IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඉරානයේ ආණ්ඩුවට එරෙහිව කළ විරෝධතාවලදී 500ක් අත්අඩංගුවට

තෙහ්රාන්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)

ඉරානයේ පැවත්වෙන ආණ්ඩු විරෝධී විරෝධතා අතර වාරයේදී 500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ. වැටුප්, රැකියා ආදී ආර්ථික දුෂ්කරතා රැසක් මුල් කරගනිමින් දෙසැම්බර් 6 වැනිදා ආරම්භ වූ විරෝධතා පැවැත්වෙන්නේ හය වැනි දිනටය. 

විරෝධතා පාලනය කිරීම සඳහා ඉරානයේ ‘ආරක්ෂක බලකාය’ යෙදවීමට බලධාරීන් කටයුතු කර තිබේ. විරෝධතා අතරවාරයේදී 30කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි ද එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි. 
ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට 2009න් වසරෙන් පසු මෙරතම් ජනතාවක් සහභාගී වූ පළමු අවස්ථාව මෙය වේ. 

වසර 2009 දී පැවැති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණලට දහස් ගණනක් ඉරාන වැසියන් සහභාගී වූ අතර ඉන් පසු ආණ්ඩුවට අවස්ථා කිහිපයකදී ආණ්ඩු විරෝධයට පාමින් උද්ඝෝෂණ පැවැත්වුණ ද ඒ කිසිවකින් ඉරාන ආණ්ඩුවට සැලකිය බලපෑමක් එල්ල නොවීය.

මේ අතරම ආණ්ඩුවට සහාය පළ කරමින් නගර කිහිපයක ජන රැළි පැවැත්විණි.  එම ජනරැළිවලට විශාල ජනතාවක් සහභාගි වී තිබේ.
ආර්ථික දුෂ්කරතා, රැකියා නොමැතිකම ආදී අර්බුද මුල් කරගනිමින් පසුගිය සතියේදී මෙම විරෝධතා ඇති විය. එම විරෝධතා පසුව පාලන තන්ත්‍රය හා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ බවට පත්විය. 

එම විරෝධතා මේ වනවිට රට පුරා ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයේ උත්තරී නායකයා ලෙස සැලකෙන අයතොල්ලා අලි කමේනිට මේ වනවිට විරෝධතා එල්ල වී ඇතැයි එම වාර්තා සඳහන් කරයි. 
ඉරානයේ පැවැත්වෙන විරෝධතා මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සහ ජාත්‍යන්තර සංවිධානවලට අවධානයට යොමු ව තිබේ. ඇමෙරිකා ජනාධිපතිවරයා විරෝධතාකරුවන්ට සහාය පළ කරමින් අවස්ථා කිහිපයකදීම ට්විටර් පණිවිඩ නිකුත් කර තිබිණි. ඊශ්‍රායල අගමැතිවරයා ද ඉරාන විරෝධතාකරුවන්ට සහාය පළ කර තිබූ අතර එරට පාලනය ද විවේචනයට ලක් කළේය. 

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැත්වෙන අතරවාරයේදී ආණ්ඩුවට හා උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනිට සහාය දක්වමින් ද විරෝධතා පැවැත්විණි. වසර 2009න් පසු ඉරානය තුළ මේ අයුරින් විරෝධතා පැවැත්වෙන්නේ පළමු වරටය. 

ඉරානය තුළ විටින් විට විරෝධතා පැවැත්වුණ ද ඒවායින් එතරම් බලපෑමක් හෝ ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානයට යොමු නොවීය. මෙවර 2009 වසර හා සමානව මහ පරිමාණ අයුරින් විරෝධතා පැවැත්වෙන බව වාර්තා වේ. වසර 2009 දී විරෝධතා පාලනය කිරීම සඳහා ඉරානයේ ‘ආරක්ෂක බලකාය’ යෙද වූ අතර ගැටුම්වලින් 150ක් මියගිය බව සී.එන්.එන් පුවත් සේවය වාර්තා කර තිබිණි. 

කෙසේ වෙතත් 2009 - 2010 කාලයේ විරෝධතා අතරවාරයේදී ඇති වූ ගැටුම්වලින් කොතරම් සංඛ්‍යාවක් මියගියේද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු නැතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. ඇමෙරිකාව, ඊශ්‍රායලය, සෞදි අරාබිය සහ ඇතැම් බටහිර රටවල් ඉරාන විරෝධතාකරුවන්ට සහාය පළ කළද ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ඊට පරස්පර මතයක් දරයි. 

ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ සෞදි අරාබියේ අදහස් නිසා යුද්ධයක් ඇතිවීමේ අවදානමක් හටගනු ඇතැයි ඔහු පවසයි. විරෝධතා සම්බන්ධයෙන් ඉරාන පාලනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විය යුතු යැයි ද ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ නිසා ඉරාන ජනාධිපති හසන් රොව්හානිට දැඩි පීඩනයක් එල්ල වී ඇතැයි ද විදෙස් විශ්ලේෂකයෝ පවසති. විරෝධතාවලට ඉරාන කාන්තාවන් ද එක්ව ඇතැයි ද පැවසේ. 

055



අදහස් (0)

ඉරානයේ ආණ්ඩුවට එරෙහිව කළ විරෝධතාවලදී 500ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 232 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2088 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1595 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site