සිරියා රජයට එරෙහිව සටන් වදින කැරැලිකරුවන්ට සහාය වන අල් කයිඩා සටන්කාමීන් මෙහෙය වන බටහිර රටවලට නුදුරු අනාගතයේ දිනෙක ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි සිරියා ජනපති බෂීර් අල් අසාද් පවසයි.
අල් කයිඩා සංවිධානයට මුදල් ආධාර දෙමින් ලිබියාව විනාශ කිරීමට කටයුතු කළ අයුරින්ම සිරියාව අස්ථාවර කිරීමට බටහිර රටවල් කටයුතු කරන බව ජනපති අසාද් චෝදනා කරයි.
යුරෝපා රටවල් හා ඇමෙරිකාව සිදු කරන මෙම කි‍්‍රයාවන්ට නුදුරු අනාගතයේදී වන්දි ගෙවීමට සිදුවන බව ද ජනපති අසාද් අවධාරණය කරයි.
සිරියා ජනපති අසාද් මේ බව සඳහන් කළේ පෙරේදා(18) එරට අල් ඉක්බාරියා රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමිනි.
සිරියා රජයට එරෙහිව සටන්වැද සිටින කැරැුලිකාර කණ්ඩායම්වලට තුර්කිය ඇතුළු අරාබි රටවල සහාය හිමිවීම කනගාටුවට කරුණක් බව කී ජනපති අසාද්, සටන්කාමී කණ්ඩායම්වලට සිරියාවට ඇතුළුවීමට ජෝර්දානය අවසරදී ඇති බවද පැවැසීය.
මේ අතර, සිරියා දේශසීමාබද කලාපයේ හමුදා මෙහෙයුම් සඳහා ඇමෙරිකා හමුදා භටයන් 200ක් ජෝර්දානයට එවීමට පියවර ගෙන ඇති බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් චක් හේගල් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සිටින සියලු ජනතාව එකා මෙන් සමගියෙන් රට වෙනුවෙන් තම උතුකම් ඉටු කර එක තමයි කරන්නන ඕන දෙය. එතකොට හැමෝගෙම ජිවිතත් රැකෙනවා.(අ)