මරණාසන්න මනෝ සංඥා
නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් එකට දියේ ගිලී මරණයට පත්වූ පුවතක් මීට වසර කිහිපයකට උඩදී අගලවත්තෙන් වාර්තා විය. ඉන් එක් තරුණියක් සරසවි සිසුවියක වූ අතර අනෙක් තරුණිය ගුරු පත්වීමක් අපේක්ෂාවෙන් රැකියාවක නියැළීමට බලාපොරොත්තුව සිටියාය. ඔවුන්ගේ මරණය සිදුවීමත් ඔවුන් තුළ තිබූ හැසිරීම් රටාවලත් මනෝ සංඥා රැසක් ඇතුළත් වී තිබිණි. ඒ පිළිබඳ පූර්ණ පර්ෙය්ෂණයක් පැවැත්වීමට අපට අවස්ථාව ලැබිණි.
නැව් සංස්ථාවේ සේවය කළ මහින්දානන්ද මහතා සහ පුෂ්පා මහත්මියගේ දියණියන් දෙදෙනකු ලෙස උපත ලැබූ නිවුන් දැරියන් දෙදෙනාට නම්දී තිබුණේ චලුනි විද්‍යා සහ පියුමි නිත්‍යා යනුවෙනි. එක් දියණියක් අනෙක් දියණියට වඩා වැඩිමහල් වූයේ විනාඩි පහක සුළු වේලාවකටය. විවාහයෙන් පසු ඉමහත් ආශාවෙන් දරු උපතක් බලාපොරොත්තුව සිටි එම යුවලට නිවුන් දරු දෙදෙනා ලැබුණේ 1992 අප්‍රේල් 22 බදාදාය.
ඔවුන් පදිංචිව සිටි නිවසට තරමක් දුරින් ජලය ගලායන දොළක් පිහිටා තිබුණි. නිවසේ ජල පහසුකම්ද නොඅඩු විය. එම දරුවන් මව්කුස සිටියදී මවට ඇතිවූ ආශාවක්ද අතිශය පුදුම උපදවනසුලු විය. එනම් එම දොළෙන් ගෙනෙන ජලය පානය කිරීමත් එම ජලයෙන් ස්නානය කිරීමත් ඇගේ සිරිත විය. නිවුන් දරුවන් එකිනෙකාට ඉමහත් බැඳීමක් දැක්වීම සාමාන්‍ය සිරිතය. එහෙත් මෙම නිවුන් දැරියන් දෙදෙනා තුළ තිබුණේ අසීමිත සෙනෙහසකි. එකිනෙකාට ඔවුනොවුන් නොදැක සිටීම පවා අසීරුවිය.
දොළ පිහිටි ප්‍රදේශය තරමක පාළු බවක් ඇති නිසා තම දියණියන් ස්නානය සඳහා එහි යාම පිළිබඳව මව එතරම් කැමැත්තක් නොදැක්වූවාය. ඔය දෙන්න තනිවම දොළේ නාන්න යන්න එපා මව ඔවුන්ට නිතර කීවාය. අපි ඉපදුනෙත් එකට මැරෙන්නෙත් එකට. යයි ඒ හැම විටකම ඔවුන්ගේ මුවින් පිටවන වදන බවට පත්වී තිබිණි.
පළමු ශ්‍රේණියේ සිට මෙම දැරියන් දෙදෙනා එකම පාසලක අධ්‍යාපනය ලැබූ අතර ඔවුන් දෙදෙනාගේම විෂයන්ද එක සමාන විය. පාසලේදී වුවත් ඔවුන් දෙදෙනාට සිටි මිතුරන් වූයේද එම දෙදෙනා පමණි. අන් දරුවන් සමඟ කතා බහට වුවද ඔවුන් උනන්දු නොවීය. මේ තත්ත්වය ගුරුවරුන්ටද බලවත් ගැටලුවක් වී තිබිණි. නිවසට පැමිණි වේලේ සිටද ඔවුන් එකටම සිටීමට දැඩි ආශාවක් දැක්වූහ.
නිවුන් සොයුරියෝ කුඩා කල මව සමග
ගෙදර දොර වැඩවලදීද මවට උදව් වීමට දෙදෙනාම එක්ව ක්‍රියා කිරීමටද ඔවුන් පුරුදුව සිටියහ. 2012 වසරේදී අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔවුන් දෙදෙනාගෙන් චලුනිට සරසවි වරම් ලැබුණ නමුත් විභාගය සමත්ව සිටියද පියුමිට සරසවි වරම් නොලැබිණි. ඇගේ බලාපොරොත්තුව වූයේ ගුරු වෘත්තියේ නියැළීම සඳහා ගුරු අභ්‍යාස විද්‍යාලයකට ඇතුළත් වීමටය.
තම සොහොයුරිය ඇගෙන් ටික දිනකට හෝ ඉවත්ව යාම පියුමිට දැරිය නොහැකි වූවාය. චලුනි සරසවියට ගියද ඉඩක් ලද විගස නිවසට ඒමට පුරුදුව සිටියාය. සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම ඇය තම සොයුරිය හමුවීමට නිවසට ඒමද සිරිතය. බොහෝ විට දෙදෙනා එක්ව පින් දහම් කිරීමටද පුරුදුව සිටියහ. නිවසේ තනාගත් බුදු මැදුරට මල් පහන් පූජා කිරීමත් සතර පෝයටම සිල් සමාදන්වීමත් ඔවුන්ගේ ආගමික චාරිත්‍රය බවට පත්ව තිබිණි.
අපි දෙදෙනා ඉපදුනෙත් එකට මැරෙන්නෙත් එකට යයි දෙදෙනාම සිය මව සමඟ නිතර නිතර ප්‍රකාශ කරන්නට වූහ. නිතරම ස්නානය කිරීමටද පුරුදුව සිටි මෙම තරුණියන් දෙදෙනාට නිවසේ ජල කරාමවල ගැටලුවක් ඇතිවීම නිසා ස්නානය කිරීමේ අපහසුබවක් වරක් ඇතිවිය. මේ නිසා ස්නානය කිරීම සඳහා නිවසට නුදුරුව පිහිටා තිබුණු දොළ වෙත යාමට ඔවුහු උනන්දු වූහ.
දොළ පිහිටි ප්‍රදේශය තරමක පාළු බවක් ඇති නිසා තම දියණියන් එහි යාම පිළිබඳව මව එතරම් කැමැත්තක් නොදැක්වුවාය. ඔය දෙන්න තනියම නම් දොළට නාන්න යන්න එපා. මම නම් ඒකට කැමැති නැහැ. මව නිතර ඔවුන්ට කියා සිටියාය. අපි දෙන්න ඉපදුනෙත් එකට මැරෙන්නෙත් එකට යයි ඒ හැම විටෙකම ඔවුන්ගේ මුවින් පිටවෙන වදන බවට පත්විය.
දිනක් නෑමට ගිය ඔවුන් දෙදෙනා නිවසට පැමිණ මව ඇමතූහ. ‘අම්මා දන්නවද වැඩක්. අපි දෙන්නා අද හරි වැඩක් කළා. අපි නනා ඉන්න ගමන් මෙන්න අපි ගිලෙනවෝ කියලා කෑගැසුවා. ඉතින් මිනිස්සු දුවගෙන ආවා. අපි හොඳට හිනාවුණා. මිනිස්සු මොනවද කියල යන්න ගියා’ යයි පැවැසූහ.
චාලුනී සහ පියුමි
එම සිදුවීමෙන් පසු සතියක් ගතවුණි. සරසවියේ සිටි චලුනි නිවසට පැමිණීමට ඇගේ කාමරයෙන් ඒමට ප්‍රථම එය සකස් කළාය. වෙනදා ඇගේ පොත් පත් සියල්ල ඇති සැටියෙන් තබා ඒම සිරිත වුවත් එදින සියල්ල ඉතා හොඳින් පිළියෙල කර තැබීය. 2015 වසරේ අගෝස්තු 1 වැනිදා නිවසට පැමිණි චලුනි තම සොහොයුරිය සමඟ ස්නානය කිරීමට යාමට සූදානම් වූවාය. ඒ වනවිට වේලාව සවස පහ පමණ වී තිබිණි. මව නිවසේ නාන කාමරයේ ස්නානය කරමින් සිටියාය. ඒ අතර දියණියන් දෙදෙනා නෑමට යාමට පිටත් වූහ.
ස්නානය කර අවසන්වූ මව නිවසේ පුටුවක් මත විවේකීව සිටියාය. ඇය නොදැනුවත්වම නින්දට පිවිස තිබිණි. ඇය අවදිවෙනවිට ඇඳිරි වැටී තිබිණි. වේලාව රාත්‍රි හත පමණවිය. ඒ වෙන විටත් දියණියන් දෙදෙනා නිවස වෙත පැමිණ නොසිටි නිසා ඔවුන් ස්නානය කළ ස්ථානය වෙත යාමට තීරණය කළ ඇය අසල් වැසියෙක්ද සමගින් එහි ගියාය.
දියණියන් දෙදෙනා දක්නට නොලැබිණි. දැඩි පරික්ෂාවට ලක්වූ ඔවුන්ට දක්නට ලැබුණේ ස්නානය කිරීම සඳහා ගෙන ගිය රෙදි දැමූ බැගය දොළ අයිනේ තබා ඇති බවය. දැඩි ලෙස කම්පනයට පත්වූ අසල්වැසියන්ද එකතුව ඔවුන් සෙවීමේ නිරත වූහ. අවසානයේ දියේ ගිලී සිටි තරුණියන් දෙදෙනාගේ සිරුරු දක්නට ලැබිණි. දෙදෙනාම එකට ගුළි වී මරණයට පත්වී තිබිණි.
මරණ පරීක්ෂණයේදී ඔවුන් දියේ ගිලී සිදුවූ මරණ ලෙස අනාවරණය විය. මෙම නිවුන් සොයුරියන් දෙදෙනාගේ මරණ සිදුවීමත් ඔවුන් තුළින් දක්නට ලැබුණු මනෝ සංඳා පිළිබඳවත් කරන ලද විමර්ශනයේදී පැහැදිලි වූ කරුණු කිහිපයක් තිබේ. ඉන් පළමු වැන්න වූයේ දෙදෙනාම එකට මිය යන බැව් නිතර නිතර ප්‍රකාශ කිරීමය.
දෙවැන්න මරණය සිදුවීමට සතියකට පෙර ඔවුන් දියේ ගිලෙන බව හඬ නගා ප්‍රකාශ කිරීමය.
තෙවැන්න වූයේ චලුනි සරසවි නේවාසිකාගාරයේ ඇගේ කාමරයෙන් පිටවූ දින එය කලකට නො එන පරිදි සකස් කර තැබීමය. ඒ බැව් දක්නට ලැබී ඇත්තේ ඇගේ මරණින් පසු බඩු බාහිරාදිය රැගෙන ඒමට පියා එහි ගිය විටදීය. නේවාසිකාගාරයේ පාලකවරියද පැවැසූ පරිදි චලුනි ඊට ප්‍රථම කිසිදිනෙක ඒ අයුරින් කාමරය සකස් කර තිබෙනු ඇය නොදැක තිබීමය.
මෙම නිවුන් සොහොයුරියෝ 1992 අප්‍රේල් 20 වැනිදා උපත ලැබූ අතර මෙලොව හැර යන විට 23 වැනි වියේ පසු වූහ. නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් මගින් මනෝ සංඥා අනාවරණය වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිදුවීම ලෙස ඔවුන්ගේ කතා පුවත පර්ෙය්ෂණ අතරට එක්වී තිබේ.
තිස්ස ජයවර්ධන
නවසීලන්තය බලාගිය ශ්‍රී ලංකා කණ්ඩායම මෙවරද විස්සයි20 සහ එක්දින තරගාවලි දෙකම පරාජයට පත්වී නැවත පැමිණියේය.
ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගනිමින් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීමට ප
සැමියාට තුවාල සිදුවීම ද පුතුගේ වියෝව ද හමුවේ නෙලීකා තුළ වූ අසීමිත පීඩනය ඇයට දරාගත හැකි සීමාවක නොවීය.
සති දෙකක් තිස්සේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ළැව්ගිනි පැතිරෙයි. ජීවිත බිලි ගනිමින්, නිවාස සහ දේපළ වනසමින්, ලක්ෂ ගණනකට උන්හිටිතැන්
පරිසරයේ නිමැවුම් මායාකාරී බව සොබාදහම පිළිබඳ තියුණු නිරීක්ෂකයෙකුට පසක් කරගත හැකි පරම සත්‍යයයි.
මිහිපිට ජීවත් වන මිනිසා ඇතුළු සියලු සත්වයින් හට ජීවය සදන්නේ ගස්වැල්ය. ගසකට තරම් අයිතියක්, උරුමයක් වෙනත් කිසිවකුට නොමැත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මරණයේ සංඥා රැසක් හෙළිකළ නිවුන් සොයුරියෝ