IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දුම්රියට අලුත් සේවකයන් 1500ක් ගන්න වෑයමක්

(මහින්ද නිශ්ශංක)  

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා සේවකයන් 1500ක් පමණ බඳවා ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කටයුතු කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.  

දැනට වසර පහක පමණ සිට දෙපාර්තමේන්තුවේ අනියම්, ආදේශක, තාවකාලික හා කොන්ත්‍රාත් පදනමේ සේවකයන් 1500ක් පමණ සිටින බවත් ඔවුන් ස්ථිර කරන ලෙස තම සන්ධානය අමාත්‍යවරයා ගෙන් ඉල්ලා තිබෙන බවත් පැවසූ එම වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා එම සේවකයන් ස්ථිර නොකර තම දේශපාලන හිතවතුන් දුම්රියට බඳවා ගැනීමට යාම විශාල අපරාධයක් මෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ද කීය.  


දුම්රිය දෙපාර්තමේන්තුවට අලුතින් සේවකයන් බඳවා ගැනීම යටතේ මේ වනවිට අමාත්‍යවරයා නාමලේඛන එවන ලෙස ඇමැතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද විතානගේ මහතා පැවසීය.  


හිටපු ප්‍රවාහන අමාත්‍යවරුන් වන කුමාර වෙල්ගම හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ගේ සේවා කාලය තුළ මෙම අනියම්, ආදේශ, තාවකාලික හා කොන්ත්‍රාත් පදනම යටතේ මෙම සේවකයන් 1500 බඳවාගෙන ඇතැයි ද ඒ මහතා කීය. 

 



අදහස් (0)

දුම්රියට අලුත් සේවකයන් 1500ක් ගන්න වෑයමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site