දකුණු කොරියාව සමඟ සාම සාකච්ඡා පැවැත්වීම උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය අඟහරුවාදා දකුණු කොරියානු ජනපති මූන් ජායීන් මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් උතුරු කොරියාව මෙම ප්‍රතිචාරය දක්වා ඇත.
එසේම දකුණු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පැවැත්වෙන ඒකාබද්ධ යුද අභ්‍යාස වලට උතුරු කොරියාව සිය විරෝධය පළකරමින් සිටියි.
අද උදෑසන ද උතුර කොරියාව මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ සදහන් කළේය.
මාසයකට අඩු කාලයක් තුළ උතුරු කොරියාව අත්හදා බැලූ 6 වැනි මිසයිල අත්හදා බැලීම මෙය වෙයි.
දෙවන ලෝක යුද්ධය අවසානයේ කොරියාව දෙකඩ වී තිබිණි. මෙම තීරණයේ වගකීම සම්පූර්ණයෙන්ම දකුණු කොරියාව් බාරගත යුතු බව උතුරු කොරියාව අවධාරණය කරයි.
බීබීසී ඇසුරිනි
(226)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාම සාකච්ඡා වලට අකමැති අය කැමති ඉල්ලන් කන්න .
කෙරුමා කියලා හිතාගෙන ඉන්න එක්කෙනාගේ යටිකූට්ටු ගේමක්... යවන්න ගියපාර ඇරියා වගේ මිසයිල උඩින් එහා පැත්තට. කෙරුමා එයි සාකච්ඡාවට. මෑන්ස්ට තේරෙන භාෂාව තමයි ඒක. තක්කිට තරිකිට. නැතිනම් එයාගේ පදේ...