(දයාසීලි ලියනගේ)
පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්ව සිටින රජයේ නිලධාරීන්ට එහි රැස්වීම්වලට හා අනුබද්ධිත කාර්යයන්හි නිරතවීම සඳහා මසකට දින 6ක් වැටුප් සහිත නිවාඩු ලබාදීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීම්වල දී ජයග්‍රහණය කර නගරාධිපති සභාපති, නියෝජ්‍ය නගරාධිපති, උප සභාපති නාගරික මන්ත්‍රී හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වූ රජයේ සේවකයන් සඳහා මෙම වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතු බව අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සියලුම අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ලිඛිතව දන්වා යවා ඇත.
වැටුප් සහිත නිවාඩු ලබා ගැනීමට මනාපය පළ නොකරන නිලධාරීන් ඒ බව දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත දැන්විය යුතු බවද සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd