගේ සතුරකුටවත් මේ වගේ දෙයක් වුණොත් කම්පාවෙන්න අපිට හැකි විය යුතුයි. අපේ රට වසර 70 ක් විතර අල්ලාගෙන හිටිය එළාර දෙමළ රජු යුද්දයේදී දුටුගැමුණු රජතුමන් අතින් මළ පසු ඔහුටත් සොහොනක් සාදා, ඊට රාජ්‍ය ගෞරව දැක්විය යුතු බව අමතක නොකළ ශ්‍රේෂ්ට ජාතියක් අපි. (නි)
නිශ්ශංක, ඔයා හරියට කතා කරන්නේ සතුන් මරන්නේ ඉරානයෙ විතරක් වගේනේ. ඇයි ලංකාවෙත් තියෙන්නේ රාජ්‍ය ගව ඝාතකාගාර? (නි)
මධු වෙත . ඉරානය මුස්ලිම් රටක් නෙවයි . (දී)
කනගාටුයි
අයියෝ සල්ලි
මිනිස් ජිවිත අපාරදේ