IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කිම් ජොන්ග් උන් චීනයෙන් සමාව ඉල්ලයි


 
බීජිංහිදීය (රොයිටර්)
 
බස් රථ අනතුරකින් චීන සංචාරකයන් 32 ක් මිය යෑම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීනයෙන් සමාව ඉල්ලා ඇතැයි උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය අද (26) වාර්තා කළේය. 
 
උතුරු කොරියානු නායකයා සමාව සහ කනගාටුව පළ කරන ලද බස් රථ අනතුර සිදුවූයේ ඉකුත් ඉරිදා (22) වැනිදාය. එම අනතුරින් චීන සංචාරකයන්ට අමතරව උතුරු කොරියානු ජාතිකයන් සිව්දෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූහ.
 
අනතුරට ලක්වූ තවත් චීන ජාතිකයන් දෙදෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ යැයි ද පැවසේ.
 
මියගිය චීන ජාතිකයන්ගේ මළ සිරුරු අද (26) දුම්රිය මගින් චීනයට ඒවා ඇති අතර එම මළ සිරුරු චීනයට එවීමට පෙර උතුරු කොරියානු නායකයා ඒවා බලන අයුරු චීන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරුණි. 
 
“මෙම අනතුරින් උතුරු කොරියානු ජනතාව කනගාටුව පත්ව සිටිනවා. ඔවුන් සියලු දෙනා වෙනුවෙන් මම චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ එරට අනෙකුත් නායකයන්ට කනගාටුව පළ කරනවා” යැයි උතුරු කොරියානු නායකයා කීය.
 
“අපේ සමීප මිතුරන්, අපේ රටේ ජනතාව සමඟ මිතුදම් ඇති කරගත් අපේ චීන මිතුරන් අපේ භූමියේදී අවාසනාවන්ත අනතුරකට මුහුණ දීම අප සියලු දෙනාට දැඩි ශෝකය ගෙන දෙන්නක්” යැයි කොරියානු මධ්‍යම පුවත් ආයතනය උතුරු කොරියානු නායකයාගේ පණිවුඩයක් ප්‍රකාශයට පත් කළේය.   
 
“චීන සහෝදරවරුන්ට ඇති වූ වේදනාව වචනවලින් හෝ වෙනත් මොනයම් හෝ ආකාරයකින් පියවිය නොහැකියි. ඒ වෙනුවෙන් අපි දැඩි ලෙස කම්පාවට පත්වෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනවා. මෙම අවාසනාවන්ත අනතුර නිසා ඇති වූ ශෝකය තුනී කරලන්නට අපි අපට හැකි සෑම දෙයක්ම කරනවා” යැයි උතුරු කොරියානු නායකයාගේ පණිවිඩයේ තවදුරටත් සඳහන්ව තිබිණි.
 
චීනය යනු උතුරු කොරියාවේ එකම සහ වැදගත්ම ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රිත හිතවතාය. ඉකුත් වසරක කාලයේදී උතුරු කොරියාවේ චීනයට ද කන් නොදී දිගින් දිගටම මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන ලද එය චීනයේ නොසතුටට හේතුවුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට සම්බාධක පනවද්දි චීනය උතුරු කොරියාවට සිය සහයෝගය දැක්වීය.
 
 
055
 



අදහස් (1)

කිම් ජොන්ග් උන් චීනයෙන් සමාව ඉල්ලයි

sanath Sunday, 29 April 2018 08:01 PM

කොණ්ඩ මොස්තරෙත් වෙනස් කලොත් හිට්ලර් ලුක් එක අවම කරගන්න පුළුවන්වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31364 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13587 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11013 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 128 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1003 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site