අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රුසියාව වෙනුවෙන් පෙනී සිටින අයෙක්ද යන්න සම්බන්ධයෙන් එරට ෆෙඩරල් ඔත්තු සේවය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළ වු වාර්තාව පිළිබඳව ධවල මන්දිරය කණගාටුව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
මෙම චෝදනාව අභූත චෝදනාවක් බව ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇති අතර මේ පුවත සම්බන්ධයෙන් දැඩි ලෙස කණගාටුවට පත් වන බවද ප්‍රකාශ කර ඇත.
එමෙන්ම මෙම පුවත දැඩි ලෙස සත්‍ය විකෘති කිරීමක් යැයිද ඔහු පවසා තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා 2017 වසරේ මැයි මාසයේදී ෆෙඩරල් ඔත්තු සේවයේ (FBI) අධ්‍යක්ෂක ජේම්ස් කොමේ එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ ජනාධිපතිවරයා ගේ හැසිරීම පිළිබදව එරට රාජ්‍ය නිලධාන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ක්‍රියාවන් අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තරජනයක්ද යන්න පිළිබඳව මෙම විමර්ශනයේදී දැඩි ලෙස අවධානය යොමු කර ඇතැයිද පුවත්පත වාර්තා කර ඇත.
( බී බීසි ඇසුරෙනි)
36698
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd