IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දුම්රිය සේවකයන් කිහිප දෙනකුටත් කොරෝනා

(නිශාන්ත කුමාර බණ්ඩාර)   

දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියාමකවරයකු ඇතුළු සේවකයන් කිහිප දෙනකුට කොවිඩ් ආසාදනය වීම නිසා ඉදිරියේදී දුම්රිය තුළින් කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානමක් ඇතැයි දුම්රිය එංජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා අනතුරු අඟවයි.   

මෙම තත්ත්වය වැළැක්වීම සඳහා දුම්රිය සේවකයන් පීසීආර් පරීක්ෂණවලට යොමු කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක්ද කර තිබේ.   


ප්‍රධාන දුම්රිය නියාමකවරයා සෙසු දුම්රිය නියාමකයන් රාජකාරි සඳහා යොමු කිරීම භාරව කටයුතු කරන නිසා අනිකුත් නියාමකයන්ටද රෝගය බෝවීමේ අවදානමක් තිබේ.   


සුළු සේවකයන් ගණනාවක් දෙමටගොඩ සහ මාලිගාවත්ත ආශ්‍රිතව නිවාසවල සිටින නිසා ඔවුන් හරහා අනිකුත් සේවකයන්ටද රෝගය බෝවීමේ තත්ත්වයක් පවතී.   


දුම්රිය ධාවන කාර්ය මණ්ඩලය දිවයිනේ ප්‍රදේශ ගණනාවක දුම්රිය ධාවනය කරන නිසා මේ තුළින් වයිරසය පැතිරීමේ අවදානමක්ද ඇතිවිය හැකි බව ඔහු සඳහන් කරයි.   


විශේෂයෙන් දුම්රිය රියැදුරු හා සහායකයා පැය ගණනාවක් මැදිරිය තුළ එකට මුහුවන නිසාත්, මුව ආවරණ පැළඳීමේ අපහසුවක් පවතින බව හෙතෙම සඳහන් කළේය.   


ඇතැම් දුම්රිය රියැදුරන් හා සහායකයන් එකට රාජකාරි කිරීමට බියක් දක්වන අවස්ථාද තිබේ.   
මෙවැනි ප්‍රායෝගික ගැටලු නිසා දුම්රිය සේවකයන් හා මගීන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බව ඉන්දික දොඩංගොඩ මහතා පැවැසීය.  

 



අදහස් (0)

දුම්රිය සේවකයන් කිහිප දෙනකුටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site