ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ගංඟාවේ මාළු අල්ලමින් සිටි ධීවරයකු ඔහුගේ බිරිඳ ඉදිරිපිට දීම ඇලි කිඹුලකු විසින් ඇදගෙන ගොස් මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කිඹුලන් නැරඹීමට යන පුද්ගලයන් මේ කිඹුලා හඳුන්වන්නේ මයිකල් ජැක්සන් නමිනි.
කිඹුලකු ඇලි බවට පත්වීමේ සම්භාවිතාව ඇත්තේ කිඹුලන් දස ලක්ෂයකට එකක් බව පරිසරවේදීන් පවසයි. ඒය අතිශය දුර්ලභය.
ඇඩිලේඩ් ගංඟාව කිඹුලන් නැරඹීමට එන සංචාරකයන්ගේ සිත් ගත් ස්ථානයකි. දිනකට සිය ගණනක් සංචාරකයන් බෝට්ටුවලින් ගඟ මැදට ගොස් මස් කැබලි කොකුවල එල්ලා ගඟ දියට ඉහළින් ඇල්ලූ විට කිඹුලන් ඉහළට පැන මස් ඩැහැගැනීමට පුරුදුව සිටියි. මයිකල් ජැක්සන් ලෙස හඳුන්න කිඹුලා මේ අතර වඩාත් ජනප්‍රියම සත්ත්තවයා බව සංචාරක සංවිධානය කරන රොබ් මාචන්ට් පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මයිකල් ජැක්සන් නම් කිඹුලා දැනට වසර ගණනාවක සිට ඇඩිලේඩ් ගංඟාවේ සංචාරකයන් ට දක්නට ලැබුණු බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතිස්, නිල්වලා ගඟ තිබෙන්නේ ශ්‍රී ලංකාවේනේ (නි)
මේ කිඹුලාගෙ කකුල් 3 ද තියෙන්නේ? (නි)
කිඹුලා ගැන දක්වා ඇති ප්‍රතිචාර වලට වඩා මෙහි බන්දුල පෙරේරා ගැන අදහස් දමන අය වැඩිනේ. මම විදේශයක පදිංචි වී සිටින්නෙක්. මට හරි ආසයි මේ බන්දුල පෙරේරා මහත්තයා දකින්න. කරුණාකර ඔහුගේ සේයා රුවක් මෙහි පල කරන්න. (නදී)
මේ දවස්වාල කිබුල්ලු ගැන කතා වැඩියි. මට හිතෙන්නේ අහිංසා නංගිගේ කොරහේ කිබුල්ලු ටික එලියට පැනල වගේ. කට්ටිය බලාගෙන ඔය පින්තුරවල දකින කිබුල්ලුන්ට වඩා තඩි කිබුල්ලු අහිංසා නංගිගේ කොරහේ හිටියා. කෙල්ල ගැන කාලෙකින් ආරංචියකුත් නැහැ. පැනපු කිබුලෙක් ඇදන් ගියාද දන්නේ නැහැ.(නදී)
ධනුක ඔයා අත, කකුල හඳුනන්නේ නැහැ වගේ. උගේ අතක් තවත් ඒ වාගේම කිඹුලෙක් විසින් කාලා (නි)
නියම කිඹුලා ඔය වගේ කිඹුලෙක් ලංකාවට ගේන්ඩ බැහැ තව මිනිස්සු ටිකක් කෑව නම් හොඳයි (නදී)
කිඹුලා මිනිසුන් නොහිතන වෙලාවක නොහිතන විදියට තමයි ප්‍රහාර එල්ල කරන්නේ. මේ ගැන වැටහීම නැති අය ජීවිත වලින්ම වන්දි ගෙවනවා (නි)
අවාසනාවන්ත පුවතක් (නි)
මේ කිඹුලොත් බන්දුල පෙරේරා වගේමයි .මස් කට්ටක් හම්බවෙනවානම් ඕන දෙයක් කරයි.(අ)
මේ කිඹුලගේ වයස, අවුරුදු හතළිහක් විතර වෙනවා නේද? (නි)
බන්දුල පෙරේරා, කරුණාකරලා මාතෘකාවට අදාලව අදහස් දමන්න.අපි මෙතන බලාගෙන ඉන්නේ කවුරුහරි වැදගත් අදහසක් දමාවි කියලා, යමක් ඉගෙනගන්න. ඔබ වගේ බහුබූත දොඩවන්න නොවෙයි.අනෙක මොකද ඔබ ගැහැණු අය ඔයතරම් විවේචනය කරන්නේ..? (නි)
චන්දි අක්කේ ඔයා හොල්මන් දකින්න ආසයිනම් බන්දුල අයියගේ පොටෝවක් ඉල්ලන්න, හැබැයි ඔන්න අපිට නම් බැහැ නුල් බදින්න ඔහේ එන්න (නදී)
මනෝජ් සාජා, ඔබගේ අදහස මම පිළිගන්නේ නැහැ. බන්දුල පෙරේරාව කිඹුලාට සමාන කරන එක කිඹුලට කරන අගෞරවයක් (නි)
චන්දි,බන්දුල පෙරේරාගේ පරණ ෆොටෝ එකක්නම් මගේ ගාව ඇති. නමුත් මිනිහා ඉතාලියට ගියාට පස්සේ හමුවුනේ නැහැ. දැන් මිනිහාට හරි සරුලු. දැන් එහෙ අවමංගල්‍ය ආයතනයක මිනි වැන් එක එළවනවාලු. මිනි එම්බාම් කරන්නත් ටික ටික පුලුවනිලු.(නදී)
මේ බන්දුල පෙරේරා නම් ස්ත්‍රී පක්ෂයත් සමග මහා වෛරයක් තියෙනවා, මොකක්ද හේතුව...? ඉල්ලුව දෙයක් නොලබුනාවත්ද....?(අ)
ඇත්තටම මාත් ආසයි කට්ටිය අදුන ගන්න. ඒත් එකෙන් වෙන්නේ අපේ අනන්‍ය තවත් මේ තිරයේ තියෙන රසවත් බාවයත් නැති වෙන එක..මේ තිරයෙන් මම කරන්නේ මතවාදී පහර දීමක්..මටත් මදි නොකියන්න වැදුනත් ඒවා ගැන හිතේ කහටක් නැහැ. අපි නන්නාදුනන නිසා..අපි හදුනා ගත්තොත් මේ දේ කරන්න බැහැ..චන්ද්‍ර මහත්මිය ආසන්නව ඕනනම් හිතා ගන්න ඔය දෙවැනි පින්තුරේ ඉන්න කෙනාට ටිකක් හුරුයි.(අ)
හුනා කියනවා වගේ මම කිවුවා නේද චන්දිට? දැන් අර ඉන්න කකුල් තුනේ ඇලි කිඹුලව බලාගන්න (නි)
ඇයි ඇලි කිඹුලා කියන්නේ?ඌගේ පාටවල වෙනසක් නිසාද ? (නි)
දකුණේ නිල්වලා ගඟේ විශාල කිඔුල්ලු ඉන්නවා. (ස)
ඔස්ට්‍රේලියාව කිඔුල්ලුන්ට හරි ප්‍රසිද්ධයි.එහෙ කිඔුල් ෆාම් පවා තියෙනවා. (ස)
මේ සතාගේ හමෙන් හදන සපත්තු, බෑග් වගේ දේවල් විදේශිය වෙළඳ පොලේ විශාල මිලකට අලෙවි වෙනවා. (ස)
රූපවතී !! මට චන්දි අක්කා කියන්න එපා . මම මේ පින්තුරේ ඉන්න හැල කිඹුලා වගේ හැල පුරුෂ රත්නයක්!! හැබැයි ඇලි නෙමේ (නදී)
අනං මනං නම් කියවනවා, හැමෝම බලන්න කිඹුලාගේ දකුණු කකුල තියෙනවද කියලා? (නි)