(දයාසීලි ලියනගේ)
සාගල රත්නායක සහ විජේදාස රාජපක්ෂ යන ඇමැතිවරුන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනාවක් ඉදිරිපත්වී තිබේ.

මූල්‍ය අපරාධ, පොලිස් කොට්ඨාස හා නීතිපති දෙපාර්තමේන්තුව ඔස්සේ දූෂණ චෝදනා 82ක් යට ගසන චෝදනාව මත මෙම ඇමැතිවරුන් දෙදෙනා ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් තමා ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ඉරිදා ලංකාදීපයට කීය. දූෂණයට එරෙහිව ක්‍රියා කරන බවට ජනතාව හමුවේ පොරොන්දුවී බලයට පැමිණි මෙම රජය මෙතෙක් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීමට මෙම ඇමැතිවරුන් දෙදෙනා හේතුවී ඇතැයිද සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
දූෂිත දේශපාලනඥයන්ට දඬුවම් ලබාදීම සඳහා ඔවුන්ට සහාය දක්වන ඇමැතිවරුන් අදාළ නිලතලවලින් ඉවත් නොකළහොත් රජය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය මුළුමනින්ම විනාශවන බව ජනාධිපතිවරයාට පැහැදිලි කරදී ඇති බවද ඔහු කීය.
මෙම ඉල්ලීම සිවිල් සමාජ ගණනාවක් විසින්ද ඉදිරිපත් කර ඇති අතර ජනාධිපතිවරයා යළි මෙරටට පැමිණි වහාම කිසියම් තීන්දුවක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවද සේනාරත්න මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනතුර හෝ තත්වය කුමක් වුවත් දූෂණ යට ගහන කරුනු සඟවන ඕනෑම කෙනෙකුට එරෙහිව පියවර ගැනීමට රජයට කොන්ද පණ තිබිය යුතුයි.