දයාසීලි ලියනගේ
කොළඹ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ තිබූ අගමැතිවරයා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් අතර සාකච්ඡා පිළිබඳ කරුණු ඇතුළත් වාර්තා මේ වන විට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ නොමැති බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරි කණ්ඩායම අතර සාකච්ඡා වට ගණනාවක් පැවැත් වූ අතර ඒ සියල්ලකම සටහන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ගොනුකර තිබූ බවය.
අරගලකරුවන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය අත්පත් කරගන්නා තෙක්ම එම ලිපිගොනු එහි තිබූ බව ද ඔහු කීය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු එම ලිපිගොනුවල පැවැති බව ද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
IMF ලියකියවිලි අගමැති කාර්යාලයෙන් අතුරුදන් විම් ලොකුම විහිළුවක්හ' රිනම් නිතිය කඩිනමින් ක්‍රියාතිමක වි එය සමිබන්ධ අය ගැන නිසි ලෙස ක්‍රියාත්මක වි ,ඇත්ත රටට වහාම හෙලිකළයුතුයි ,අද IMF සාකච්ඡා සදහා දිවයිනට පැමිණෙනවා මෙය විහිළුවක් නොවිය යුතුයි මෙය රටේ දෑවැන්ත ප්‍රශ්නයක්,ඇයි මෙවන් දේ නැවත නොවිමට වහා වහා නිසි කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි.