IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මධ්‍යස්ථානයේදීම ඡන්ද ගණන් කරන තීන්දුවට විරෝධතා

(දයාසීලි ලියනගේ)  
පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම, ඡන්ද මධ්‍යස්ථානවලදීම සිදු කිරීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ගණනාවක ආසන සංවිධායකවරුන් විරෝධය දක්වා ඇතැයි වාර්තාවේ.  

ගණන් කිරීමේ පොදු මධ්‍යස්ථානයකට ඡන්ද පෙට්ටි ගෙනැවිත් ඡන්දය ගණන් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.   


කොට්ඨාස මට්ටමේ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ගණන් කර ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේදී ඡන්ද දායකයන් අතර කලකෝලාහල ඇතිවීම වැළැක්වීමට නොහැකිවනු ඇතැයි ආසන සංවිධායකවරුන් ගණනාවක්ම මැතිවරණ කොමිසමට පෙන්වා දී ඇතැයිද වාර්තාවේ.  


මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දකුණු පළාත් සභා මන්ත්‍රී රත්ගම ශ්‍රීලනිප ආසන සංවිධායක අමරසිරි කුරුවගේ මහතා ප්‍රකාශ කළේ ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය ගණන් නොකරන ලෙසට ලබන සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ විට ඉල්ලා සිටින බවයි.  

 



අදහස් (0)

මධ්‍යස්ථානයේදීම ඡන්ද ගණන් කරන තීන්දුවට විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site