IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


නාඳුනන තුවක්කුකරු රජකළ සතියක්


වසර කීපයකට පෙර සුදුවෑන් එකක් එකම පාරේ දෙවරක් ගමන් කිරීම ඒ මාර්ගයේ පදිංචිකරුවන් භීතියට පත් කරන්නට ප‍්‍රමාණවත් විය. සුදු වෑන් යනු මිනිසුන් හෝ භාණ්ඩ ප‍්‍රවාහනයට යොදාගන්නා රථයකට වඩා පසුගිය පාලන සමයේ ආණ්ඩුවට එරෙහි පුද්ගලයන් අතුරුදන් කිරීමට, පැහැරගෙන ගොස් පහරදීමට, නැත්නම් ඝාතනය කිරීමට ක‍්‍රියාත්මක වූ මෙහෙයුමක මෙවලමක් බඳු විය.   


 ආණ්ඩුවට අවාසි සහගත ඇතැම් කරුණු වාර්තා කළ මාධ්‍යවේදීන් පවා මේ සුදුවෑන්වලින් පැහැරගෙන ගොස් පහරදීම් සිදුකළ බවට එකල වාර්තා විය. මේ සුදුවෑන්වලින් සිදුකෙරෙන පැහැරගෙන යෑම් කොයිතරම් සමාජයට ප‍්‍රබල බලපෑමක් කළේද යත් එය සුදුවෑන් සංස්කෘතියක් ලෙස අර්ථ දැක්වීමට පවා සමාජය පෙළඹිණ.   


 සුදුවෑන් සංස්කෘතිය අහෝසි කිරීම නැත්නම් භීෂණය තුරන් කිරීම මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා මෛත‍්‍රී පාලනයක් ගෙන ඒම දක්වා පාර කපනු ලැබිණ. දැන් සුදුවෑන් ගැන අසන්නට නැත. එහෙත් ඝාතනවල අඩුවක්ද දක්නට නැත. සුදු වෑන් වෙනුවට නාඳුනන තුවක්කුකරුවා කරළියට පැමිණ තිබීම ඝාතන ඉහළ යාමට හේතුවී තිබේ.   


 නාඳුනන තුවක්කුකරුවාගේ භූමිකාවද සුදුවෑන් තරමටම සමහරවිට ඊටත් වඩා සමාජය භීතියට පත්කරන්නට සමත්ව තිබේ. සුදුවෑන් සම්බන්ධයෙන් බියට පත්වූයේ ආණ්ඩුව හෝ මහින්ද රාජපක්ෂ මහතා හෝ සමඟ යම් ගැටුමක් තිබෙන, රාජකාරි ඉටුකිරීමේදී ආණ්ඩුවේ ක‍්‍රියාපිළිවෙතට ප‍්‍රතිවිරෝධී ආකාරයට කටයුතු කරන, ආණ්ඩුව විවේචනයට ලක්කරන පුද්ගලයින් පමණි. එහෙත් නාඳුනන තුවක්කුකරුවාට තිබෙන්නේ එක් ඉලක්කයක් පමණක් වුවත් එය ඉටුකරගැනීමේදී තවත් මරණ කීයක් සිදුවුණත් ඔවුන්ට ප‍්‍රශ්නයක් නැත. සුදුවෑන් සෘජුවම තමන්ට අදාළ පුද්ගලයා අල්ලා ගන්නා නමුත් නාඳුනන තුවක්කුකරුවා තමන්ට අවශ්‍යම නරබිල්ල පමණක් නොව ඔවුන්ගේ පවුල් පිටින් බිලිගන්නා අවස්ථාද පවතී. ඇතැම්විට අවට සිටින්නන්ටද මේ බිලි පූජාවට ගොදුරුවෙන්නට සිදුවේ. බිලිගන්නේ එක්කෙනෙක් වුවත් දෙන්නෙක් වුවත් සුදුවෑන් වගේම නාඳුනන තුවක්කුකරුවාද සිදුකරන්නේ සමාජය භීතියෙන් අලළා තබමින් තමන්ගේ රාජකාරිය ඉටුකර ගැනීමය.   


 2017 වසරේදී පාතාල නායකයෙකු වූ සමයං ඇතුළු හත්දෙනාගේ ඝාතනත් ඇතුළුව බස්නාහිර පළාතේ ඝාතන දොළහක් පමණ ද දකුණු පළාතේ ඝාතන දහයක් පමණ ද සිදුව ඇත. මීට අමතරව වෙඩි තැබීම්වලින් තුවාල ලබා ජීවිත බේරාගත් හත් අට දෙනෙක්ද සිටිති. 2017 වසර බස්නාහිර හා දකුණේ සිදුවු වෙඩි තැබීම් නිසා මුලු මහත් සමාජයම විශාල කැළඹීමකට ලක්විය. එක තැන දෙන්නා තුන්දෙනා ඝාතනයට ලක්වීම එයට හේතු විය. බස්නාහිරදී සමයංගේ හා අංගොඩ ලොක්කාගේ කණ්ඩායම් දෙක අතර ගැටුමද, දකුණේදී මනොජ් මෙන්ඩිස්ගේ හා පොඩි ලැසිගේ කණ්ඩායම් දෙක අතර ගැටුමද මේ ඝාතන රැල්ලට හේතු වූ අතර මේ සියලු ඝාතන පිටුපස විදේශගතව සිටින පාතාල නායකයින් දෙදෙනෙකු වූ කොස්ගොඩ සුජි හා කඹුරුපිටියේ මධුෂ් සිටින බවට ඒ එක් එක් සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.   
 මේ වසරේ පළමු මාස තුන තුළ පමණක් නාඳුනන තුවක්කුකරුවාගේ ගිනිඅවියට බිලි වූවන්ගේ සංඛ්‍යාව අටකි. කොළඹ, ග‍්‍රෑන්ඩ්පාස්, බත්තරමුල්ල, තලංගම, බොරැල්ල, වත්තල, ගම්පහ, හම්බන්තොට, මිරිජ්ජවිල, අතුරුගිරිය ආදී ප‍්‍රදේශවල දී මෙම ඝාතන සිදු වූ අතර එයින් බහුතරයක් දෙනා පාතාලය සමඟ සමීප සබඳකම් පැවැත්වූ හා පාතාල සාමාජිකයන් වේ. එහෙත් ඇතැමෙක් අහිංසක සාමාන්‍ය පුරවැසියන් වේ. ඒ කුරුමානම වැරැදීමෙන් සිදුවු මරණය.   


 අලුත්කඩේ අධිකරණය ආසන්නයේදී පසුගිය 16 වැනිදා ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් රිස්වාන් නමැති තිස් නව හැවිරිදි සිව්දරු පියෙකු වෙඩි තබා ඝාතනය කිරීම පසුගිය දින කීපය තුළ ගනු ලැබූ මිනිස් බිලි තුනෙන් දෙකකටම පාදක වී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. මොහොමඩ් රිස්වාන් මධුෂ්ගේ හිතවතෙක් වන අතර ඔහුට වෙඩි තැබීමට පැමිණි දෙදෙනාගෙන් එක් අයෙක් ප‍්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව මිය ගිය අතර අනෙක් පුද්ගලයා පලා ගියේය. සමයංගේ සමීපතමයෙකු වූ ආමි අසිත ඝාතනයට ලක්වෙන්නේ පසුගිය පෙබරවාරි 20 වැනිදා බොරැල්ල කොටා පාර දුම්රියපොළ ආසන්නයේදීය. පෙබරවාරි 23 වැනිදා බස්නාහිර හා දකුණේ පාතාල කල්ලිවලට අවි සැපයූ ඩී. මංජු නමැත්තා වත්තලදී එල්ල කළ පොලිස් වෙඩි පහරකින් මරණයට පත්විය.   


 මොහොමඩ් රිස්වාන් ඝාතනය කර පළාගිය පුද්ගලයා සමයංගේ සමීපතමයෙක් වන කොස් මල්ලි හෙවත් ශාන්ත කුමාර බවට මධූෂ්ට වාර්තා වී ඇති අතර ඒ වාඩුව ඔහු පසුගිය 06 වැනිදා ගත්තේය.   


 කොස්මල්ලි අගුණකොළපැළැස්සේදී ඝාතනය කළ මධූෂ්ගේ ගෝලයෝ ඔහුගේ හිස කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ සඟවා තබා 07 වැනිදා උදෑසන පොලිසියට දැනුම් දීමටද කටයුතු කළහ. පොලිසියට ඇමතුම දෙන්නේ එතෙර සිටින මධුෂ්ම බවට ද වාර්තා වේ. එම ඝාතනයට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පසු කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත කොස් මල්ලීගේ කඳ කොටස පසුගියදා දකුණෙන් සොයාගනු ලැබිණ.   
 ආසන්නතම සිදුවීම වන්නේ පසුගිය 19 වැනිදා කොළඹ ආමර් වීදියේදී ඉනසමුත්තු ඇන්ටන් රාජ් නමැති 42 හැවිරිදි පුද්ගලයකු සිය බිරිඳ සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඝාතනයට ලක්වීමය. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව වසර එකොළහක් සිරගතව සිට නිදහස් වී පැමිණ තිබෙන්නේ මීට වසර එකහමාරකට පමණ පෙරය. මෙයද පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමකින් සිදුවෙන්නට ඇතැයි සැකකරන අතර ඒ කුමන කණ්ඩායමක වැඩක්දැයි තවම අනාවරණය වී නැත.   


 අතුරුගිරිය, ගල්වරුසාව පාරේදී පසුගිය 19 වැනිදාම සවස ඝාතනයට ලක්වූ තලගලගේ නිමල්සිරි හෙවත් පොඩි සුදුද සමයංගේ ගෝලයෙක් වන අතර ඔහු කොස් මල්ලීගේ සමීපතමයෙක් බවට හෙළිව තිබේ. ඒ අනුව මෙය ද මධූෂ්ගේ හිතවතකු වන මොහොමඩ් රිස්වාන් ඝාතනයේ වාඩුව ගැනීමක් වෙන්නට ඉඩ ඇත.   


 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ඩී. එල්. ඒ. නයනජිත් මහතා ඇතුළු කණ්ඩායමක් ආමර්වීදියේ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර අතරුගිරිය පොලිසිය පොඩිසුදු ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.   


 මෙලෙස ඉතා කෙටි කාලයක් තුළ දිගින් දිගටම ඝාතන සිදුවීම සමාජය තුළ යළි භීතියක් මතුකරන්නට සමත්ව තිබේ. ජාත්‍යන්තර පොලිසියේ ආධාරය ද ඇතිව කොටි නායකයෙකු වූ කේ.පී අත්අඩංගුවට ගැනීමට මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් විය. එවැනි සමත්කම් දැක්වු පොලිස් දෙපාර්තමේන්තුව බස්නාහිරත් දකුණත් දෙකම භිතියට පත්කරමින් විදේශ රටවල සිට ඝාතන රැසක් මෙහෙය වූ මධුෂ්ලා, අංගොඩ ලොක්කලා අත්අඩංගුවට ගැනීමට අසමත් වෙන්නේ ඇයිද යන්න අද සමාජයේ කතාබහට ලක්ව තිබේ.   


 ඇතැමෙක් මෙය ආණ්ඩුවේ අවශ්‍යතාවක් ලෙස හුවා දක්වන අතර තවත් කෙනෙක් මෙය ආණ්ඩුවේ නොහැකියාව බව පවසති. කෙසේ වෙතත් මේ ආණ්ඩුව බලයට පත්ව ගෙවුණු වසර තුනක කාලය තුළ නීතිය සාමය පිළිබඳ අමාත්‍යංශය ඇමැතිවරු තිදෙනෙක් අතට පත්වූ අතර අධිකරණ අමාත්‍යංශය ද ඇමැතිවරු දෙදෙනෙක් අතට පත්වූහ. මෙලෙස කෙටි කලක් තුළ නීතිය හා සාමය රැකීමට පාදක වන අමාත්‍යංශයන්ගේ වගකීම් මාරුවීම නිසා නිශ්චිත එක් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන්නට ඉඩක් නොලැබෙන බවට ද චෝදනා නැඟේ. ආණ්ඩුවට පවතින්නේ තමන්ගේ බලය රැකගැනීමේ උවමනාව පමණක් බවත් මෙලෙස අමාත්‍යවරුන් මාරු කෙරෙන්නේ ඒ බල පොරයේ උවමනාව මත බවත් එවැනි අර්බුදයකට මුහුණ දී තිබෙන ආණ්ඩුවක් රටේ නීතිය හා සාමය රකින්නේ කෙසේද යන ප‍්‍රශ්නයක් පවතින බවත් බොහෝදෙනා අතර කතාබහට ලක්ව තිබේ.   


 සුදුවෑන් ගැන කතා කරමින් එය නැති කරන බවට සමාජය වෙළාගත් භීෂණය තුරන් කරන බවට පොරොන්දුවී බලයට ආ ආණ්ඩුවට පාතාලයේ කෙරුම් සමාජය භීෂණයට ලක්කරන බව නොපෙනෙන්නට නොහැකිය. ඒ නිසා සුදුවෑන් මෙන්ම පාතාලය ද තුරන් කිරීමට ආණ්ඩුවට පවතින වගකීමෙන් ගැලවිය නොහැකිය. 

 

 

 

මුදිතා දයානන්ද සමඟ බණ්ඩාරගම 
බිමල් ශ්‍යාමන් ජයසිංහ   

 

 



අදහස් (0)

නාඳුනන තුවක්කුකරු රජකළ සතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 06 23 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


ඉන්දු-පාකිස්ථාන යුද්ධයක් ආවොත් ලොකු ලූනු අර්තාපල්-පරිප්පු හිඟවෙයි
2025 මැයි මස 06 36 0

ඉන්දු - පාකිස්ථාන අර්බුදය යුදමය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් එම දෙරට විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම සීමා කිරීමට හෝ තහනම් කරනු ලැබීමට ඉඩ


විදුහල්පති සේවයේ පුරප්පාඩු 3000ක්
2025 මැයි මස 06 18 0

විදුහල්පති සේවයේ මේ වන විට පුරප්පාඩු 3000කට ආසන්න ප්‍රමාණයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.


ජල වාෂ්ප වැඩිවීම සහ සුළඟ නොමැතිවීම දැඩි උණුසුමට හේතුවයි
2025 මැයි මස 06 15 0

මේ දිනවල වායුගෝලයේ පවතින දැඩි උණුසුම් තත්ත්වය සුළඟ නොමැතිවීම සහ වායුගෝලයේ ජල වාෂ්ප වැඩි වීම හේතුවෙන් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ


පසුගිය මාසයෙහි පමණක් ඩෙංගු රෝහීන් 5018ක්
2025 මැයි මස 04 33 0

පසුගිය මාසයෙහි ඩෙංගු රෝගීන් 5,018 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් ඉදිරියේ දී ඇතිවන වැසි සමග තවදුරටත් රෝගින් වාර්තාවීම ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිල


ජනපති බංගලා ගන්න පිටරටින් පෝලිමක්
2025 මැයි මස 04 65 0

ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ. යාපනයේ ජනාධිපති බංගලාව කුලියට ගැනීමට කැනඩා ආයෝජකයන් ඇතුළු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1248 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 316 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site