(දයාසීලි ලියනගේ)
රාජ්‍ය ඇමැතිවරුන් දහතුන් දෙනෙක් මේ වෙන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නිවාස පහසුකම් ඉල්ලා ඇත. මේ වෙන විටත් ඇමැතිවරු 7 දෙනකුට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිල නිවාස සපයා තිබේ.
දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සතුව නිවාස 72 ක් පවතින අතර එයින් 20 ක් ලෝරිස් පාරේ පිහිටා ඇත. මෙම නිවාසවල ඇමැතිවරුන්ට අමතරව හිටපු ජනාධිපතිවරු, අගමැති ඇතුළු රාජ්‍ය අංශයේ ප්‍රබලයන්ට ද පදිංචිය සඳහා ලබා දෙනු ලබයි.
කොළඹ හා අවට පදිංචි රාජ්‍ය ඇමැතිවරුන්ට නිල නිවාස ලබා දීමක් සිදු නොවන අතර නිල නිවාසවල හිටපු ඇමැතිවරු කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd