දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන මෙවරත් මාතලේ දිස්ත‍්‍රික්කයේ, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මෙන්ම පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ ගොවීහු ලොකු ළුෑණු වගාව ආරම්භ කළහ. 


විශාල මුදලක් වියදම් කොට බිම් සකසා ලොකු ළුෑණු වගාවට පෙර ඔවුහු බීජ තවාන් දැමුහ. එහෙත් නොසිතූ පරිදි වැස්ස වලාහක දෙවිඳුන් ගොවීන්ට හරස් වී රට පුරා වියළි කාලගුණ තත්ත්වයක් පැවතුණි. ලොකුළුෑණු ගොවීහු තමන්ට හැකි පරිදි වගා ළිං කපා ගනිමින් වතුර සොයා දේශීය ලොකු ළුෑණු වගාව ආරම්භ කළහ. එමෙන්ම විවිධ ලෙඩ රෝග රැසක් මෙවර ලොකු ළුෑණුු වගාවට එක්වීමද විශේෂත්වයක් විය. 

පෙර වර්ෂවලට වඩා සියයට අනූවකින් මෙවර ලොකු ළුෑණුු වගාව පහත වැටී තිබීම විශේෂත්වයකි. විශාල මහන්සියක් වී අස්වැන්න නෙළීමට ඔන්න මෙන්න තිබියදී එකවරම ලොකු ළුෑණුු වගා ප‍්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් පතිත වන්නට විය. ඒත් සමග නෙළීමට තිබූ අස්වැන්නත් නෙළමින් තිබූ අස්වැන්නත් වර්ෂාවට අසුවීමෙන් ලොකු ළුෑණුු අස්වැන්න විනාශ වන්නට පටන් ගත්තේ ගොවීන්ගේ දෑස් වලින් කඳුළු වගුරවමිනි. 


එසේ ඉතා අපහසුතාවෙන් නෙළාගත් අස්වැන්න වෙළෙඳ පොළට රැගෙන ගියද ඒවා අලෙවි වූයේ වැහි ළුෑණූු නමිනි. ඒ කිලෝවක් රුපියල් තිස් පහක් හතළිහක් හෝ අවම මිලකටය. ලොකු ළුෑණු වගා බිම් විනාශය දැක දුක ශෝකය දරා ගැනීමට නොහැකිව ගොවියකුගේ ජීවිතය ද හානිකර ගැනීම ද මෙවර කන්නයේ විශේෂත්වයකි. 


මෙම සිද්ධියත් සමග දේශීය ලොකු ළුෑණුු වෙළඳපළ ආකර්මණ්‍ය කරන්නට ද විය. රටවල් හතකින් පමණ වෙළඳ පොළට ලොකු ළුෑණුු තොග විශාල වශයෙන් ලැබී තිබිණි. 


ව්‍යාපාරිකයෝ ඉතා සූක්ෂම ලෙස දේශීය ලොකු ළුෑණුු ගොවීන්ගේ අස්වැන්න රුපියල් 35, 40, 45, ආදී මිල ගණන්වලට මිලදී ගැනීම සිදු කළහ. මේ පිළිබඳව ජනමාධ්‍ය මගින් හෙළිදරවු කිරීමත් සමග ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ පිළිබඳ ව අවධානය යොමු කොට විදේශ රටවලින් ගෙන්වන ලොකු ළුෑණු සඳහා 100% ක බද්දක් පනවන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 


ඒ වනවිටත් දේශීය ලොකු ළුෑණු තොගවලින් ව්‍යාපාරිකයන්ගේ ගබඩා පිරී ඉතිරී ගොස් තිබුණු අතර දේශීය ගොවියාගේ ලොකු ළුෑණු තොග ද බහුතරයක් පැවතියේ ව්‍යාපාරිකයන් සතුවය. 


 ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයත් සමග දේශීය ලොකු ළුෑණු එකවරම මිල ඉහළ දැමීමට ව්‍යාපාරිකයෝ කටයුතු කළහ. එ්ත් සමග දේශීය ලොකු ළුෑණුු මිල ද රුපියල් හැටපහත් අසුවත් අතර මිලක් ඉහළ යන්නට විය. කෙසේ වෙතත් මේ දිනවල දේශීය ලොකු ළුෑණුු කිලෝ එකක මිල රුපියල් 140 දක්වා මිලක් පවතී. එහෙත් බහුතරයක් පවතින්නේ ව්‍යාපාරිකයන් අතර බව ගොවීහු කියා සිටිති. 


විදේශීය ලොකු ළුෑණු සඳහා 100%ක බදු මුදලක් පනවන ලෙස ජනාධිපතිවරයා නියෝග කළ ද නිලධාරීන් එම නියෝගය ක‍්‍රියාත්මක නොකොට ව්‍යාපාරිකයන්ගේ හිතුමතේට වැඩි මිලට ලොකු ළුෑණුු අලෙවි කිරීම සිදු කිරීමද විශේෂත්වයකි. 


දේශීය ලොකු ළුෑණුු ගොවියකු වූ ගලේවෙල පදිංචි කේ.බී. ධනපාල මහතා සිය අත්දැකීම් මෙසේ විස්තර කරන්නට විය. 


‘‘ආයෙ කවදාවත් මම ලොකු ළුෑණුු වගා කරන්නේ නැහැ. මේක මට විතරක් වෙච්ච දේකුත් නෙවෙයි. සෑම ගොවියකුටම මේ සැරේ සිද්ධ වුණේ පුදුමාකාර විනාශයක්. ස්වභාව ධර්මයෙන්ම තමයි අපිට මේ වින්නැහිය කළේ. දුක් මහන්සිවෙලා අත කනකර බඩු උගස් තියලා රටට ණය වෙලා තමයි ළුෑණු වගාව කළේ. වගාව ආරම්භයේ දී ම අපිට නියඟයෙන් බැට කන්නට සිද්ධ වුණා. ඒ වගේම අතරමග දී විවිධ ලෙඩ රෝග බෝ වෙලා ඒවගෙනුත් බැට කන්න සිද්ධ වුණා. ලොකු ළුෑණුු අස්වැන්න නෙළනකොට වැහි කෝඩයක් ඇල්ලුවා. ඉතිරි වූ අපේ ලොකු ළුෑණුු ව්‍යාපාරිකයන් අතට ගියාට පස්සේ මිල ඉහළ ගියා. පාරිභෝගිකයටත් නෑ. අපිටත් වාසියක් නෑ. මේවා කියන්න කිසිම කෙනෙක් නෑ. මම කිසිම දවසක ලොකු ළුෑණුු වගා කරන්නේ නෑ.” 


ගලේවෙල, සිගිරිය, දඹුල්ල, ගල්කිරියාගම, හබරණ, නාඋල, දේවහුව, ආදී ප‍්‍රදේශවල වැඩි වශයෙන් ලොකු ළුෑණුු වගාව විනාශ වෙමින් පවතින බව ගොවීහු පෙන්වා දෙති. 


අස්වනු නෙළීමට ආසන්න ව පවතින ලොකු ළුෑණුු වර්ෂාවත් සමග එකවර පිළිස්සී කුණු වී යන බවත් පවසති. බොහෝ ගොවීන් කියා සිටියේ ලොකු ළුෑණුු අස්වැන්න නෙළා වගා බිමෙන් ඉවත් කිරීමට සූදානම්ව තිබියදී වර්ෂාව පතිත වී සියලූ වගාව විනාශ වූ බවය. 


කුඹුරු හෙක්ටයාර් 3500 ක ලොකු ළුෑණුු වගාව මාතලේ, කුරුණෑගල, පොළොන්නරුව, අනුරාධපුර යන දිස්ත‍්‍රික්කවල වගා කළ ද මෙවර එම ප‍්‍රදේශවල වගා කර ඇත්තේ හෙක්ටයාර් 85ක පමණ අවම ප‍්‍රමාණයක් බව කෘෂිකර්ම බලධාරීහු පවසති. 


කෙසේ වෙතත් කනකර බඩු උගස් කොට බැංකුවලට සහ පුද්ගලික වෙළඳුන්ට ණය වී වගා කළ ළුෑණුු අස්වැන්න මෙයාකාරයෙන් විනාශ වීම ස්වභාවික විපත්තියකි. විනාශ වීම පිළිබඳව රජයේ කඩිනම් අවධානය යොමු කොට මෙම ගොවීන්ට සහනයක් ලබා දෙන්නැයි ගොවි නියෝජිතයෝ ඉල්ලීමක් කර සිටිති. 


එමෙන්ම මෙවර ළුෑණු වගාව හා ගොවින් පිළිබඳව විශාල හඬක් නැගුවේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මෙසේ පැවසීය. 


සීයට සීයක් ආනයනික ලොකු ළුෑණුු වලට බද්දක් ගහලා ආණ්ඩුව කළේ අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වැහුවා වගේ වැඩක්. දඹුල්ල ගබඩාවල ආනයනික ලොකු ළුෑණුු පුරවලා තියෙන්නේ. ඉන්දියාව, පකිස්තානය ඇතුළු රටවල් ගණනකින් ගෙනාපු ළුෑණුු ඇසුරුම්වල පැළ වෙලා. මාස දෙකකට පමණ කලින් ගෙනාපු ළුෑණුු තමයි මෙහෙම වෙලා තියෙන්නේ. මේ ගෙනාවේ ඉතාමත්ම අඩු මිල ගණන්වලට රුපියල් 25ට 30ට වගේ. දේශීය ගොවි අස්වැන්න මේ වන විට සියයට අනූවකට වඩා ගලවලා අවසන්. ගොවි ගෙවල්වල තියාගෙන ඉන්නවා සැලකිය යුතු ප‍්‍රමාණයක්. ව්‍යාපාරිකයා ඉතාමත් අඩු මුදලට මිලදී ගෙන ඒවා ද කම්කරුවන් දාලා තෝරලා ගබඩා කරලා තියෙනවා. 


දැන් ළුෑණු තියෙන්නේ ව්‍යාපාරිකයාගේ ගබඩාවල. ළුෑණුු ආනයනය කරන අය කීප දෙනයි ඉන්නේ. මෙන්න මේ අය ළඟ තමයි ලොකු ළුෑණු තොග තියෙන්නෙ. දැන් සීයට සීයක බද්දක් ගහනවා කියපු කතාවේ පමණක් වාසිය ගත්තේ මේ ව්‍යාපාරිකයන්. ගොවින්ට වාසිය එන්නේ නෑ, පාරිභෝගිකයන්ටත් වාසියක් එන්නෙත් නැහැ”. 


 ”විදේශ රටවලින් කුණු අල ගෙනල්ලා තෝරනවා. පිටරටින් ගෙනාපු කුණු ළුෑණු තෝරනවා, නැව් නැඟලා ලංකාවට ගේනවා මේවා පරීක්ෂාවට ලක් වෙන්නේ නැද්ද? කවුද මේවා පරීක්ෂාවට ලක් කරන්නේ? මේවා පරීක්ෂාවට ලක් කරන ආයතන කීයක් තියෙනවද. පාරිභෝගික අධිකාරිය ඉන්නවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉන්නවා පරීක්ෂාවට ලක් වුණේ නැද්ද. කියලත් සොයා බලන්න” 


” ළුෑණුු ගොවියෝ වහ බීල මැරුනේ රට හැමතැනටම ණය වෙලා. මෙවර ලොකු ළුෑණු ගොවීන්ට පැති දෙකකින් අවාසි වුණා. රෝගයක් ඇවිල්ලා අවාසි වුණා ඒ විතරක් නෙවෙයි වරුසාවෙන් ළුෑණුු ගොවියෝ නැත්තටම නැති වුණා” 


අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ මේ අයවැය මගින් මේ ළුෑණු ගොවින් ලබාගත් වගා ණය අඩක් හෝ කපා දමා සහනයක් සලසන ලෙසය. ඒ වගේම බැංකුවලින් තවමත් හදන පොලිය නවතා දමන්න. ආණ්ඩුව පොරොන්දු වූ වගා වන්දි ගෙවන්න කියලයි. ගොවීන්ගේ ජිවිත බිල්ලට ඉල්ලන්න එපා කියලා.” 


දේශීය ලොකු ළුෑණු බීජ ගොවියා පත්වී ඇත්තේද මෙවන්ම වූ ඉරණමකටය. 


මේ තත්ත්වය ගැන අපට කීවේ ලොකු ළුෑණු බීජ ක්‍රමය මුලින්ම හඳුන්වා දුන් සිගිරි​ෙය පදිංචි. පී. ජී. තිලකරත්න : ‘‘මම තමයි මේ ළුෑණු වගා​ෙව මුල සිටම සිටියේ. මේ බිජ වගාව හඳුන්වා දුන්නා, රජයේ සහන අරගෙන බීජ වගා කළා. දැන් මේ බීජ ටික ගෙවල්වල තියාගෙන ඉන්නවා. කිසිම වැඩපිළිවෙළක් නැහැ. මේ ගොවීන්ගේ ප‍්‍රශ්නය විසඳුම් නැතිව මෙදා කිසිම කෙනකුට ඡන්දය ඉල්ලන්න ගමට එන්න දෙන්නේ නැහැ.” 


මොකද අපි තමයි මේ ආණ්ඩු පත් කළේ. අපි හිතාගෙන හිටියේ දඹුල්ලේ ලොකු ළුෑණු ගොවීන් හොඳ තැනකට ගෙන එයි කියලා. අපි සතුටු වුණා කෘෂිකර්ම රාජ්‍ය ඇමති අපේ දිස්ත‍්‍රික්ක​ෙයන් බිහිවුණාට. ඒ වගේම තමයි කෘෂිකර්ම අනිත් ප‍්‍රධාන ඇමතිතුමා ඉන්නෙත් අනුරාධපුර දිස්ත‍්‍රික්ක​ෙය. හැබැයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ අද මේ අයගෙන් වැඩ ගන්න නෙවෙයි කඳුළු බිබී ඉන්න. ලොකු ළුෑණුු ගොවියෝ කියන්නේ කාටවත් අතපාන හිඟාකන අය නෙවෙයි. එදා ඉඳලම අතමිට හොඳට සරු කර ගත්තා දුක් මහන්සි වෙලා. හැබැයි අද වෙලා තියෙන්නේ ලොකු ළුෑණු ගොවීන් වඩා පහත් තත්ත්වයට වැටීම. ඒ නිසා අපි විශේෂයෙන් බලධාරීන්ට කියා සිටින්නේ අපිත් හොඳ එක්සත් ජාතික පාක්ෂිකයෝ. හැබැයි මේ සැරේ අපේ ලොකු ළුෑණු ගොවීන්ට වන්දි දෙන්නෙ නැතුව කිසිම ආකාරයකින් අපේ ගමට ඡන්දයක් නම් ඉල්ලන්න එන්න එපා දෙන්නෙත් නෑ” 


ලොකු ළුෑණු ගෙවිලියක වූ නදීකා මල්කාන්ති මහත්මිය : ‘‘ලක්ෂ දහයක් විතර වියදං කරල තමයි ලොකු ළුෑණු වගාව කළේ. අඩුම තරමේ ළුෑණුු ගෙඩියක් වත් මට විකුණගන්න බැරි වුණා. මම බැංකු වලට විතරක් ලක්ෂ හතක් ණයයි. එක පාරටම වරුසාවක් ඇවිල්ලා මේ සියල්ලම විනාශ වුණා. මට ගෑනු ළමයි හතර දෙනෙක් ඉන්නවා. අද එක වේලක් කන්න බැරි තත්ත්වයට අපි පත්වුණේ. ණයකාරයෝ ගෙවල් වලට එනවා බැංකු වලින් මුදල් ගෙවන්න කියලා ලියුම් එවනවා. කරන්න දෙයක් නැහැ. ළමයින්ට කන්න දෙන්න විදිහක් නෑ. ළමයි ටිකටත් වසදීල අපිත් වස බොන්න තමයි වෙන්නේ. 


‘‘දේශීය ලොකු ළුෑණු අස්වනු නෙළන්න පටන් ගත්තා විතරයි ඉතා අඩු මිල ගණන් යටතේ වෙළෙන්දෝ ඔක්කොම අපෙන් උදුර ගත්තා. අපි මේක මාධ්‍ය මගින් කියනකොට එකපාරටම ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ විදේශ රටවලින් ගෙන්වන ළුෑණුු වලට රුපියල් සීයක බද්දක් ගහනවා කියලා. ඒ ප‍්‍රකාශයත් එක්ක ගොවීන් ළඟ තිබුණු සියලු ලොකු ළුෑණු තුට්ටු දෙකට අරගෙන ඉවරයි. අන්තිමට අඩු මුදලට ගෙන ආපු පිටරට ළුෑණු ගණන් ඉස්සුවා, අද ලොකු ළුෑණු කිලෝ එකක් රුපියල් 150කට විකුණනවා. අපෙන් රුපියල් විස්සට තිහට ගත්තු ළුෑණු, හැබැයි ජනාධිපතිතුමා කියපු විදිහට ළුෑණු වලට බද්දක් ගැහුවෙත් නැහැ. ඒ ප‍්‍රකාශය දඩමීමා කරගෙන තමයි මේ මාෆියාව සිද්ධ වුණේ. 


දේශීය ලොකු ළුෑණුු බීජ වගා කළ රංජිත් බණ්ඩාර දිසානායක : ‘‘කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උදව් අරගෙන තමයි අපි ලොකු ළුෑණුු බීජ ව්‍යාපෘතිය ආරම්භ කළේ. කන්න ගණනක්ම අපට රජයෙන් කිවුවේ උදව් කරන්නම් දේශීය ලොකු ළුෑණුු බීජ නිෂ්පාදනය කරන්න කියලා. ලංකාවේ පළමුවෙනිම දේශීය ලොකු ළුෑණුු බීජ ගම්මානයත් අපි තමයි නිර්මාණය කළේ. අද වන විට දේශීය ලොකු ළුෑණුු බීජ අපි නිෂ්පාදනය කරලා ගෙවල් වල තියාගෙන ඉන්නවා” 
 ‘‘මේවා විකුණන්න මිලදී ගන්න කෙනෙක් නැහැ. රජය මැදිහත් වෙන්නෙත් නැහැ. දැන් මේ ලොකු ළුෑණුු බීජ අපිට අග්ගල කන්නද කියන්නේ. අපි පුදුමාකාර විදියට මහන්සිවෙලා ණයවෙලා තමයි ලොකු ළුෑණුු බීජ නිෂ්පාදනය කළේ. ලොකු ළුෑණුු බීජ කිලෝවක් රුපියල් දහ අට දාහක් විතර වෙනවා. දැන් මේවා ගෙදර තියාගෙන කන්න දෙකක් වෙනවා. 


‘‘කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කිවුවට වැඩක් නෑ, වෙළඳපොළක් නෑ, අවසානයේදී අපි ණයකාරයෝ බවට පත්වෙලා ලොකු ළුෑණුු බීජ ටික තියාගෙන ඉන්ඩ සිද්ධ වෙලා.” 


මේවා කියන්න කෙනෙක් නෑ. ආයෙ කවදාවත් ලොකු ළුෑණුු හදන්න හීනෙන්වත් මං නං හිතන්නේ නැහැ. මොකද මේ වගේ අපරාධයක් අපිට සිද්ධ වුණේ අපේ වරදින් නෙවෙයි.”

 

 

 

 

 

 

 

 

 

 


සටහන හා ඡායාරූප :
දඹුල්ල කාංචන කුමාර ආරියදාස