IMG-LOGO

2025 මාර්තු මස 24 වන සඳුදා


ගෝඨාභයට එරෙහි නඩුව මොකක්ද ?

ලංකාවේ දේශපාලන ලෝකය සීතල වන දවසක් නම් ඇත්තේම නැතුවා වාගේය...  


සීතල යුද්ධ අලුයට ගිනි මෙන් දවසින් දවස අපේ දේශපාලන ලෝකය රත් කරවයි. ඒ ආකාරයට බලද්දී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සුදානම පසුගිය සති කිහිපයකම ලංකාවේ දේශපාලන ලෝකය රත් කළේය.   


සති කිහිපයකම ලංකාවේ දේශපාලන ලෝකය රත් කරවූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සුදානමට පසුගිය 29 වැනිදා කඩුල්ලක් දැමුවේය. ලබන 06 වැනිදා තෙක් බලපැවැත්වෙන අන්දමට ඒ කඩුල්ල දැමුවේ අභියාචනාධිකරණයෙනි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමට අදාළව නඩුකරයක් පවතින බව බැලූ බැල්මට පෙනී යන බවත් පොදු දේපළ පනත යටතේ ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම වැරදි බව හැඟී යන බවත් ප‍්‍රකාශ කරමින් අභියාචනාධිකරණය අදාළ කඩුල්ල දැමුවේය.   


ඩී.ඒ. රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විශේෂ චරිතයකි. ලංකාවේ දේශපාලන කතාවේදී ඔහු ගැන කතා නොකර සිටිය නොහැක. ඔහු ගැන පමණක් නොව ඔහුගේ දරු මුනුපුරන් ගැනද කතා නොකර සිටිය නොහැක. එක් පුතෙක් ලංකාවේ පාලකයා ලෙස කටයුතු කරද්දී අනෙක් පුතා වසර 30ක කාලයක පැවැති යුද්ධය නිමා කිරීමේ කාර්යයේ විශේෂ භූමිකාවක් ඉසිලුවා මෙන්ම ඉන් පසු නගර අලංකරණයට සුවිශේෂි දායකත්වයක් දැක්වීය.   


ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ රාජධානිය වීරකැටිය මැදමුලන වුවත් එහි ඒ මහතාගේ ස්මාරකයක් නොවීය. එම අඩුපාඩුව සම්පූර්ණ කරමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මැදමුලන ප‍්‍රදේශයේදී ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකළේය. ඒ පසුගිය රාජ්‍ය පාලන සමයේදීය. ඒ ආණ්ඩු සමයේදී එය නිවැරදි ලෙස සැලකුවත් වත්මනේදී එය වැරදි සහගත කටයුත්තකි. නීති විරෝධී කටයුත්තකි.   


ඒ සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබිණි. ඔවුන් ඒ පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ පරීක්‍ෂණ සිදු කළේය. ඒ සම්බන්ධයෙන් විවිධ අයගෙන් ප‍්‍රශ්න කෙරිණි. කටඋත්තර ලබා ගැනිණි. ඉන් පසු සිදුවන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීම බව ‘ගොනා හැරෙන’ පැත්ත, බලා සිටි අයට වැටහිණි. ‘ගෝඨා අත්අඩංගුවට ගත්තොත් මහජනතාව පාරට බහිනවා’ භික්‍ෂුන් වහන්සේලා ඇතුළු පිරිස් අනතුරු ඇඟවූහ.   


ඒ අතර හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට පෙස්සමක් ඉදිරිපත් කරමින් ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් කෝටි තුනකට අධික ප‍්‍රමාණයක් අවභාවිතා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පණත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය වළකාලන්නැයි ඉල්ලා සිටියේය.   


මිරිහාන පැඟිරිවත්ත පාරේ පදිංචි ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පස් දෙනෙකු වගඋත්තරකරුවන් වශයෙන් නම් කෙරෙමින් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත.   


ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතා අදාළ පෙත්සම ඉදිරිපත් කරමින් තම සේවාදායක ගෝඨාභය රාජපක්‍ෂ මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමේ දේශපාලන බලධාරීන්ගේ යටි අරමුණකට අනුව ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා වැය කළ රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය දඩමීමා කරගෙන ඇති බව අධිකරණයට ඒත්තූ ගැන්වීමට උත්සහ කළේය.   


තම සේවාදායක ගෝඨාභය රාජපක්‍ෂ මහතා විශ‍්‍රාමික ලුතිනන් කර්නල්වරයෙකු බවත් ඔහු පසුගිය රාජ්‍ය පාලන සමයේදී ආරක්‍ෂක ලේකම්ධුරය ඉසිලූ බවද සඳහන් කරන නීතිඥ සනත් විජේවර්ධන මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධීකරණය හා නායකත්වය යටතේ සිදුකළ යුද්ධයකදී මේ රටේ තිස්වසරක් පුරා යුද කළ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කළ බවද පෙස්සමේ සඳහන් කොට තිබිණි.   


ඒ වන විට ජනාධිපතිධුරය ඉසිලූ මහින්ද රාජපක්‍ෂ මහතා 2015 වසරේදී පැවැති ජනාධිපතිවරණයේදී පරාජයට පත් වූ බවද ඉන් අනතුරුව තම සේවාදායකයා ඇතුළු හිටපු රජයේ ප‍්‍රබලයන්ට විවිධාකාරයේ හිරිහැරවලට මුහුණ දීමට සිදුවූ බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානි ගාමිණි සෙනරත් මහතා රිමාන්ඩ් බාරයට ගත්බවද ගෝඨාභය මහතාටද එම ඉරණමට මුහුණ පෑමට සිදුවී ඇති බවත් සඳහන් කොට ඇත.   


ගෝඨාභය මහතාට එරෙහිව පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම, මිග් 27 ප‍්‍රහාරක යානා මිලදී ගැනීමේදී සිදුවූවා යැයි කියන අවභාවිත ඇතුළු චෝදනා රැසක් එල්ල වූ බවද පදනම් විරහිත එම චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පැමිණිලි ඉදිරිපත් වූ බවද දැනුම් දෙන සනත් විජේවර්ධන නීතිවේදියා ඩී.ඒ. රාජපක්‍ෂ පදනම සහ ශ්‍රී ලංකා ඉඩම් ප‍්‍රතිසංස්කරණ දෙපාර්තමේන්තුව අතර ඇති කරගත් ගිවිසුමක් මත මැදමුලන වීරකැටිය ප‍්‍රදේශයේදී ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ ස්මාරකයක් ලිඛිත ගිවිසුමක් නොමැතිව ඉදිකළ බවද දැනුම් දුන්නේය.   


රජයේ තක්සේරුකරුගේ ඇස්තමේන්තුවට අනුව ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 33ක් වැය වී ඇති බවද ඒ සඳහා වැය වූ සියලු මුදල් පසුගිය ජුලි මස 13 වැනිදා ගෙවා අවසන් කළ බවද අධිකරණයට දැනුම් දුන් නීතිඥ සනත් විජේවර්ධන මහතා ඩී.ඒ. රාජපක්‍ෂ පදනම සහ ශ්‍රී ලංකා ඉඩම් ප‍්‍රතිසංස්කරණ දෙපාර්තමේන්තුව අතර ඇති කරගත් ගිවිසුමක් මත මෙම කටයුත්ත සිදු කොට ඇති බැවින් එය සිවිල් ගිවිසුමකින් බැඳෙන බවද එහි යම් ගැටලුවක් ඇත්නම් එය සිවිල් අධිකරණයකින් විසඳා ගත හැකි බවත් සඳහන් කොට ඇත.   


මෙය සිවිල් කටයුත්තක් වුවත් ශ්‍රී ලංකා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ මුදල් සාපරාධී ලෙස පරිහරණය කරන ලදැයි කියමින් ගෝඨාභය මහතා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති බවත් ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ ස්මාරකය ඉදිකිරීම සඳහා සාපරාධී ලෙස පරිහරණය කරන ලද රජයේ මුදල රුපියල් 25,000/-කට වඩා වැඩි බව සඳහන් කරමින් මේ වෙන විට පොදු දේපළ පනත යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් අධිකරණයට සහතිකයක් ඉදිරිපත් කොට ඇති බවද අධිකරණයට දැනුම් දුන් නීතිඥ සනත් විජේවර්ධන මහතා මෙම සහතිකය පදනම් කරගනිමින් ගෝඨාභය මහතා පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඔහුට රිමාන්ඩ් බන්ධනාගාර ගත වීමට සිදුවන බවද පෙන්වා දී ඇත.   


පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය නීතියට පටහැනි ආකාරයට පොදු දේපළ පනත අවභාවිතයට ගනිමින් ගෝඨාභය රාජපක්‍ෂ රිමාන්ඩ් බාරයට පත් කිරීමේ සුදානමක් ඇතැයිද ඒ පිළිබඳව මාධ්‍ය මඟින්ද හෙළිදරව් කොට ඇතැයිද සඳහන් කරන නීතිඥ සනත් විජේවර්ධන මහතා පොදු දේපළ පණත යටතේ සහතිකයක් ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව කටයුතු කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද මෙම සිද්ධිය පිළිබඳව පොදු දේපළ පනත යටතේ කටයුතු  කිරීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලීමක් කොට ඇත.   


ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කිරීම සඳහා මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය අධිකරණයේ පෙනී සිටිමින් මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට මත්තෙන් මෙහි වගඋත්තරකාර පාර්ශ්වයක් ලෙස නම් කොට සිටින නීතිපතිවරයාගෙන් විමසීමක් කළ යුතුව තිබූ බව අධිකරණය හමුවේ කියා සිටියාය.   


පෙත්සම්කාර ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් අද දින (29) නියෝගයක් ලබාදෙන බව තමන් මාධ්‍ය මඟින් දැනගත් බව අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විසින් අධිකරණයට කරුණු දක්වනු ලැබුවත් මේ සම්බන්ධයෙන් නියෝගයක් ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දී ඇති හෙයින් මෙම නියෝගය ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දෙමින් අභියාචනාධිකරණය අදාළ නියෝගය ප‍්‍රකාශයට පත් කළේය.   


ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්‍ෂණ සිදුකිරීම වලකාලමින් ලබන දෙසැම්බර් 06 වැනිදා තෙක් බලපැවැත්වෙන ආකාරයට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න මහත්වරු අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළහ.   


මුදල් අවභාවිතයක් සිදු වී ඇද්ද? නැත්නම් ගෝඨාභය බන්ධනාගාර ගත කිරීමේ දේශපාලන බලධාරීන්ගේ යටි අරමුණකට අනුව එෆ්.සී.අයි.ඩී. පරීක්‍ෂණ සිදු කරන්නේද?   


හෙට දින මෙයට පිළිතුරු ලැබෙනු ඇත.

සටහන
මනෝප‍්‍රිය ගුණසේකර



අදහස් (0)

ගෝඨාභයට එරෙහි නඩුව මොකක්ද ?

ඔබේ අදහස් එවන්න

 

පුවත්

නව ව්‍යවස්ථාවකට ම.අ.වි. කමිටු වාර්තාව පදනම් කරගත හැකියි
2025 මාර්තු මස 22 14 0

යහපාලන ආණ්ඩුව සමයේ දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන් පත් කරනු ලැබූ මහජන අදහස් විමසීමේ කමිටුව සකස් කළ වාර්තාව නව ආණ්ඩුක්‍රම ව්


කෘෂිකර්ම පර්‌යේ්‍ෂණ සේවයේ සියයට 50ක පුරප්පාඩු
2025 මාර්තු මස 22 15 0

කෘෂිකර්ම පර්‌යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි තනතුරේ අනුමත සේවක සංඛ්‍යාවෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් පුරප්පාඩු වී තිබෙන බව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ


පාලන මිල ඉක්මවා සහල් අලෙවිය තවමත්
2025 මාර්තු මස 22 7 0

ඇතැම් ප්‍රදේශවල මේ වන විට සම්බා හා කීරි සම්බා සහල් හිඟයක් ඇති වී තිබෙන අතර එම සහල් වර්ගවල මිල ඉහළ ගොස් තිබේ. කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 300කටත් සම්බා


පිළිකා හඳුනාගැකීමේ විකිරණ මූලද්‍රවය මෙරටදීම නිපදවෙයි
2025 මාර්තු මස 22 16 0

පිළිකා හඳුනා ගැනීම සඳහා කරනු ලබන පෙට් ස්කෑන් පරීක්ෂණ වෙනුවෙන් යොදා ගන්නා FDG නමැති විකිරණ මූලද්‍රව්‍ය මෙරටදීම නිෂ්පාදනය කිරීම වෙනුවෙන් කටුනායක ප්‍රදේ


ජනපති කොමිෂන් සභා වාර්තා විස්සක් කුණු කූඩේ වැයවූ මුදල කෝටි දෙසීයයි
2025 මාර්තු මස 22 13 0

විවිධ ආණ්ඩු විසින් පසුගිය වසර දහයක පමණ කාලයේදී වරින් වර පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභා විස්සක පමණ වාර්තා තවමත් ක්‍රියාත්මක නොවී හමස් පෙට්ටියේ පවතින


GSP+ බදු සහන අහිමි වුණොත් 73,574ක රුකියා අනතුරේ
2025 මාර්තු මස 22 23 0

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට හිමිවෙන වෙළෙඳ වරණ පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP+ බදු සහන අහිමිවුවහොත් මෙරට කාන්තාවන් හා අඩු නිපුණතා සහිත සේවකයන් ඇතුළු 73,574 දෙ


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 186 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 544 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1169 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site