IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


ව්‍යාපාරිකයකුගෙන් හාර​ කෝටියක කප්පමක් ගන්න ගිය කල්ලිය හසුවූ හැටි

 

අනේ බුදු අයියේ මාව බේර ගන්න. මුන් මට ගහනවා. බෙල්ල මිරිකනවා. මට ඇහෙනවා සිංහලෙන්, දෙමළෙන්, ඉංග‍්‍රීසියෙන් මුන් කිහිප දෙනෙක් මට ගහ ගහ කතා කරනවා. අයියේ මාව පැහැරගෙන ඉන්නේ. මං නිදහස් කරන්න නම් රුපියල් හාර කෝටියක් ඉල්ලනවා.

මුන් මොකද්ද කල්ලියක් ගැන කියමින් දෙමළෙන්, ඉංග‍්‍රීසියෙන් උන් එක්ක කතා කරනවා මට ඇහෙනවා. අයියේ මාව බේරගන්න.   
සර් ! සර් ගෙ මල්ලී අපි ළඟ ඉන්නවා. එයාව පණපිටින් ඕන නම් ලක්ෂ 400 ක් දෙනවා. නැත්නම් ඉතින් මළකඳ තමයි එවන්නේ. ඇසූ පමණින් ඇඟ කිලිපොළා යන මෙම දුරකථන ඇමතුම පසුගිය 2017.12.21 වැනිදා ගාල්ල පිලාන ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුට පැමිණ තිබිණි.   


‘‘මට එච්චර මුදල් නෑ. මල්ලිට මුකුත් කරන්න එපා. එයා අහිංසකයි.’’   


එහෙම නම් ලක්ෂ 300 ක් දෙනවා.   


නෑ එච්චර මුදලක් දෙන්න නෑ.   


අන්තිම ගාණ ලක්ෂ 200 යි මොකද කියන්නේ. නැත්නම් මළකඳ තමයි එවන්නේ.   


නෑ නෑ එහෙම කරන්න එපා. ලක්ෂ 25 ක් දෙන්නම් මල්ලී මට දෙන්න. ලක්ෂ 25 ට බෑ අන්තිම ගාණ ලක්ෂ 50 යි. මීට වැඩිය බෑ. තිබූ සහෝදර ප්‍රේමය නිසාම අවසානයේ සිය සොහොයුරා බේරා ගැනීම සඳහා මෙම ව්‍යාපාරිකයා එම කප්පම්කරුවන්ට ලක්ෂ 50 දීමට පොරොන්දු විය.   


කිරි දියෙන් සේදුවත් අඟුරු සුදු වන කලක් නම් නැත යන්නද මෙහි දී මතක් කර ගනිමින් කප්පම්කරුවන්ට ලක්ෂ 50ක් දෙන්නට වැඩිමහලු සහෝදරයා කප්පම්කරුවන් සමඟ ගිවිස ගත්තේය.   


‘‘මේ අහපන්. මේක හොඳට මතක තබා ගනින්. මම තව ටිකකින් තැන කියන්නම්. පොලිසියට කියලා තිබුණොත් මල්ලීව මරනවා.   
නමුත් කප්පම්කරුවන් හට නොකී කතාවක් එම අවස්ථාවේ දී සිදුවෙමින් තිබිණි. ඒ පොලිසිය මේ සියලු දුරකථන ඇමැතුම් පටිගත කර ගනිමින් කප්පම්කරුවන් සොයා මෙහෙයුම ඒ වන විටත් ක‍්‍රියාත්මක කර තිබිණි.   


එසේ තර්ජනාත්මක ඇමතුමක් ලබා දුන්න ද අදාළ ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුම්වත් කරන්නට තරම් බුද්ධිමත් විය. ඒ අනුව පොලිසියේ අදහස වූයේ ලක්ෂ 50 ක මුදල් නෝට්ටු අංක සහිතව කප්පම්කරුට ලබා දී එසේ ලබා දෙන අවස්ථාවේ දී කප්පම්කරු අල්ලා ගැනීමයි.   


ගාල්ල, හබරාදූව, අඟුළුගහ, හරුමල්ගොඩ බුදුපිළිමය ළඟට සල්ලිත් අරන් එනවා, අපි එතනදී මල්ලී දෙන්නම්. ඔතන ඉස්සරහ තියන පාළු ළිඳ ළඟ සල්ලි තියලා අහංගමට එන්න මල්ලී එතන දී දෙන්නම්.   


මේ අපි අමාරුවෙන් හම්බකරපු සල්ලි. මෙහෙම පාළු ළිං ළඟ තියලා යන්නේ කොහොමද? ව්‍යාපාරිකයා කීවේය.   


‘‘කියන දේ කරනවා අයිසේ. අපේ දෙන්නෙක් ඔතන බලාගෙන ඉන්නේ. සල්ලි තියපු ගමන් ඒ දෙන්නා සල්ලි ගනීවි. ඊට පස්සේ ඔයාගේ මල්ලිත් එක්කම අපි සල්ලි ගණන් කරලා අහංගම දී මල්ලී දෙන්නම්.’’ පැහැරගත් බව කී අයගෙන් කියැවිණි.   


මේ අණ පිළිපදිනවාට වඩා කරන්නට වෙනත් දෙයක් මෙම ව්‍යාපාරිකයාට නොතිබිණි. ඒ අනුව එම ස්ථානයේ මුදල් තබා අහංගම ප‍්‍රදේශයට යාමත් සමඟින් පොලිසියට ඔහුව මඟ හැරෙන අතර කප්පම්කරුවන් ලක්ෂ 50 ක මුදල ලබා ගනී.   


‘‘අපි තව ටිකකින් මල්ලීව ඔයාගේ ගෙදර ළඟට ගෙනත් දානවා. ඔයා ගෙදර යන්න. ඒ අනුව ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානයට නුදුරු ස්ථානයකට 2017.12.22 උදෑසන 1.30 පමණ යතුරුපැදියකින් ගෙනත් දමා ඇත.   


ඔහු එසේ ගෙනත් දමන විටත් පැය කිහිපයක් තිස්සේ ඇස් බැඳ තිබූ නිසා සියල්ල නිලංකාර වී තිබිණි. මේ වන විටත් සිය සෙහොයුරා බලාපොරොත්තුවෙන් අහංගම ගොස් සිටි ව්‍යාපාරිකයා නිවසට පැමිණ තිබුණේ නැත.   


ලක්ෂ 50 ලබා දුන්න ද පැය කිහිපයක් යන තුරු සොහොයුරා නොමැති නිසා නැවත සොහොයුරාගේ දුරකථනයට ව්‍යාපාරිකයා ඇමතීය.   
එවර දුරකථනයට පිළිතුරු දුන්නේ පැහැරගැනීමට ලක් වූ සොහොයුරාය.   


‘‘කොහේද ඉන්නේ?’’   


‘‘මාව තැනකට ගෙනත් දැම්මා. මුකුත් පේන්නේ නෑ. ගොඩක් වෙලා ඇස් බැඳල හින්දා මට කිසිම දෙයක් තාම පේන්නේ නෑ.   


‘‘ඔයා ඇත්තේ ගෙදර ළඟම තැනක. හොඳට බලන්න කී ව්‍යාපාරිකයා නිවසට පැමිණෙන විට සිය සහෝදරයා නිවසට පැමිණ තිබිණි.   
කප්පම්කරුවෝ සතුටු වූහ. ඒ පොලිසියට හෝ මේ සිද්ධිය නොකියන්නට ඇතැයි වූ පදනම මතයි. ඒ සතුට තාවකාලික බැව් කප්පම්කරුවන් දැන සිටියේ නැත. මෙහි දී පොලිසියට කප්පම්කරු ගිළිහුණ ද පොලිසිය වැඩේ  අතහැරියේ නැත.   


ගාල්ල දිස්ත‍්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතා අංශ කිහිපයක දක්ෂ නිලධාරීන් සමඟ කප්පම්කරුවන් සමඟ ඔට්ටුවෙන්නට ආරම්භ කළේ පැය 24 ක් ගතවීමටත් මත්තෙනි.   


ඒ අනුව මෙම පොලිස් කණ්ඩායමේ පළමු ඉලක්කය වූයේ අදාළ ව්‍යාපාරිකයාගේ සහෝදරයා සතු නවීන කාර් රථය දමා ගොස් තිබූ ස්ථානයේ හෝ අසල ස්ථානයක සී.සී.ටී.වීවල දර්ශන වේ ද යන්නයි. පොලිසියේ සැකය තහවුරු වූ අතර එක් ස්ථානයක සී.සී.ටී.වී දර්ශන අනුව අදාළ කාර් රථය සමඟින්ම යන කාර් රථයක් පොලිසියේ ඇස ගැටෙයි. ඒ අනුව පරීක්ෂණ මෙහෙය වූ විකුම් ගිණිගේ මහතා ඇතුළු ගාල්ල පොලිසියේ  නිලධාරීහූ කණ්ඩායම සැකකරුවන් සොයා රට පුරා මෙහෙයුම් දියත් කරන්නට වූහ.   


ඒ අනුව ගාල්ල හබරාදූව ප‍්‍රදේශයක සුඛෝපභෝගී නිවසක් වැටලූ පොලිසිය එම නිවසේ තිබූ රුපියල් 1385000 ක මුදලක් සොයා ගන්නේ එක් සැකකරුවකු ද සමඟයි. ඒ අනුව මෙම කප්පම් සිද්ධියේ මහ මොළකරු අත්අඩංගුවට පත්වන අතර ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ ඔහු වසර 08 ක කාලයක් විශේෂ කාර්ය බළකා සෙබළකු ලෙස සේවය කර ඉවත් වූ අයකු බවයි. පොලිසිය සැකකරුගේ නිවසට යන විටක එම නිවසේ සී.සී.ටී.වී කැමරාවල දුටු මෝටර් රථය නවතා තිබී ඇති අතර අදාළ නිවස ද වායු සමනය කළ කාමර සහිත, සී.සී.ටී.වී වලින් ආරක්ෂාව සපයන, මැද මිදුල් ද සහිත අතිසුඛෝපභෝගී නිවසක් විය. කෙසේ නමුත් කප්පම් සිද්ධියේ මහ මොළකරු එම අවස්ථාවේ නිවසේ නොසිටි අතර පොලිසිය විසින් උපක‍්‍රමශීලීව ඔහු නිවසට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගෙන ඇත.   
රුපියල් ලක්ෂ 50 කප්පම් සිද්ධියේ මහ මොළකරු වන 35 හැවිරිදි හබරාදූව ප‍්‍රදේශයේ පදිංචිකරු හසුවීමත් සමඟින් පැහැර ගැනීමට අදාළ සියලු දේ හෙළිවන්නේ දමිළ චිත‍්‍රපටියක ක‍්‍රියාදාම දර්ශන පෙළක් ආකාරයෙනි.   


ඒ අනුව කතාව මෙසේය.   


පැහැර ගැනීමට ලක්වන ව්‍යාපාරිකයාගේ සොහොයුරා විදේශිකයන් සඳහා නිවාඩු නිකේතන (විලා) සාදා දෙන ව්‍යාපාරයක් ද තම සහෝදරයාගේ ව්‍යාපාරවලට අමතරව සිදු කර ඇත.   


මේ අතරතුර පැහැරගත් පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලැබෙන්නේ එවැනි නිකේතනයක් සාදා ගැනීමට අවශ්‍ය වූ විදේශිකයකු ලෙස රඟ පෑ කප්පම්කරුගෙනි.   


හොඳින් ඉංග‍්‍රීසි භාෂාව හැසිර වූ ඔහු මෙම ව්‍යාපාරය ගැන මෙන්ම සංචාරක ක්ෂේත්‍රය ගැන ද බොහෝ දේ කතා කරමින් පැහැර ගත් පුද්ගලයාගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වී ඇත. ඒ අනුව පසු දිනක යළිත් ඔහුගෙන් ඇමැතුමක් ලැබෙන අතර එයින් කියවෙන්නේ හබරාදූව බොරළුකැටිය ප‍්‍රදේශයේ ඉදිකරන ලද විදේශිකයින් සඳහා වූ නිවාඩු නිකේතනයක් විවෘත කරන බවත් එහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස පැමිණෙන ලෙසත්ය. ඒ සඳහා වන ආරාධනා පත‍්‍රය ද තැපෑලෙන් ඔහුට ලැබෙන අතර 21 දින පැහැර ගැනුණු පුද්ගලයා ගොස් ඇත්තේ එම විවෘත කිරීම සඳහාය.   


කෙසේ නමුත් මොහු බොරළුකැටිය ප‍්‍රදේශයේ අතුරු මාර්ගයට සිය රථය පදවාගෙන යන අතර තුර මුහුණු ආවරණය කරගත් හෙල්මට් සහිත පුද්ගලයින් දෙදෙනකු පැමිණ අලුත් හෝටලයට යෑමට නේදැයි විමසා ඇත. එසේ විමසා ඇත්තේ පැහැරගත් පුද්ගලයා හා කප්පම්කරු වන විදේශිකයා ලෙස පෙනී සිටි පුද්ගලයා අතර මුලින් සිදුවූ දුරකථන සාකච්ඡාව අනුවයි. ඒ අනුව ඔවුන්ව මෙම පැහැරගත් පුද්ගලයාගේ වාහනයට නැඟ ඇති අතර වාහනයට ගොඩ වුවද ඔවුන් සිය මුහුණු ආවරණය කරගත් හෙල්මට් නොගැලවීම නිසා පැහැරගත් පුද්ගලයාට සැක සිතී ඇත.   


එම අවස්ථාවේ ඔවුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවී ඇත. විනාඩි කිහිපයක ගුටිබැට හුවමාරුවකින් පසු පැහැරගැනීමට ලක් වූ පුද්ගලයා සිය ග‍්‍රහණයට නතුකර ගැනීමට කප්පම්කරුවන් දෙදෙනාට හැකි වී ඇත.   


පසුව එම වාහනයෙන්ම වදුරඹ ප‍්‍රදේශයේ ස්ථානයකට මෙම පුද්ගලයා ගෙන ගොස් ඇත.


මෙම කප්පම්කරුවන් තමන් කිසියම් සංවිධානයකින් බවට පැහැරගත් පුද්ගලයාට ඒත්තු ගැන්වීමට ද උත්සාහ කර ඇත.   


‘‘සර්ලා හොඳ සිංහල අවංක ව්‍යාපාරිකයින්නේ. අපේ සංවිධානයට මේ වෙලාවේ මුදල් අවශ්‍යයි. ඒ නිසා තමයි සර්ව පැහැර ගත්තේ. සර්ලා හොඳ කාර්වල යනවා. අපේ සමහර මිනිස්සු ෆුට් බයිසිකල්වල යන්නේ. සර්ගේ අයියට කියන්න අපේ සංවිධානයට මුදල් දෙන්න කියලා.   


මේ ආකාරයේ දෙබස් වලින් කප්පම්කරුවන් කිසියම් සංවිධානයකින් බවට පැහැරගත් පුද්ගලයාට ඒත්තු ගැන්වීමට උත්සාහ කර ඇති බවට පැහැරගත් පුද්ගලයා පොලිසියට ලබා දුන් කටඋත්තරයේ සඳහන් වෙයි.   


මෙසේ දෙබස් යන අතරතුර ව්‍යාපාරිකයා කප්පම් මුදල දීමට එකඟ වන තුරු පැහැරගත් පුද්ගලයාගේ වාහනය සහ කප්පම්කරුවන්ගේ වාහනය යන දෙකෙන්ම ස්ථාන කිහිපයකට ගොස් ඇත. මෙම කප්පම්කරුවන් ව්‍යාපාරිකයා මුදල් දීමට එකඟ වූ පසු පැහැරගත් පුද්ගලයාගේ වාහනය ගාල්ල උඩුගම මාර්ගයේ පාළු ස්ථානයක දමා යාමට කප්පම්කරුවෝ තීරණය කරති. පසුව කප්පම් මුදල ලැබුණු පසුව කප්පම්කරුවන් ඔවුන්ගේ යතුරුපැදියකින් පැහැරගත් පුද්ගලයා දමා ගොස් ඇත.   


කප්පම්කරුවන්ගේ මහ මොළකරු ඔවුන්ගේ වාහනය අනුව හඳුනාගන්නා පොලිසිය ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් අනුව දඹුල්ල මාතලේ මා!ර්ගයේ නාවුල ප‍්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බළකායේ සිට ඉවත් වූ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය ද ඔහු එම නිවසේ නොසිටි අතර එම නිවසේ වළ දමා තිබූ ලක්ෂ 16 ක මුදලක් සහ එම සැකකරුගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. නැවත කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ හබරාදූව ප‍්‍රදේශයේ පදිංචි මහ මොළකරුගේ මාමා කෙනකුගේ පුතකු බව කියන පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ නිවසේ වහලයේ තිබී රුපියල් ලක්ෂ 07 ක මුදලක් ද පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.   


තවදුරටත් මෙම කප්පම්කරුවන්ගෙන් සිදුකල ප‍්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ ඉතිරි මුදල්වලින් ණය කිහිපයක් ගෙවූ බවත් ඉතිරි මුදල් වියදම් වූ බවත්ය. මෙම මුදල්වලට අමතරව ඔවුන් සතුව තිබී ජීව අත්බෝම්බයක් සහ පිහියක් ද අත්අඩංගුවට ගෙන ඇත.   


මේ වන විට පොලිසියෙන් සැඟව සිටින මාතලේ පදිංචි පුද්ගලයා සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.   


ඒ අනුව ලක්ෂ 50 ක කප්පම් මුදලක් ගැනීම සඳහා මාස කිහිපයක් තිස්සේ සිදු කළ මහා සැලැස්මක් ව්‍යර්ථ කිරීමට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ගාල්ල දිස්ත‍්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිණිගේ මහතාගේ පූර්ණ මෙහයවීම මත ගාල්ල පොලිස් අධිකාරි 1 සතිෂ් ගමගේ මහතා ගේ උපදෙස් මත ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ පො.ප. අතුල රංජිත්, උ.පො.ප ලක්කාන්ත, පො.සැ.19181 සුනිල් ශාන්ත, පො.සැ.11876 අජිත්, පොලිස් කොස්තාපල්වරුන් වන 39062 අශීන් කුමාර, 15628 ඉන්දික, ගාල්ල අපරාධ විමර්ශන අංශයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අරුණලාල්, උ.පො.ප නිමල්, පො.සැ. 10529 ප‍්‍රියන්ත, පො.සැ.19485 සුනිල් ශාන්ත, සැරයන් බණ්ඩාරිගොඩ ඇතුළු නිලධාරීන්ට හැකි විය.   

සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත



අදහස් (0)

ව්‍යාපාරිකයකුගෙන් හාර​ කෝටියක කප්පමක් ගන්න ගිය කල්ලිය හසුවූ හැටි

ඔබේ අදහස් එවන්න

 

 

පුවත්

ලොස් ඇන්ජලිස් දැවෙයි පාඩුව ඩොලර් මිලියන 56 ඉක්මවයි
2025 ජනවාරි මස 13 91 0

ලොස් ඇන්ජලිස් ඉතිහාසයේ විනාශකාරීම ගින්න වාර්තාකරමින් ඉකුත් අඟහරුවාදා (7දා) සිට පැතිර යමින් ඇති ළැව් ගින්න පවතින සුළං හා වියළි දේශගුණික තත්ත්වයන් හමුව


ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන වසරේ හොඳම ජනමාධ්‍යවේදියා
2025 ජනවාරි මස 13 49 0

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කළ 25 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ ගල්කිස්ස මහ හෝටලයේදී පසුගිය 7 වැනිදා පස්වරු


පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධිය කථානායක පාර්ලිමේන්තුවේ තිදෙනෙකු ගෙදර යවයි
2025 ජනවාරි මස 13 38 0

පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිදෙනකු ස


වරායේ ලොක්කෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
2025 ජනවාරි මස 06 125 0

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමනාකාරවරයා ලෙස කටයුතු කළ කාලයේ ජපානයෙන් ප්‍රදානය කළ නවීන අධි


පැරදුණු මන්ත්‍රී හැටක් පළාත් සභාවට ඉල්ලති
2025 ජනවාරි මස 06 174 0

පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්වුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටකට වැඩි පිරිසක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා තරග ව


ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ 07දා
2025 ජනවාරි මස 06 31 0

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේ 25 වැනි අදියර ජනවාරි මස 7 වැනිදා සවස 6.00 සිට ගල්කිස්ස මහ හ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 369 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 598 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 324 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site