මානසික සහ ශාරීරික සෞඛ්‍යයට හානි පමුණුවන වීඩියෝ ක්‍රීඩා සඳහා දරුවන් ඇබ්බැහි වීම වළකාලීම සඳහා ක්‍රීඩා කිරීමට තහනම් කාල සීමාවක් පැනවීමට චීන රජය තීරණය කර තිබේ.
අවුරුදු 18 ට අඩු ළමුන්ට රාත්‍රී 10.00 සිට උදෑසන 8.00 දක්වා කාලය තුළ වීඩියෝ ක්‍රීඩා කිරීම තහනම් බවද, දිනකට මිනිත්තු 90ක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දී ඇති බවද පැවසේ. ඒ අනුව, සතිඅන්තයේදී පැය තුනක් සහ පොදු නිවාඩු දිනවලදීද ඔවුන්ට ක්‍රීඩා කළ හැකිය.
අවුරුදු 8 සිට 16 දක්වා වන දරුවන්ට මාසයකට යුවාන් 200ක පමණ පිරිවැයකට අදාළ වන ලෙස අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩා කළ හැකි අතර, අවුරුදු 16 සිට 18 දක්වා වයස්වල දරුවන්ට යුවාන් 400ක පමණ පිරිවැයකට අදාළ වන සේ අන්තර්ජාලයට සම්බන්ධ වී ක්‍රීඩා කළ හැකිය.
අන්තර්ජාල ක්‍රීඩා සඳහා ඇතුළත් වීමේදී දරුවන්ට තම සත්‍ය නාමයෙන් පෙනී සිටිය යුතු වේ.
වීඩියෝ ක්‍රීඩා හා සම්බන්ධ ආයතන සඳහාද මෙම නීති බලපැවැත්වෙන බවද, එය මව්පියවරුන්ට මාර්ගෝපදේශයක් විය යුතු බවද චීන රජය පවසයි.
(ද ගාඩියන් ඇසුරිනි)
16844
COMMENTS