පුත්තලම සිමෙන්ති සංස්ථාවට අයත් අරුවක්කාරු ප්‍රදේශයේ හිස් ඉඩමකට මීතොටමුල්ල කුණු ගෙන ගොස් දැමීම සඳහා විද්‍යාත්මක අධ්‍යයනයක් මේවනවිට ආරම්භ කර ඇත.
වසර එකහමාරක දෙකක පමණ කාලයක් තුළදී මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳව කඩිනම් තීන්දුවකට එළැඹීමට දැන් සිදුවී ඇත. සිංහල අවුරුදු උදාවත් සමග ජීවිත ගණනක් බිලි ගනිමින් මීතොටමුල්ල කුණු කන්ද නායයාමේ සිද්ධියත් සමග මෙම අවශ්‍යතාව දැඩිව උද්ගත වී ඇත.
මේ සඳහා විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සිදුවී තිබේ. උද්ගත වී ඇති තත්ත්ව සමග අරුවක්කාරු ප්‍රදේශයට කුණු ගෙනයාමට මූලික පරීක්‍ෂණ ආරම්භ කර ඇත. මෙම වැඩ පිළිවෙළේදී ප්‍රබල පරිසර විරෝධයක් ඇති වෙතැයි විශ්වාස නොකෙරේ. එයට හේතුව සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය හුණු ගල් ලබා ගත් මෙම ප්‍රදේශය මුළුමනින්ම ජනශුන්‍ය ප්‍රදේශයක් වීමයි. මේ වන විට හුණුගල් ලබාගෙන අවසන් වීම සඳහා ඒ හුණුගල පැවතුණ වළවල්වල විද්‍යානුකූලව කුණු දැමීමට දැනට පියවර ගනිමින් තිබේ.
අරුවක්කාරු ප්‍රදේශයට කුණු ගෙනගොස් දැමීමේ යෝජනාව මුලින්ම ඉදිරිපත් වූයේ 2000 වර්ෂයේදීය. ලෝක බැංකුවේ මෙහෙයවීමෙන් ඒ සම්බන්ධව මූලික සක්‍යතා අධ්‍යයනයක්ද සිදු කර ඇත.
එම සක්‍යතා අධ්‍යයනයේදී අරුවක්කාරු ප්‍රදේශයට විද්‍යානුකූලව කුණු ගෙනගොස් දැමීමේ වැඩ පිළිවෙළ යෝජනාවක් ලෙස සුදුසු බව තහවුරු කර තිබිණි.
එම යෝජනාව ක්‍රියාත්මක වන තත්ත්වයට පත් නොවූ අතර යළි 2013 වර්ෂයේදී සාකච්ඡාවට භාජනය වී ඇත. එහිදී සනීපාරක්‍ෂක කසළ රඳවනයකට කසළ ඉවත් කිරීමට යෝජනා වී තිබිණි. එලෙස ඉවත් කිරීමේදී තවත් කුණු කන්දක් නිර්මාණය වීමක් සිදු නොවේ.
සනීපාරක්ෂක ලෙසින් කසළ බිම් පිරවුමක් මෙහිදී සිදුවනු ඇත. එහිදී විද්‍යාත්මකව කුණු බැහැර කිරීම සිදු වේ. පාරිසරික හානියක් සිදු නොවේ. ආරම්භයේදී කුණු ප්‍රශ්නයට විසඳුමක් ලෙස කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදු නොවේ. ඵලදායිතාව සඳහා එකවර ක්‍රියාත්මක විය නොහැකිය.
කුණු ගෙනයාම සඳහා විශේෂිත දුම්රිය පෙට්ටි අවශ්‍ය වනු ඇත. කුණු පිළිස්සීම විසඳුමක් නොවනු ඇත. කුණු ටොන් 100 ක් පිළිස්සුව හොත් අළු ටොන් 1/2ක් පමණ ඉතිරිවිය හැකිය. ඒවාද ඉවත් කළ යුතු වේ. කුමන ක්‍රමවේදයක් අනුගමනය කළත් ලාබම ක්‍රමය සනීපාරක්ෂක කසළ රඳවනයක යෙදීම බව අනාවරණ වී ඇත.
මීතොටමුල්ල කුණු කන්ද පවත්වා ගෙන යාමටත් කිසියම් මුදලක් වැය වේ. එබැවින් විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව ලාභදායකම ක්‍රමවේදය සනීපාරක්‍ෂක කසළ රඳවන ක්‍රමයයි. 2015දී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ස්වාරක්ෂක කලාපය ඇතුළත මෙම කුණු රඳවන ස්ථානය පිහිටා තිබීම නිසා එයට පරිසර අනුමැතිය අහිමි විය. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සංරක්ෂක කලාපය ඇතුළත පිහිටා තිබීම හේතුවෙන් අරුවක්කාරු ප්‍රදේශයට කුණු දැමීමේ මූලික වැඩ පිළිවෙළ අවසන් විය.
පරිසර බලපත්‍රය නොලැබීම නිසා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකිවිය. සක්‍යතා අධ්‍යයනය කර අනුමැතිය ලබා දුන්නත් පරිසර බලපත්‍රය නොමැතිව කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ නොහැක. එම ව්‍යාපෘතියට මුදල් පවා අනුමත වී තිබුණි. 2014 දී අමාත්‍ය මණ්ඩලය රුපියල් මිලියන 13,017ක් වැය කිරීමටද තීරණය කර තිබිණි.
දැන් ඒ සඳහා අලුත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. අලුත් ශක්‍යතා අධ්‍යනයක් හා මූලික ඉංජිනේරු කටයුතු තාක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇත.
විල්පත්තු භූමියට අදාළ ප්‍රදේශය මුළුමනින්ම ඉවත් වී සිමෙන්ති සංස්ථාවට හුණුගල් සපයන අක්කර දහස්ගණනක භූමියක් දැන් තෝරා ගෙන ඇත. පුත්තලමේ සිට කිලෝ මීටර් ගණනාවක් ඈතින් මේ බිම පිහිටා ඇත.
සිමෙන්ති සංස්ථාවට මෙම භූමිය අයත් වේ. සංස්ථාවෙන් මෙම භූමිය දැනට සියැං සිටි සිමෙන්ති ලංකා ලිමිටඞ් ආයතනයට දීර්ඝ කාලීන බදු පදනමක් යටතේ ලබාදී ඇත. සරලව බැලුවොත් මෙය රජයේ ඉඩමකි. තවත් විශේෂයක් නම් මේ තෝරා ගත් ප්‍රදේශ සිමෙන්ති සඳහා හාරා අවසන් වූ ප්‍රදේශයකි. නැවත ප්‍රයෝජනයට ගත නොහැකි ප්‍රදේශයකි. ආසන්නයේ පදිංචිකරුවන්ද නැත. මහජන විරෝධයක් ඇති වන්නේ නැතැයිද විශ්වාස කෙරේ.
මීතොටමුල්ල ඒ ලෙසින්ම වෙනත් ස්ථානයකට ගෙනයාම මෙහිදී සිදු නොවේ. මහජනතාව රජයේ සේවකයන්, නිලධාරීන්, විවිධ සංවිධාන, පාසල් දරුවන්, ගුරුවරුන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමද සිදු කෙරේ. කුණු කන්දකින් ප්‍රශ්න ගණනක් ඇති වේ. පළමු වැන්න භූගත ජලයයි. කුණු කන්දෙන් ගලා එන අපජලය නිසා භූගත ජලය හා මතුපිට ජලයද දූෂිත වේ. දුඟද වායු දූෂණය, මැසි මදුරු ප්‍රශ්න, රෝග ප්‍රශ්නය, ජන ජීවිතයට ඇති වන තර්ජන ආදී වශයෙන් කුණු කන්දකින් ඇතිවන ප්‍රශ්න ගණනාවකි. එබැවින් මෙවැනි ප්‍රශ්නවලින් තොරව කුණු ඉවත් කිරීම කළයුතු වේ.
බේසමක පතුලට ඉටු රෙද්දක් වැනි දෙයක් දැමීමෙන් බේසම තෙත්වීම වැළැකී යයි. වැස්සට කුඩයක් ඉහළාගෙන යාම සිදු වේ. කුඩය නිසා වැස්සෙන් පීඩාවක් නොවේ. ඒ ආකාරයට මෙම නව වැඩපිළිවෙළ යටතේ විශාල තාක්‍ෂණික ක්‍රමවේදයන් අනුගමනය කරනු ලබයි. එවැනි ආවරණයක් පොළවට දමා කුණු දැමීම සිදු වේ. වායුව ගමන් කිරීමට බට යොදා ගනී.
මීතොටමුල්ල කුණු සඳහා වෙනම වැඩ පිළිවෙළක් කිරීමට විද්‍යාත්මක අධ්‍යයනයක් කරමින් සිටී. ජලය රැඳීම, පිහිටීම ආදී වශයෙන් දැනටමත් මූලික පරීක්‍ෂණ ආරම්භ කර ඇත. ටොන් 800 ක් දිනකට කුණු එකතු වේ. එහිදී කුණු වර්ගීකරණයද වැදගත් වේ. කුණු ක්‍රමානුකූලව විද්‍යාත්මකව තැන්පත් කරන බව තහවුරු වීමෙන් කාර්යක්ෂමතාව වැඩිවීම සිදු වේ. මේ සියල්ල ක්ෂණිකව සිදු නොවේ. ක්‍රියාවලියක් සඳහා යම් අනුගත කාලයක් අවශ්‍ය වේ.
සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තවත් වසර 3ක් වත් ගතවනු ඇත. ඒ කාලය දීර්ඝවීම නිසා වසර 1 1/2 ක් 2ක් ඇතුළත මේ කාර්ය ඉටු කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වේ. නැවත අවදානමක් නොවන තත්ත්වයට කුණු කන්ද ස්ථාපනය කළ යුතු වේ. ඒ සඳහා දත්ත පරීක්‍ෂා කිරීමේ කටයුතු දැන් ආරම්භ කර ඇත. මෙගා පොලිස් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් තාක්ෂණ කමිටුවක් මගින් දත්ත පරීක්‍ෂා කිරීමේ කටයුතු කරමින් සිටී. එම පරීක්‍ෂා කිරීම්වලින් පසු කළයුතු දෑ තීරණය කරනු ඇත.
මෙය විශාල කුණු කන්දක් වන නිසා ගතයුතු පියවර පිළිබඳව තාක්ෂණ කමිටුවේ තොරතුරු මත තීරණය කරනු ඇත.
ටොන් 1200 ක් කුණු දවසකට විද්‍යානුකූලව අපහරණය කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා දුම්රිය මාර්ගය සැකසීම ඇතුළු කටයුතු සිදුවනු ඇත. මෙම ව්‍යාපෘතියට ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක් පමණ වැය වනු ඇතැයි දළ වශයෙන් ගණන් බලා තිබේ.
දයාසීලි ලියනගේ
(ඡායාරූප -- හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් නිදොස් කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ විරෝධතාව සහ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යවල පළවූ කරුණු පිළිබඳ පැහැදිලි කරමින් නීතිපත
වී මිලදී ගැනීම සඳහා රජය වෙන් කර තිබෙන රුපියල් කෝටි 500ක මුදලින් මිලදී ගත හැකි වී මෙ.ටො. 41,000 තොගයෙන් ලැබෙන සහල් ප්‍රමාණය රටේ ජනතාවට ප්‍රමාණවත් වන්නේ දින හතර
මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට ඇතුළු වූ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ආයතනයට අනුබද්ධ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මෙරටින් ඉවත් වෙ
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු කිරීම වෙනුවෙන් කෙරෙන සාකච්ඡා කඩාකප්පල් කිරීමට සමගි ජන බලවේගයේ කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව එම බලවේගයේ ජ
වාණිජ බැංකු ණය මුදල් නිකුත් කිරීමේදී සෙසු සියලු සාධක ඉවතලා ක්‍රිබ් වාර්තාව (ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව) මූලික පදනම කරගෙන ණය අයැදුම් පත්‍ර ප්‍රතික්
විශ්වවිද්‍යාල 17 හා උසස් අධ්‍යාපන ආයතන සැලකීමේදී පොදුවේ අනධ්‍යයන කාර්ය මණ්ඩල හිඟය සියයට විස්සත් විසිපහත් දක්වා ඉහළ ගොස් තිබෙන බව අනධ්‍යයන කාර්යමණ්ඩල
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කොළඹ කුණු දාන්න යන අරුවක්කාරුවේ හිස්බිම