කොළොම්බියාවේ නිරිත දිග කොකා පළාතේ පොලිස් ස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් නිලධාරීන් තිදෙනකු මියගොස් 10දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

බොගෝටා අගනුවරට රැස්වූ දහස් ගණන් පිරිස් විරෝධතාවයන්හි සහ කළහකාරී ක්‍රියාවන්හි යෙදෙන අතරතුර මෙම බෝම්බ පිපිරීම සිදුව ඇත.

බෝම්බ පිපිරවීම සන්නද්ධ කණ්ඩායමක ක්‍රියාවක්දැයි නිශ්චිතව සඳහන් කළ නොහැකි බව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම හා ප්‍රචණ්ඩත්වය සඳහා ප්‍රසිද්ධියක් උසුලන කොකා පළාතේ සැන්ටෙන්ඩර් ඩී ක්විලිචාවෝ නගරයේ මෙම පිපිරීම සිදුව තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)