(දයාසීලි ලියනගේ)
දේශපාලන බලපෑම් හේතුවෙන් ඉදිකිරීම් අත්හිටවූ හම්බන්තොට ඉන්ධන පිරිපහදුව යළි ඉදිකිරීම සඳහා වැය වන මුදල මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 95 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා ඉහළ නැඟ ඇති බව වාර්තා වේ. මෙම ඉන්ධන පිරිපහදුව පසුගිය 2014 වර්ෂයේදී පිහිටුවීමට සැලසුම් කර තිබුණත් යහපාලන රජය මගින් එය අත්හිටුවනු ලැබීය.
රටට අවශ්‍ය පිරිපහදු කරන ලද ඉන්ධන සියයට 80 ක ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවී ඇති අතර ඒ සඳහා අතිවිශාල මුදලක් දැරීමට සිදුවී ඇති නිසා හම්බන්තොට ඉන්ධන පිරිපහදුව පිහිටුවීමට ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.
මෙම පිරිපහදුව පිහිටු වීමෙන් රටට අතිවිශාල මුදලක් ඉතිරි කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි ඇමැතිවරයා අදහස් කරයි.
රටට අවශ්‍ය ඉන්ධනවලින් දැනට පිරිපහදු කරනු ලබන්නේ සියයට 20ක ප්‍රමාණයක් වන අතර ඉතිරිය පිරිපහදු ඉන්ධන වශයෙන් පිටරටින් ගෙන්වනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
365
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හම්බන්තොට නැවතූ ඉන්ධන පිරිපහදුව යළි අරඹන්න ඉහළ වැය බරක්