IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ අය වැයෙන් වැඩි බර ගත් ණය නැවත ගෙවීම සඳහායි

 එ.ජා. විශේෂ නියෝජිත  

 

 

(තිළිණ ද සිල්වා සහ හර්ෂණ තුෂාර සිල්වා)  

ශ්‍රී ලංකාවේ අය වැය බැලුවොත් එහි වඩාත් වැදගත්ම වියදම බවට පත්ව තිබෙන්නේ ණය නැවත ගෙවීම යැයි ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජුවාන් පැබ්ලෝ මහතා 
කියා සිටී.  

හෙතෙම මේ බව කියා සිටියේ දින නවයක සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් කොළඹ දී ඉකුත් 11 වැනිද‌ා පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.  


 එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව ආරක්ෂාව වෙනුවෙන් කරන වියදම් පිළිබඳව නැවත වරක් සිතා බැලිය යුතු බවය.  
 බොහෝ දෙනා දුප්පත්කමින් මුද‌ා ගැනීමට ඉවහල්වෙන ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය ගැන අවධානය යොමු කිරීමේදී ණය දෙන්නන් කරන අයථා ක්‍රියාකාරකම් ඉහළ ගොස් තිබෙන බව මගේ අවධානයට ලක්වූ බවත් ශ්‍රී ලංකා රජය කඩිනමින් ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතු යැයි ජුවාන් පැබ්ලෝ මහතා අවධාරණය කර සිටී.  


එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා මෙසේ ද පැවැසීය.  


 ‘වසර 2000 සිට 2009 දක්වා කාලයේ දී ශ්‍රී ලංකාව ලබාගත් විදේශ ණය දෙගුණ වී තිබෙනවා. 2009 පසුවත් විදේශ ණය වැඩි වී තිබෙනවා. 2017 වසර අවසන් වෙන විට ශ්‍රී ලංකාවේ විදේශ ණය එක්සත් ජනපද ඩොලර් බිලියන 28.7ක් බවට පත්ව තිබෙනවා. 2009 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 86.2 ක් වූ ණය 2017 දී සියයට 77.4 ක් දක්වා පහත වැටී තිබෙනවා. එසේ වුවත් අතිවිශාල ණය ප්‍රමාණය සැලකිල්ලට ගත යුතුයි.  
 එකතු කළ අගය මත බද්ද (වැට්) සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කිරීම සම්බන්ධයෙන් මා වැඩි සැලකිල්ලක් දක්වනවා. වසර 2016 දී එය සියයට 11 සිට 15 ක් දක්වා වැඩි වී තිබෙනවා. එවැනි බදුවල පිරිවැය දරන්නේ ජනගහනයේ සිටින දුප්පත්ම ජන කොටස්, එකතු කළ බදුවලින් ලබාගත් ආද‌ායම 2017 වසරේ දී සියයට 56.5 ක් දක්වා වැඩි වී තිබෙනවා.  


අද රටේ අය වැය බැලුවොත් එහි වඩාත් වැදගත්ම වියදම බවට පත්ව තිබෙන්නේ ණය නැවත ගෙවීමයි. ඒ සඳහාත් ණය ගෙවීමට සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාව 2012 වසරේ දී මැදි ආද‌ායම් රටක් බවට පත්වුණා. වසර 2006 දී සහනද‌ායී නොවන විදේශ ණය සියයට 7 ක් වූ අතර එය 2012 වසරේ දී සියයට 50 ක් දක්වා වැඩි වුණා. අද‌ාළ ණය, ණය සේවාවලට වැදගත් බලපෑමක් සිදුකර තිබෙනවා. ඒවායේ පොලී අනුපාත ඉතා ඉහළ අතර කල් පිරෙන්නේ ඉතා කෙටි කාලයකින්. සංචිත මැදිහත් මට්ටමක පැවැතී තිබෙනවා. රටේ ණය අවද‌ානම දැඩි සැලකිල්ලකින් යුතුව කළමනාකරණය කළ යුතුයි.  

 



අදහස් (0)

ලංකාවේ අය වැයෙන් වැඩි බර ගත් ණය නැවත ගෙවීම සඳහායි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site