උපුල් වික්‍රමසිංහ
යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම, වාහන බලපත්‍රය අලුත් කිරීම ඇතුළු කාර්යයන් අටක් සඳහා එළැඹෙන නොවැම්බර් මස පළමු වැනි දින සිට බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයෙහි සඳහන් පරිදි ටින් අංකය අනිවාර්ය කර ඇති අනෙක් කටයුතු මෙසේ ය.
- ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමතය ලබා ගැනීම
- ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම
- ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම
- ණය කාඩ්පතක් ලබා ගැනීම
ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම පැවරුම්ලාභියකු සහ පැවරුම්කරුවකු විසින් සිදු කරනු ලබන විට ඉහත සඳහන් කාර්යයන් ක්‍රියාත්මක කිරීමට හෝ සම්පූර්ණ කිරීමට පෙර අදාළ තැනැත්තා විසින් වලංගු ටින් සහතිකයක් ඉදිරිපත් කරනු ලැබ ඇති බවට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් තමන් වෙත නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛය අනුව තහවුරු කරගන්නා ලෙස නියම කර ඇති බව ද එහි දැක්වේ.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ (සංශෝධිත) 102 (3) වන වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලද 2023 මැයි 31 දිනැති අංක 2334/21 දරන අති විශේෂ ගැසට් නිවේදනය අනුව, 2023 වසරේ දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 ක් වන හෝ 18ට වැඩි සියලුම වාසික පුද්ගලයන් ටින් අංකයක් ලබා ගැනීම අනිවාර්ය බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd