IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


විශ්‍රාම පාරිතෝෂිකය ලැබෙන තුරු මගබලා සිටින විශ්‍රාමිකයෝ

 

  • අලුතෙන් විශ්‍රාම ගිය අයට  පාරිතෝෂිකය ප්‍රමාදයි 
  • සමහර විශ්‍රාමිකයන්ට වසර එකහමාරක්ම පාරිතෝෂිකය නෑ 

රාජ්‍ය සේවයේ යෙදී සිටින සියලු දෙනාට විශේෂිත වරප්‍රසාදයක් වූ විශ්‍රාම පාරිතෝෂික දීමනාව ගෙවීම මාස ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතී. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පසු මාසිකව ලැබෙන වැටුපෙන් භාගයක මුදලක් මාස 24 කින්, ගුණකර ගෙවීම විශ්‍රාම පාරිතෝෂිකය වේ. 


 ‘තෘප්තිමත් විශ්‍රාමික ප්‍රජාවක්’ විශ්‍රාම වැටුප ලබා දීමේ මූලික තේමාව වශයෙන් සඳහන් වේ. 
 සිවිල් විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ ප්‍රතිලාභ වශයෙන් මාසික විශ්‍රාම වැටුප, පරිවර්තික පාරිතෝෂිකය, මරණ පාරිතෝෂිකය, සේවා පාරිතෝෂිකය, දෛනික සේවා පාරිතෝෂිකය, කරුණසහගත දීමනාව, විශේෂ වන්දි හා වන්දි විශ්‍රාම වැටුප වශයෙන් කොටස් 8 කි. 


 එහිදී විශ්‍රාම වැටුප් ලබන්නා විසින් මනාපය පළ කළහොත් හිමිවන අඩු නොකළ මාසික විශ්‍රාම වැටුපෙන් භාගයක මුදල මාස 24 න් ගුණකර ලැබෙන මුදල සේවා පාරිතෝෂිකයයි. මෙම සේවා පාරිතෝෂික මුදල ලබා ගන්නා විශ්‍රාමිකයන්ට මුල් වැටුපෙන් යම් මුදලක් මෙම පාරිතෝෂිකය වෙනුවෙන් අයකර ගනු ලබයි. 
ඒ අනුව උදාහරණයක් ලෙස වසර 5 ක ස්ථීර සේවා කාලයක් ඇති රජයේ නිලධාරියකුට මූලික වැටුපෙන් 1/2 ක් බැගින් අවුරුදු 5 ක කාලයට ගෙවනු ලබයි. අවුරුදු 10 ක සේවා කාලයක් ඇති රජයේ නිලධාරියකුට මූලික වැටුපෙන් 1/2 ක් වසර 10 ක කාලයකට ගෙවනු ලබයි. 


මේ පාරිතෝෂික මුදල රජයේ සේවකයාගේ හීනයක් වශයෙන් සඳහන් කළහොත් එය නිවැරදි වනු ඇත. එසේ පැවසීමට හේතු වන්නේ මෙම පාරිතෝෂික මුදල යොදවා නිවසක් ඉදි කිරීමට යොද‌ා ගැනීම, විවාහ මංගල උත්සවයකට වියදම් කිරීම, ණයක් බේරීම යනා දී වශයෙන් විශ්‍රාමිකයෝ ජීවිතය හා බැඳුණු ගැටලුවකට විසඳුමක් ලබා ගැනීමට යොද‌ා ගන්නා නිසාය. 


පෞද්ගලික අංශයේ සේවකයාට පාරිතෝෂිතය සමඟ සේවක භාරකාර අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල එකවර හිමිවෙයි. එහෙත් රජයේ සේවයේ විශේෂත්වය වන්නේ ජීවිතය ඇති තුරාම මාසිකව විශ්‍රාම වැටුප හිමිවීමයි. විශ්‍රාමිකයා මිය ගියහොත් ඔහුගේ ඇවෑමෙන් බිරිඳට හෝ පුරුෂයාට විශ්‍රාම වැටුප හිමිවෙයි. 


මේ අවස්ථාව වන විට ගැටලුව වී ඇත්තේ පාරිතෝෂික මුදල ප්‍රමාදවීමය. භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොදීම නිසා විශ්‍රාමිකයන්ට පාරිතෝෂිත මුදල් ලබා ගැනීම සඳහා පෝලිමේ බලා සිටීමට සිදුවී ඇත. එම පෝලිම ඉදිරියට ඇදෙන්නේ ඉබි ගමණිනි. කවද‌ා පාරිතෝෂික මුදල් ලැබේදැයි කිව නොහැකිය. එයට හේතු වී ඇත්තේ කොරෝනා අර්බුදයත් සමග රටේ ආර්ථිකය සීග්‍රයෙන් පහළ වැටීමයි. භාණ්ඩාගාරයට මුදල් නොමැත. එදිනෙද‌ා ප්‍රධාන කරුණුවලට මූලික ස්ථානය ලබා දී ඇති රජය විශ්‍රාමිකයන්ට මුදල් ගෙවීමට ලබා දී ඇත්තේ අඩු ප්‍රමුඛතාවයකි. 


 මේ තත්ත්වය නිසා පහුගිය වසර එකහමාරක පමණ කාලය තුළ විශ්‍රාම ලබා සිටින රජයේ සමහර සේවකයන්ට පාරිතෝෂික මුදල් මෙතෙක් ලබා ගැනීමට නොහැකි වී ඇත. දළ වශයෙන් 20,000 කට අධික පිරිසකට මෙතෙක් පාරිතෝෂිකය නොලැබී ඇති බව දැන ගන්නට ඇත. පාරිතෝෂික මුදල් ගෙවීම සඳහා වර්ෂයකට රුපියල් කෝටි 1000 ක පමණ මුදලක් වැය කිරීමට සිදුවී ඇති බව වාර්තා වේ. 


 විශ්‍රාමිකයන්ට පාරිතෝෂික මුදල් නොලැබීමේ ප්‍රශ්නය හමුවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ද අසරණ වී සිටින බවත් පෙන්නුම් කරයි. 


 මේ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතාගෙන් විමසා බැලුවෙමි. 


මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබුණු වහාම පාරිතෝෂික ගෙවනවා 


විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ 


මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් ලැබුණු වහාම විශ්‍රාමිකයන්ට පාරිතෝෂික දීමනා ගෙවනු ලබන බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතා කියයි. 


 රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින 2000 කට ආසන්න පිරිසකට පාරිතෝෂික දීමනාව ගෙවීම ප්‍රමාද වී ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. 


 විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ආද‌ායම් ලබන ආයතනයක් නොවෙයි. විශ්‍රාම වැටුප් ගෙවීම හා පාරිතෝෂික දීමනා ගෙවීම ඇතුළු සියලු දීමනා ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දෙනවා. ඒ මුදල් ලබාදෙන ආකාරයට පාරිතෝෂික මුදල් ලබා දීම සිදු කෙරෙනවා. දැන් ප්‍රශ්නය වී ඇත්තේ භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් ලබා නොදීමයි. 


අවශ්‍ය මුදල් අපි ඉල්ලා තිබෙනවා. ලැබෙන ආකාරයට මුදල් ගෙවීම් සිදු වෙනවා. මෙවර අපට මුදල් ලැබීමේ ප්‍රමාදයක් තිබෙනවා. එසේ වුවත් මුදල් ලැබුණු වහාම ගෙවීම් කරන නිසා විශ්‍රාමිකයන් බියක් සැකයක් ඇතිකර ගත යුතු නැහැ.’ ඒ මහතා පැවැසීය. 

 

 

 

දයාසීලි ලියනගේ

 



අදහස් (8)

විශ්‍රාම පාරිතෝෂිකය ලැබෙන තුරු මගබලා සිටින විශ්‍රාමිකයෝ

NHS NAWARATHNA Tuesday, 31 May 2022 11:21 AM

මා රජයේ සේවයේ විශ්‍රාමිිකවදැනට අවුරුදු 1/2 කි. පාරිතෝශිකය ලබා ගැනිිමට කල යුත්තේ කුමක්ද?

:       2       1

JA samantha janakaMonday, 15 August 2022 01:04 PM

2021/04/10 මා යුද්ධ හමුදා විශුුාමික. තවම මාගේ පාරිතෝෂික දිමනාව ලැබි නැහැ. මට පසුව පැමිනි ගොඩක් අයවළුන් හට එම දිමනාව ගෙවා ඇති අතර මාගේ එම දිමනාව ගෙවිමට පුමාද ඇයිද යන්න කාරැනිකව මා දැනුවත් කරන්න.

:       1       1

JA සමන්ත ජනක බණ්ඩාර Monday, 15 August 2022 12:23 PM

මම 2021.04.10 විශුුාම ගියේ. මට පස්සෙ ආපු අයටත් ගෙවා අවසන්. ඇයි මට තාම ප්‍රමාද මහත්මයා. අනේ කරුනාවෙන් මෙි සැබදිව සොයා බලන්න. අවු 22 රට වෙනුවෙන් කැපවි තාමත් මට පාරතෝසිත දිමනාව නැහැ. ඒත් මට පස්සෙ විශුුාම ආ අයටත් මෙිවනවිට ගෙවා අවසන්.

:       5       2

P.M.A.Gunawardena Friday, 02 September 2022 12:34 PM

2021.4.30 විශ්‍රාම ගිය මට මුල් වැටුප් ලැබුනේ 2021.11. (නොවැම්බර්) මාසයේය. වසර 29ක් ගුරු සේවයේ සිට අවු 55න් විශ්‍රාම ගියේ පුද්ගලික අවශ්‍යතාවකටය. දරුවගේ අධ්‍යාපනයට වියදම් කිරීමට දැනටත් ණය වී හමාරය. ගුරුවරුන්ට වැඩිකල වැටුපද මට අහිමි විය. කරුණාකර හැකි ඉක්මනින්ම පාරිතෝෂිකය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

:       4       1

I h n ananda Wednesday, 21 September 2022 01:15 PM

මම විශ්‍රාම ගොස් වසරකුත් මාස තුනක් ගතව ඇත එහෙත් මා හට මෙතෙක් පාරිතෝෂිකය ලැබී නොමැත.

:       3       3

Saman J Ranasinghe Monday, 12 December 2022 09:31 AM

ණය බරින් මිදෙන්න විශ්‍රාම පාරිතෝෂිකය ලැබෙනකම් බලාගෙන ඉන්නවා

:       0       0

AGAN Wimalarathne Friday, 23 December 2022 09:44 AM

කුරිරැ යුද්ධය අවසාන වන තෙක් දුක්විඳ දරැවන්ට නිවසක් දියණිය ට විවාහය ගැන බලාපොරොත්තු මැද ජිවත් වෙන බැවින් ඇවැසි ඉදිරි කටයුතු සිදුකර දෙනමෙන් කාරැණිකව ඉල්ලා සිටින විශ්රාම සෙබලෙකු

:       0       2

නන්දන Saturday, 06 May 2023 10:05 AM

පරිතෝෂික ලැබෙන දිනය කවදාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4728 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 106 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 112 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 159 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 875 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 265 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 81 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 119 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 879 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site