(අජන්ත කුමාර අගලකඩ)
රසායනික පොහොර භාවිතය තහනම් කිරීම එකවර නොකර අදියරෙන් අදියර ක්‍රියාත්මක කරන්නැයි ඇමැතිවරුන් කිහිප දෙනෙකු රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ඔවුන් මෙම ඉල්ලීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේදීත් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදීත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. රසායනික පොහොර භාවිතයෙන් වගා කෙරෙන භෝග රැසක අස්වැන්න පොහොර භාවිතයෙන් තොරව වගා කිරීමෙන් විශාල වශයෙන් අඩුවිය හැකි බවද එම ඇමැතිවරුන් පෙන්වා දී ඇත.
රසායනික පොහොර තහනම් කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් ඉතා හොඳ තීන්දුවක් වුවත් එය එකවර ක්‍රියාත්මක නොකර, අදියරෙන් අදියර ක්‍රියාත්මක කළ යුතු යැයි ද ඔවුන් පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd