IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබඳ වාර්තාවක් අගමැති ඉල්ලුවා

දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන්  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

දැනට දේශපාලන සිරකරුවන් ලෙස රඳවා සිටින දෙමළ තරුණයන් නිදහස් කිරීම පිළිබඳව අගමැතිවරයාගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවෙයි.   

අග්‍රාමාත්‍යවරයා සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පසුගියදා ඇතිවූ සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු කළ බව දෙමළ සන්ධාන යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.  ඒ අනුව ඔවුන් පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කළ බවද සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.  


අදාළ විස්තර පසුගියදා අග්‍රාමාත්‍යවරයා වෙත බාරදී තිබේ. ඒ අනුව ඔවුන් පිළිබඳ කඩිනමින් සොයා බලා අවශ්‍ය කටයුතු අග්‍රාමාත්‍යවරයා විසින් ඉටු කරනු ඇතැයි විශ්වාස කෙරෙන බව ඔහු පැවසීය.  මෙසේ අත්අඩංගුවට පත්වූ එල්.ටී.ටී.ඊ ක්‍රියාධරයන් යයි සැක කෙරෙන දමිළ තරුණයන් වසර ගණනාවක් පුරා බන්ධනාගාර ගත කර සිටිති.  


ඔවුන්ට චෝදනා ඇතිනම් කඩිනමින් නඩු කටයුතු ගොනු කොට, නඩු පවරන ලෙසත්, එසේ චෝදනා නැති අය නිදහස් කරන ලෙසත් දෙමළ සන්ධානය දීර්ඝ කාලයක සිට ඉල්ලීම් කරමින් සිටී.

 

 



අදහස් (1)

දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබඳ වාර්තාවක් අගමැති ඉල්ලුවා

ajith Tuesday, 26 May 2020 06:54 AM

එක හොදයි. මොකද බොරුවට දේශපාලන සිරකරුවෝ කීවට එල්.ටී.ටී.ඊ කාරයොත් නිදහස් කරන්න හදනවනේ. රජය සතුව ඒ අයගේ ලැයිස්තුවක් තියනවනේ. බලමුකෝ මෙයාලගේ ලැයිස්තුව....

:       89       45

ඔබේ අදහස් එවන්න

පුවත්

වට්ස්අප්වලින් මුදල් ඉල්ලුවට දෙන්න එපා
2024 නොවැම්බර් මස 11 51 0

හදිසි අවශ්‍යතාවක් සඳහා මුදල් අවශ්‍ය බව දන්වමින් තමන් හඳුනන අයගෙන් ලැබෙන වට්ස්අප් පණිවුඩවලට ප්‍රතිචාර දැක්වීමට පෙර සාමාන්‍ය දුරකථන ඇමතුමක් ලබා දී පණ


අලුත් පාස්පෝට් එකේ මුදල් හුවමාරු දැක්වීමට තැනක් නැතිව ප්‍රශ්නයක්
2024 නොවැම්බර් මස 11 77 0

අලුතින් නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රයේ ගමන් වියදම් සඳහා විදේශ විනිමය (විදේශ මුදල් හුවමාරුව) සම්බන්ධ පිටු නොමැතිවීම නිසා විදේශ ගතවීමේ දී මුදල් මාරු කිර


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලද අයට අවස්ථාවක්
2024 නොවැම්බර් මස 11 20 0

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් මේ වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල්‍් කාර්යාලයට ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකා


ඡන්ද අවලංගු වීම වළක්වා ගැනීම සඳහා ඡන්දදායකයන්ට උපදෙස්
2024 නොවැම්බර් මස 11 12 0

මැතිවරණවලදී භාවිත කරන ඡන්දවලින් වැඩි ප්‍රමාණයක් අවලංගු වී තිබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණවලදී බැවින් මෙම මැතිවරණයේදී ජනතාව මේ පිළිබඳව අවධානය යොමු කළ


ලංකාවේ හැම පවුලක්ම ලක්ෂ 48ක් ණයයි
2024 නොවැම්බර් මස 11 19 0

ලංකාවේ සාමාන්‍ය පවුලක් වෙනුවෙන් රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය මේ වසරේ ජූලි මාසය වනවිට ලක්ෂ 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ සහ මහ බැංකු වාර්තා ප


වෛද්‍යවරුන්ගේ හිඟයෙන් රෝහල් වැඩ අඩාළයි
2024 නොවැම්බර් මස 11 8 0

රජයේ රෝහල්වල අංශ නවයක විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟය හේතුවෙන් එම අංශවල ප්‍රතිකාර සේවා කටයුතුවලට බරපතළ බලපෑම් එල්ල වී ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 232 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 556 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1664 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site