මනෝ ගනේෂන්
(නිශාන්ත කුමාර බණ්ඩාර)
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබාදෙන ලෙස ආණ්ඩුව ඉල්ලා සිටියත් එය ඉෂ්ට කර ගන්නට නොහැකි තත්ත්වයක් දැන් උදා වී ඇතැයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පවසයි.
ඔවුන් තුනෙන් දෙකක බලයක් ඉල්ලා දිගින් දිගටම ප්‍රකාශ කළ ද එය ලබා ගැනීමට නොහැකි තත්ත්වය ඔවුන් විසින්ම තේරුම් කරගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
ඔවුන්ට ආණ්ඩු පිහිටුවීමේ බලයක් නොලැබෙන නිසා වෙනත් පක්ෂවල සහාය ලබා ගැනීමට සිදුව තිබේ.
ඒ නිසා තුනෙන් දෙකේ බලයක් ලබාගැනීමට පෙර මන්ත්‍රී ආසන 113 ක් ලබාගැනීම ඔවුන්ගේ මූලික බලාපොරොත්තුව වී ඇතැයි මනෝ ගනේෂන් මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd