මහා ඇලෙක්සැන්ඩර් යුගය සැලකෙන්නේ ක්‍රි.පූ 4 වැනි යුගයේ තෙක් ඈත අතීතයට විහිදී යන්නේ ඉතිහාසයේය. මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් වරක වීදුරුවලින් වටව අඩියක් ඇති අමුතුම නිර්මාණයක් කරන ලද්දේ තනිකර වීදුරුවෙනි. අඩි 12ක පමණ උසින් යුතු එම බැරලයක් වැනි කුටියට වතුර ඇතුළට කාන්දු නොවන ලෙස සකසා තිබුණි. මේ වීදුරු කුටිය මුහුදට ගිල්ල වූ මහ ඇලෙක්සැල්ඩර් රජතුමා මුහුදු යටින් ගොස් මේ අමුතු මුහුදයට ලෝකය දකින්නට උත්සහ කළේ යුද කටයුතු සඳහා කිමිදුම් කරුවන් ෙයාදා ගන්නේ කෙසේ දැයි පර්යේෂණ කිරීමය.
ඇලෙක්සැන්ඩර් සමඟ ත්‍රිකුණාමල මූදු තීරයේ සැරිසරන තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීමේ වරම පසුගියදා අපටද හිමි විය. නමුත් පොඩි පරහකට තිබුණේ අප සමඟ ගිය ඇලෙක්සැන්ඩර්ට බාලසූරිය නමින් වාසගමක්ද තිබීමය. ඒ අපේ ඡායාරූප ශිල්පී සත් ගුණවත් අලෙක්සැන්ඩර් බාලසූරිය හිතවතාය.
පෘථිවි තලයෙන් 71%කට වඩා ඇත්තේ සාගර ජලයයි. ගොඩබිමට හිමිව ඇත්තේ 29%ක පමණ ප්‍රමාණයක් බව සඳහන්ය. ඒකාලේ නම් පෘථිවියේ ඡායාරූප ගන්නේ අභ්‍යාවකාශයේ සිට සැටලයිට් මගින් ටිකක් භාරදුර කටයුත්තක් ලෙසය. එහෙත් එය අද ගුවනට යවන කුඩා කැමරා සහිත (ඩ්‍රෝන කැමරා) තත්ත්වයට ‘සිල්ලර වී’ තිබේ මේ කෙසේ ගත්තත් අවසානයේ අපට දැකගත හැක්කේ පෘථිවිය නිලෙන් පිරුණු සාගරයක් ඇති ග්‍රහලෝකයක් ලෙසය. ඇතැම් විද්‍යාඥයන් පෘථිවියට මහපොළව (Earth) නොකියා සාගරය (Ocean) ලෙස නිර්වචනය කරන්නේ මේ නිසාවිය යුතුය.
ත්‍රිකුණාමලයේ ප්‍රින්සස් ඔෆ් ලංකා (Princes of lanka) නෞකාවෙන් තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් බලන්නට එන්න අපට ආරාධනය කළේ ශ්‍රීලංකා නාවුක හමුදාවයි. අප සමඟ එහි ගිය පිරිසට විවිධ ගුවන් විදුලි, රූපවාහිනී නාලිකා මෙන්ම පුවත්පත්වල සගයෝද පනහකට ආසන්න පිරිසක් එක්විය.
ප්‍රින්සස් ඔෆ් ලංකා නම් වූ මේ නෞකාව යුද සමයේ යොදා ගෙන තිබුනේ උතුරට හමුඳා භටයන් ප්‍රවාහනයටය. මගින්ට ගමන් කිරීමට මුළුමනින්ම වායු සමනය කළ දෙමහල් යාත්‍රාවේ ආපනශාලාවක් වැසිකිළි, කුස්සියක් මෙන්ම නොමිලේ දුරකථන චාජ් කරගැනීමේ පහසුකම්ද ඇත. නොමිලේ Wifi පහසුකම් නෞකාව තුළ ඇත. මීට අමතරව ඉන්ටර්නෙට්, ඊමේල් මෙන්ම ෆැක්ස් පහසුකම්ද නෞකාව සතුය. නෞකාවේ ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 300කි.
තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් බලන්නට ප්‍රින්සස් ඔෆ් ලංකා නෞකාවට ගොඩ වී ටික වේලාවකින්ම පෙනී ගියේ එය ජීවිතයේ සුන්දර අත්දැකීමක් වනු නියත බවය. හාත්පස නිලට නිලේ ගැඹුරටම පෙනෙන සයුරද පෙනෙන තෙක්මානයේ දර්ශනය වූයේ විවිධ නම් වලින් හැඳින්වුන දූපත්ය. ගමනට එක්වීමේ මුලින්ම සියල්ලන්ටම ආරක්‍ෂක කබායක් පළඳා ගැනීමට සිදුවූයේ ආත්මආරක්‍ෂාවටය. එහි නූලක ගැටගැසූ විසිල් එකක්ද විය. අනතුරකට පත්වී මහා දියඹට වැටුණහොත් ආරක්‍ෂක කබායේ පිහිටෙන් පැය විසිගණනක් මුහුදේ ඔබ මොබ පාවෙමින් ජීවිතාරක්‍ෂාව ලබාගත හැකියි. මෙම ආරක්‍ෂක කබාය ප්‍රතිවර්නික තැඹිලි හා කහවර්ණයෙන් යුක්තය. නාවුක හමුදා නිලධාරියකු පැවසුවේ කුඩා ළමුන් පැමිණි විට විවිධ වර්ණවල ආරක්‍ෂක කබා ඉල්ලන නමුත් මෙම වර්ණ සම්මතයක් බවය. ගැඹුරු මුහුදේ ගිනිකාස්ටක අව්වේ අනතුරකට පත්වුවහොත් උපකාර ඉල්ලා හෙම්බත් වන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. විසිල් එකක් ගැටගසා ඇත්තේ තමා සමීපයෙන් නෞකාවක් හෝ බෝට්ටුවක් ගියහොත් එය පිඹීමෙන් තමන්වෙත ආකර්ෂණය ලබා ගැනීමටය.
ලංකාවේ තල්මසුන් දැකගත හැකි මුහුදු තීරයක් වන්නේ ගාල්ල, පුත්තලම, මඩකලපුව මෙන්ම ත්‍රිකුණාමලයයි. ත්‍රිකුණාමලය වරාය සැලකෙන්නේ ලොව ප්‍රධානතම ස්වභාවික වරායෙක් ලෙසය. මැයි මාසයේ සිට ඔක්තෝම්බර් දක්වා කාලය මේ මසුන් ත්‍රිකුණාමලයේදී දැකගත හැකි වකවානුව ලෙස සැලකේ. විශේෂයෙන් තල්මසුන් තම වර්ගයා බෝ කිරීමට මෙහේ පැමිණෙන බව සාගර විද්‍යාඥයන්ගේ මතයයි. නමුත් පැය දෙකක් පවනේ නිලාවේලි, පරවි දූපත් ආදි නිල් දියඹේ සැරිසැරූමුත් තල්මසකු තබා හාල් මැස්සකුවත් අපට දැක ගත නොහැකි විය. අවසානයේ නාවුක හමුදාවේ නිලධාරින්ගෙන් අපට මේ ගැන අසන්නට සිදුවිය.
‘‘නෑ! නෑ!! කවදාක්වත් තල්මසුයි. ඩොල්පින්ලයි පෙන්නල මිසක් අපි ආපහු ගිහිල්ලා නැහැ. කොහොම හරි පෙන්නනවාමයි.’’
ටික වේලාවකින් යාත්‍රාව කවාකරව ගමන් කොට නැවත ගමන ආරම්භ කළ ත්‍රිකුණාමල තටාකාංගනයේ නාවුල් තුඩුව වෙත පසුබසින්නට විය. ගත වූයේ නිමේෂයකි. මුහුදේ ඩොල්පින් මත්‍ස්‍යයෝ එකා දෙන්නා මතු වී කරනම් ගසන්නට වූහ. මතුපිට සිට බලන විට මේ සුන්දරත්වය දියයට සබ්මැරිනයක සිට බැලුවා නම් කොතරම් සුන්දරද? දියයට කිමිදීමේ සබ්මැරිනය සොයාගන්නේ මීට වසර 241කට පෙර ඩේවිඩ් බුෂ් නම් ඇමරිකානු ජාතිකයාය. එහෙත් සබ්මැරීනය මුලපටන්ම යොදාගත්තේ යුද කටයුතු වලට නිසා නාවික හමුදාවේ යාත්‍රාවෙන් දුටු මනස්කාන්ත දර්ශනයෙන් අප වින්දනයක් ලැබූ බව නම් නොකියා බැරිය.
සාගර අධ්‍යාපනයේදී සැලකිය යුතු වෙනසක් ඇතිකරන ලද්දේ දියයට ඡායාරූප ගැනීම හා චිත්‍රපට රූගත කිරීම් බව නොරහසකි. කපිතාන් ජැක්ඩ් කැස්ටෝ එකල ලෝකප්‍රකට හමුදා ගවේෂකයකි. ඔහු නිපද වූ රූපවාහිනි වැඩසටහනක් වූ ‘‘මුහුදයට ලොව’ (Underseaworld) අසූව දශකයටත් පෙර ඉතිහාසයක් කියයි. අද ද එය අන්තර්ජාලය හරහා නැරඹිය හැකිය. අපට මේ දිය යට කැමරා දර්ශන මතක් වූයේ රන්මුතුදූව චිත්‍රපටය රූගත කළ ස්ථානය අප පසු කර යන විටය. අප සමඟ එක් වූ ප්‍රාදේශීය වාර්තාකාර දිසානායක පවසා සිටියේ එම කදුගැටයේ කෝවිල අසල ගල් තලාවේ සිට මෑතකදීද දරුවකු වඩාගත් මවක දිවි නසා ගැනීමට දියඹට පැන්න බවය. කාලාන්තරයක් තිස්සේ එතැන ‘දිවිනසාගැනීමේ’ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති බව ඔහුගේ මතය විය.
අප සමඟ ගමනට එක් වු නාවුකයකු අප සමඟ කිව්වේ විද්‍යා ලේඛක ආතර් සී ක්ලාක් ඔහුගේ The Deep Range නම් කෘතියේ මත්ස්‍ය ගොවිපලවල් ගැන අපූරු සටහනක් තබා ඇති බවය.
ක්ලාක් පවසා ඇති පරිදි ඊළඟ සියවසේ මත්ස්‍ය ගොවිපලවල් පාලනයට පුහුණු කරනු ලබන්නේ තල්මසුන් සහ ඩොල්පින් මසුන්ය. එමෙන්ම ගොඩබිම සත්වයන්ට වැලදෙන භයානක රෝග මුහුදු සත්ත්වයන්ට නොවැලදීම ගැන
එහි සඳහන්ය. එය මුහුදු පැළැටිවල අපූර්ව ඖෂධීය ගුණයක් ලෙස ක්ලාක් සි රචනය කොට ඇත. මීට දශක හතරකට පමණ පෙර ලෝකේ ඇතැම් රටවල් මුහුදු රළ පහරින් හා මුහුදේ උෂ්ණත්වය වෙනස්කම් උපයෝගී කරගෙන විදුලි බලය නිපදවීමේ පර්යේෂණක නියැළී සිටිෙය්ය. එය හැඳින්වූයේ ඔටෙක් (OTEC) නමින් (Ocean Thermal Energy Conversion) ඔටෙක් බලාගාරයක් පිහිටුවන්නට ලෝක බලධාරීන් එදා ත්‍රිකුණාමලය තෝරාගැනීමෙන්ම ලෝකයේ ත්‍රිකුණාමලය මුහුදට ඇති වටිනාකම ඔබටද වැටහෙනවා නොඅනුමානය.
අප කළ සොයාබැලීමකදී පෙනීගියේ ත්‍රිකුණාමලයේ මේ තල්මසුන් නැරඹීමට ප්‍රධාන උත්තේජකයක් ලැබී ඇත්තේ 1983 දී කොළඹ පවත්වා ඇති සමුළුවකින් බවය. මේ සම්මේලනය හඳුන්වා ඇත්තේ ඉන්දියන් සාගරයේ ජලජ ක්ෂිරපායින් පිළිබඳ අන්තර් ජාතික සම්මේලනය ලෙසය. මේ මත්ස්‍ය සම්පත ගැන ලෝක අවධානයට හේතු වූ කරුණක් ලෙස බොහෝ දෙනා දකින්නේ ‘තල්මසුනි නොවැළපෙනු’ නමින් ප්‍රදර්ශනය වූ චිත්‍රපටයයි.
එහෙත් බොහෝ දෙනා කියන්නේ ත්‍රිකුණාමලයේ මේ තල්මසුන් හා ඩොල්ෆින් මසුන් නරඹන්නට ලෝකයට හදුන්වා ඇත්තේ ඇමෙරිකාවේ නැෂනල් ජ්‍යෝග්‍රැපික් (National Geographic) සඟරාව බවය. මේ සඟරාවේ පිරිස ඇමරිකාවේ සිට පැමිණ ත්‍රිකුණාමලයේ ගත කොට ඇති කාලය මාස 6කි. 1983 දී ඔවුන් පැමින ඇත්තේ ලොව එවකට සිටි දක්‍ෂතම දියයට ඡායාරූප ශිල්පියා වූ නික්ලින් නමැත්තාත් කැටුවය. ලංකාවේ තල්මසුන් සහ ඩොල්පින් මසුන්ගේ වෛවර්ණ ඡායාරූප රැසක් සමඟ පිටු 16ක අතිරේකයක් නැෂනල් ජ්‍යෝග්‍රැපික් සඟරාව ප්‍රකාශයට පත්කර ඇත්තේ 1984 දෙසැම්බර් මාසයේය. අපේ මේ ත්‍රිකුණාමලයේ තල්මසුන් හා ඩොල්පින් මත්ස්‍යයින් ගැන ලෝකවාසින්ගේ අවධානය යොමු වූ ප්‍රධාන අවස්ථාවකි ඒ.
ඇත්තෙන්ම මේ ත්‍රිකුණාමල අඩවියේ සැරිසරන තල්මසුන් ලෝකයේ සැලකෙන්නේ විශාලතම සත්වයා ලෙසයි. තල්මසුන් අතරින්ද විශාලම එකා නිල් තල්මසාය (Blue Whale) හොඳට වැඩුණු තල්මසකුගේ දිව පමණක් ඇතෙකුගේ බරට සමානවම නැෂනල් ජියෝග්‍රැපික් සඟරාවේ සඳහන්ය. එම සඟරාවේ සඳහන් පරිදි තල්මසා මාළුවෙකු නොවේ. ජලජ ක්ෂීරපායි (marine mammal) පවුලට අයත් තල්මසා කිරිඋරාබොන සතෙකි. මාළුන්මෙන් තල්මසුන් බිත්තර දාන්නේ නැත. තල්මස් පැටවු උපදින්නේ හොඳ හයිය හත්තිය ඇතිවය. පර්යේෂකයින් පවසන්නේ තල්මසුන් අතර හොඳ පවුල් සබඳතා ඇති බවය. ජලජ ක්‍ෂිරපායින් අතරට ඩොල්පින්, සහ මුහුදු උෟරා ඇතුළු දෙතුන් දෙනකු අයත් වේ. අප මෙන්ම තල්මසාටද ජීවත්වීමට හුස්ම ගන්නට වාතය අවශ්‍යය. ලෝකයේ ලොකුම සත්වයා වුණත් හුස්මගන්නට තල්මසා දියමතුපිටට ආ යුතුය. ඉන්පසු වතුර මලක් මෙන් හුස්ම පිටකරයි. යළි දිගු හුස්මක් ගෙන කිමිදීම තල්මසාගේ සිරිතය. යෝධ පෙණහැලි පැයකට අධිකව හුස්ම අල්ලා නොසිටී.
නාවුක හමුදා යාත්‍රාවේ අප ත්‍රිකුණාමලයේ කල සංචාරය අතිශයින් සුන්දර එකක් විය. මානුෂික මෙහෙයුමෙන් පසු මෙම යාත්‍රාව දැන් පොදු ජනතාවට මෙන්ම විදේශිකයන්ට විනෝදාස්වාදය ලබාදීමට කටයුතු කිරීම ප්‍රශස්තය. මේ යාත්‍රාව ඉතා පිරිසිදුව තබා ගැනීමට නාවුක හමුදාව පියවර ගෙන තිබුණි. නාවුක හමුදාවේ මේ සේවය තුළින් නිරායාසයෙන් කෙරෙන්නේ සාගරය සහ සාගර සම්පත් කෙරෙහි අවධානය යොමු කරවීමයි.
තල්මසුන් සහ ෙඩාල්ෆින් මසුන් ගැන මේ ගමනින් පසු ඇති වූයේ පුදුමාකාර උනන්දුවකි. අපේ හතර වටින්ම ඇති සාගරයේ වටිනාකම ටිකෙන් ටික දැනෙන්නට වූයේ මේ ගමනින් පසුවය. මෙහි අවුරුදු 6ට අඩු දරුවන්ට ගමන නොමිලේය. වැඩිහිටියෙකුගේ රු.3500/-ක්ද දරුවකුගෙන් අයකරන රු. 2000/- ගාස්තුව තව ටිකක් අඩුකලහොත් අපේ මේ උරුමයන් ගැන තවත් පොදුජනතාව උනන්දුවන බව පවසමින් නාවුක හමුදාවට සමුදුන්නෙමු.!
සටහන: වජිර ලියනගේ
පරිසරයේ නිමැවුම් මායාකාරී බව සොබාදහම පිළිබඳ තියුණු නිරීක්ෂකයෙකුට පසක් කරගත හැකි පරම සත්‍යයයි.
මිහිපිට ජීවත් වන මිනිසා ඇතුළු සියලු සත්වයින් හට ජීවය සදන්නේ ගස්වැල්ය. ගසකට තරම් අයිතියක්, උරුමයක් වෙනත් කිසිවකුට නොමැත.
මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි
දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.
අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ
ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ත්‍රිකුණාමලයේ තල්මසුන් බලන්න ගිය ගමනක්