ලෙඩක හැටි
ක්‍ෂය කියූ සැනින් අප සිතට දැනෙන්නේ භීතියකි. එහෙයින් ක්‍ෂය රෝගය වැලඳුන අයෙකු සමඟ ආශ්‍රයට පමණක් නොව රෝගය වැලඳුන අයෙකුගේ නිවසින් වතුර ටිකක් හෝ බීමට මිනිසුන් තුළ ඇත්තේ පුහුදුන් බියකි.
නිරෝගීකමට තර්ජනයක් වෙමින් ඇතිවන බෝවන, බෝ නොවනා රෝගයන්ට අපට ඇතැම්විට දීර්ඝකාලිනව ප්‍රතිකාර ගත යුතු අතර ඇතැම් රෝගයන් සුවකර ගැනීමට ජීවිත කාලයම ප්‍රතිකාර ගත යුතුය.
නමුත් ක්ෂය රෝගය නිට්ඨාවට සුවකිරීමට ගත වන්නේ මාස 06ක කාලයක් පමණි.
මයික්‍රෝබැක්ටීරියම් කියුබෝකියුලෝයිස් (Mycobacterium tuberculosis) බැක්ටීරියාව මගින් ඇතිවන ක්‍ෂය රෝගය වාතය මගින් පැතිරෙන බැවින් හුස්ම ගන්නා ඕනෑම අයෙකුට රෝගය ඇතිවිය හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දේ.
රෝගියෙකුගේ රෝග කාරක බැක්ටීරියා අඩංගු කෙළ බිඳිති පරිසරයට එකතුවීමෙන් නිරෝගි අයෙකුට රෝගය පැතිරීම සිදුවේ.
රෝග ලක්‍ෂණ
ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ක්‍ෂය රෝගයේදී මෙම රෝග ලක්‍ෂණ මූලික වශයෙන් දැකගත හැකි අතර, ශරීර අවයවයන්හි ඇතිවන ක්‍ෂය රෝගයන්, පෙනහළු ආශ්‍රිතව ඇති වන ක්‍ෂය රෝගය මෙන් ක්‍ෂණිකව දැකගත නොහැකි වේ.
ක්‍ෂය රෝගය නිය, කෙස් හැර ඕනෑම අවයවයක දී ඇතිවිය හැකිය. මොළය ආශ්‍රිතව වැලෙඳන ක්ෂය රෝගයේදී සිහිමද ගතිය, වලිප්පුව ඇතිවිය හැකිය. වකුගඩු ආශ්‍රිතව ක්‍ෂය රෝගය පැතිරී ඇතිවිට මුත්‍රා පැසවීම, වකුගඩු ආසාදන, බඩේ කැක්කුම ආදිය ඇතිවන අතර ඇසේ ඇතිවීමෙන් බාහිර හේතුවක් නොමැතිව පෙනීමේ දුර්වලතා ඇතිවිට, ඇස් රතු වීම, හිසරදය සමඟ ආලෝකය දෙස බැලීම අපහසු වේ. සමේ ඇති වන ක්‍ෂය රෝගයේදී සමේ රතුපැහැ ලප ඇති වේ. උදරය ආශ්‍රිතව ඇතිවන ක්‍ෂය රෝගයේදී පාචනය, උදරය තුළ ගෙඩි ඇතිවීම, උදරය ඉදිමීම, උදරය නෙරා එ්ම වැනි රෝග ලක්‍ෂණ දැකිය හැකිය. ක්‍ෂය රෝගයේ රෝග ලක්‍ෂණ රෝගකාරක බැක්ටීරියාව ආසාදනය වී ඇති ඉන්ද්‍රිය හෝ පටක පද්ධතින් අනුව වෙනස් වේ.
බැක්ටීරියාවේ ස්වභාවය.
මයික්‍රොබැක්ටීරියම් ටියුබකියුලෝසිස් ක්‍ෂය රෝග කාරක බැක්ටීරියාව ඉතා සැහැල්ලු ගතියෙන් යුක්ත වන අතර, පෙනහල්ලේ උඩ කොටසේ තැම්පත් වී, පෙනහළුවල රැඳීම සිදුවේ. මෙම ක්‍ෂය රෝගකාරක විෂබීජය සෑම පැය 15 සිට 20කට වරක් ද්විඛණ්ඩනය වන අතර නිද්‍රාගතව තිබේ. එතැන් සිට රෝගියා සෙමෙන් සෙමෙන් රෝගයට ග්‍රහණය වේ. රෝගියකු කසින විට විෂබීජ සහිත කෙළ බිඳිති වාතයට එකතු වන අතර, පිරිසිදු වාතයේ සැලකිය යුතු කාලයක් රඳා පවතින අතර මෙම විෂබීජය හිරු එළියේ හොඳින් විනාශය වේ.
ප්‍රතිකාර
රෝගකාරක බැක්ටීරියාව මර්දනය කිරීමට ක්‍ෂය රෝගින් වෙනුවෙන් ප්‍රතිජීවක ඖෂධ ලබාදෙන අතර එම ඖෂධ නොකඩවා මාස 6ක (හයක) කාලයක් ගැනීම ඉතාම වැදගත්ය. මුල් මාස දෙකේදී ක්‍ෂය රෝගීන් ප්‍රතිකාර ගත යුත්තේ සෘජු අධික්‍ෂණය යටතේය.
මුල් මාසයේදී නිවැරදිව ප්‍රතිකාර ලබා ගන්නන්ගෙන් රෝගය පැතිරීම සියයට 99ක් පමණ අවම වේ.
රෝගය පැතිරීම වළකා ගැනීමට.
ක්ෂය රෝගියාට තැන තැන කෙළ ගැසීමට නොදිය යුතුය. ඉතා ඉක්මණින් පැතිරෙන ක්‍ෂය රෝගයට වසරකට අලුතින් රෝගීන් 14000-15000ක් පමණ වාර්තා වේ. නමුත් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ රෝගීන් 9000-10000 ප්‍රමාණයක් පමණි. 4000ක් පමණ රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු නොවන අතර රෝගය හඳුනා නොගෙන, ප්‍රතිකාර සඳහා යොමු නොවනා මොවුන් රෝග වාහකයන් වේ. මෙම පිරිස හඳුනා ගැනීම සෞඛ්‍ය අංශයන්ට ද අභියෝගයක් වී තිබේ.
ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
සමන් කපිලවංශ
සටහන - අසුන්තා එදිරිසූරිය
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ක්ෂය රෝගය
ප්‍රසන්න ලක්සිරි විරසිංහ Thursday, 21 February 2019 03:51 AM
මෙම ඉදිරිපත් කර ඇති වාර්ථාව හොදයි. රෝගය සම්බන්ධයෙන් විස්තර ඇතුලත් කරලා තියනවා. නමුත් ක්ෂය රෝගය සම්බන්ධයෙන් පුර්න පරීක්ෂාවන් සිදු කර ගැනිමට හැකි වෛද්‍ය මධයස්ථාන/ඒකක සම්බන්ධයෙන් විස්තර ඇතුලත් කිරිම වැදගත් බව හැගේ.
samadhi kavindhiya Tuesday, 01 October 2019 08:37 AM
මට මේ ලෙඩේ හොඳටම සනීප කරගන්න පුලුවන්ද කියල දැනගන්න ඕනි. මගේ අයියත් අසනීපෙන්.
sachini nimasha Thursday, 19 November 2020 07:58 AM
මට දැන ගන්න පුලුවන්ද මේ සම්බන්ධව ඉන්න හොදම ඩොක්ටර්?? කලුබෝවිලට එන.