IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කිරිවෙහෙරේ නාහිමියන්ට වෙඩි තැබීමේ අබිරහස

කතරගම යනු ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍රස්ථානයකි. හිංදු, බෞද්ධ, මුස්ලිම් යන ආගම් අදහන අය එකට එක්ව වැඳුම් පිදුම් සිදුකරන කතරගම පුරවයේ ඇති ප්‍රධාන සිද්ධස්ථාන අතර බුදුරදුන් තෙවැනි වර ලංකාවට වැඩිය සමයේ දී කතරගම වර්තමානයේ කිරිවෙහෙර ඇති ස්ථානයේ එවකට තිබූ කිහිරි වනයට වැඩම කර සමවත් සුවයෙන් වැඩසිටිය බව ඉතිහාසය සාක්‍ෂි දරයි. බුදුන් වැඩිය කිරි වෙහෙරත් කතරගම දෙවියන් වැඩ සිටින මහා දේවාලයත් වැඩ සිටි කන්ද හා මැණික් ගඟ බැතිමතුන් දැඩි ආදර ගෞරවයෙන් වැඳුම් පිදුම් කරන ස්ථානයන්ය. 


 ආගමික අතින් විශේෂිත වූ කතරගම පුරවරය වසර කීපයක සිට නිතර අපරාධ සිදු වන ඇ​ෙමරිකාවේ චීකාගෝ නගරය මෙන් අසුන්දර වෙමින් පවතී. සෑම මසකම අපරාධයක් සිදු​ෙවන තරමට කතරගම දැන් අමිහිරි වී ඇත. 


 පසුගිය මාස කීපයේ දී කතරගම නගරය මුල් කර ගෙන අපරාධ රැසක් සිදුවිය. තරුණයකුට පොලිස් නිලධාරියකු වෙඩි තබා ඝාතනය කිරීම ඉන් එකකි. මෙයටම ආසන්නම සිදුවීමක් වූයේ බුද්ධි අංශ නිලධාරියකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමය. 


 නගරයේ සිදු වූ අපරාධ රැල්ල මේ වනවිට කතරගම පුදබිම වෙත ද පැමිණ තිබේ. කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ද බෝර 12 තුවක්කුවකට බිලි වී වෙන්නට තිබූ අවාසනාවන්ත සිදුවීමක් උතුම් කිරිවෙහෙර හා කතරගම දෙවියන්ගේ අනුහසින් වැළකී ගියේය. 


 මේ ​වන විටත් කතරගම ජනයා මෙන්ම රටේ ජනයා ද මවිතයට පත් කිරීමට කොබවක ධම්මින්ද හිමියන්ට වූ වෙඩි තැබීම සමත්වී ඇත. 


 කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති ලෙස වර්තමානයේ වැඩ වසන කොබවක ධම්මින්ද හිමියන් විවිධ වූ අභියෝග රැසක් මත වැඩ වාසය කරන හිමිනමකි. 


 කතරගම කිරිවෙහෙර නායක හිමියන් වූ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක වූ අාචාර්ය සෝරත හිමියන් 2013.8.24 වැනි දින අපවත් වීමෙන් පසුව විහාරස්ථානයේ ගැටලු රැසක් පැන නැගී තිබුණි. එයට හේතුව වූයේ නව විහාරාධිපතීන් වහන්සේ නමක් අපවත් වූ සෝරත හිමියන් කලින් නම් නොකිරීම හේතුව මත කිරිවෙහෙර වැඩ විසූ භික්ෂුන් වහන්සේලා කීප නමක් විහරාධිපතිත්වය ලබා ගැනීම පිණිස ඉදිරිපත් වීමයි. මෙම හේතුව මත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට සිදු වූයේ තාවකාලිකව විහාරස්ථානයේ භාරකාරත්වය කතරගම ප්‍රාදේශීිය ලේකම්වරයාට පැවරීමටය. 


 එතෙක් වැඩ බැලීම පිණිස කිරිවෙහෙර වාසී ආචාර්ය වාචීශ්වර හිමියන් පත් කළ අතර පසුව මල්වතු නායක හිමියන් විසින් උපසම්පද‌ා වූ පිළිවෙළ අනුව නව විහාරාධිපතීන් වහන්සේ ලෙස කොබවක ධම්මින්ද හිමියන් පත් කරනු ලැබීය. 


 එතැන් සිට කොබවක ධම්මින්ද හිමියන් විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ ලෙස පත් වුවද විවිධ වූ ගැටලු කුමන්ත්‍රණ රැසක් හමුවේ මුහුණ දෙමින් ආගමික වශයෙන් ඇති උත්තරීතර වූ කිරි වෙහෙර රැක ගැනීමට සමත් වූහ. 


රාජ්‍ය නොවන සංවිධාන විසින් අන්‍ය ආගම් වෙත ගෝතමීගම, නගහවීදිය ගම් තුළ ජීවත් ​වන දුගී පවුල් නැඹුරු කර ගනිමින් සිටිය දී ඔවුන්ගේ පවුල් තුළ ඇති කටුක බව හඳුනා ගෙන නිවාස සාදවා දීම, ජල පහසුකම් ලබා දීම වැනි සත්ක්‍රියා රැසක් ඉටු කරනු ලැබුවේ කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණ තිස්ස හිමියන් ද එක් කර ගනිමින්ය. 


 කතරගම ප්‍රදේශයේ පාසල් දරුවන් වෙනුවෙන් ශ්‍රී රේවත දහම් පාසල ආරම්භ කරමින් දරුවන්ට දහම් අධ්‍යාපනය ද ලබා දෙමින් ආගමික ශාසනික මෙහෙවරක් ඉටු කරමින් කතරගම ප්‍රදේශයේ ජනයාගේ ගෞරව අාදරයට පාත්‍ර වූ කොබවක ධම්මින්ද හිමියන් පැමිණීමත් සමග විහාරස්ථානයේ සේවයේ නියුතු පිරිසකට උන් වහන්සේ ගේ පැමිණීම බාධාවක් වී තිබුණි. 


 සොරකමටත් වංචාවටත් වැටබැඳීම මත පිරිසක් කොබවක ධම්මින්ද හිමියන් සමග උරණ වූ අවස්ථා ද විය. 

 

 

පසුගිය 2017 නොවැම්බර් මාසයේ දී විශේෂ සිදුවීම් කීපයක් සිදුවිය. කිරි වෙහෙර අභියස ඇති මහසෙන් දේවාලයේ සේවය කළ කපු මහතුන් දෙදෙනෙකු හා සේවකයින් තිදෙනකු සිය සේවයෙන් ඉවත් කිරීමයි. කොබවක ධම්මින්ද හිමියන් පැවසුවේ මුදල් අක්‍රමිකතා රැසක් මෙම මහසෙන් දේවාලයේ මහතුන් සිදුකර ඇති බවයි. දේවාලයට ලැබෙන විවිධ දේවල් විමසීමකින් තොරව රැගෙන ගිය බවත් බැතිමතුන්ගෙන් ලැබෙන චෝදනා මුල් කරගෙන මේ සේවකයින් ඉවත් කළ බවයි. 


මෙම පිරිස කීප වතාවක් කොබවක ධම්මින් ද හිමියන්ට තර්ජනයන් සිදු කළ බව පවසා පොලිසිවලට පැමිණිලි ද කර තිබුණි. 


පසුව මෙම පිරිස තිස්සමහාරාම අධිකරණයේ කොබවක ධම්මින්ද හිමියන්ට එරෙහිව නඩුවක් පනවා තිබුණි. මෙම නඩුව පසුගියදා කොබවක ධම්මින්ද හිමියන්ට පක්‍ෂව තීන්දුවක් ලැබුණේ විහාරස්ථානයට අයත් දේපළක් සේවකයින්ට නොව නායක හිමියන් හට අයිතියක් ඇති බව පවසමින් ලැබුණු තීන්දුවක් අනුවයි. 


පසුගිය 12 වැනි දින රාත්‍රි කොබවක ධම්මින්ද හිමියන් හා කිරි වෙහෙර වාසී විදුපොළ සෝභිත හිමියන් සමග කිරිවෙහෙර උඩ මළුවට ගොස් වන්දනා කර නැවත විහාරස්ථානයට පැමිණෙමින් සිටියහ. කිරිවෙහෙර වෙත පිවිසෙන ප්‍රථම පඩිය බැස ගත් කොබවක ධම්මින්ද හිමියන් වෙත එක් වරම වම් අත පැත්තෙන් ඇති නුග ගස ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් වෙඩි තැබීය. වෙඩි තැබීමත් සමග වෙඩික්කරුවන් දිව ගිය අතර වෙඩි වැදුණු නායක හිමියන් බිමට ඇද වැටුණි. කොබවක ධම්මින්ද හිමියන් සමග ගිය සෝභිත හිමියන්ගේ ද පාදයට වෙඩිල්ලේ යකඩ කැබැල්ලක් වැදී සුඵ තුවාල සි දුවිය. 


කොබවක ධම්මින්ද හිමියන් ගේ පාදවලට ද වම් අතට ද බඩ ප්‍රදේශයට ද වෙඩි වැදී බරපතළ තුවාල ලබා ප්‍රථමයෙන් කතරගම දිසා රෝහල වෙත යොමු කර පසුව හම්බන්තොට මූලික රෝහල වෙත යවන ලදී. 
හම්බන්තොට රෝහල වෙත රැගෙන ගිය කොබවක ධම්මින්ද හිමියන්ට වෛද්‍යවරුන් විසින් පැය 02 කට ආසන්න කාලයක් සැත්කමක් ද කර උන් වහන්සේගේ ජීවිත අවදානමෙන් බේරා ගැනීමට සමත් වූහ. 
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා උන්වහන්සේ ගුවනින් කොළඹට රැගෙන එනු ලැබීය. 


මෙම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් අල්ලා ගැනීමට තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතල් මහතාගේ උපදෙස් පරිදි කතරගම පොලිස් ස්ථානාධිපති උපාලි කාරියවසම් මහතා සමග විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා පරික්‍ෂණ කිරීමේ ප්‍රතිඵලය මත සැකකරුවන් දෙදෙනකුගේ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විය. 


හොණ්ඩා වර්ගයේ රතු පැහැති රථයක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. මෙම රථය මහසෙන් දේවාලයේ සේවය කර සේවය අත්හිට වූ අසේල බණ්ඩාර වන අයගේ බවට පොලිසිය හඳුනා ගනු ලැබීය. 
මෙයට අමතරව මහසෙන් දේවාලයේ සේවයෙන් ඉවත් කළ කපු මහතාගේ නිවස ද පොලිසිය විසින් වටලා පරීක්‍ෂාවට ලක් කරනු ලැබීය. 


මෙහි දී බෝර 12 තුවක්කුවට දමන ලද පතුරම් කීපයක් හා කඩුවක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුවත් අදාළ ප්‍රධාන සැකකරු වන කපු මහතා නීතියෙන් සැඟව තිබුණි. 


 මෙම වෙඩි තැබීම නිසැකවම මහසෙන් දේවාලයේ සේවය කළ අසේල බණ්ඩාර නමින් හඳුන්වන කපු මහතා ඇතුළු පිරිසකගේ ක්‍රියාවක් බව කතරගම කිරිවෙහෙර වාසී තලගල ඤාණේන්ද්‍ර හිමියන් විවෘතව අදහස් පළ කරමින් වෙඩි තැබූ පුද්ගලයින් සම්බන්ධව කරුණු හෙළි කළහ. 

 

 

මේ සම්බන්ධව අදහස් දැක්වූ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝානයක කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන් පැවසුවේ, බැතිමතුන්ගේ ගෞරවයට පත්‍ර වූ කිරිවෙහෙර විහාරස්ථානයත් කතරගම දෙවියන්ට අයත් දේවාලය පිහිටි භුමියක ප්‍රථම වතාවට මේ වැනි අයුරින් සංඝයා වහන්සේ නමක් ඝාතනයට තැත් කිරීම, මෙම සිද්ධිය තුළින් මෙම පූජනීය ස්ථානවලට අගෞරවයක් වීමත් මේ උතුම් භූමියේ බුද්ධ චීවරයට වෙඩි තැබීම තුළින් කතරගමට ද පාතාල සිදුවීම පැමිණ ඇති බව හොඳින් පිළිබිඹු ​ෙවන බවයි. මත්ද්‍රව්‍ය, මත්පැන්වලට ඇබ්බැහි වූවන් මේ වැනි පහත් ක්‍රියා සිදු කරන බව පැවසූ කපුගම සරණතිස්ස හිමියන් පැවසුවේ මේ වැනි අයුරින් වෙඩි තබා යන තෙක් අදාළ පුද්ගලයින් අල්ලා ගැනීමට පොලිසිය අසමත් වූයේ කතරගම පොලිසියට අවශ්‍ය තරම් නිලධාරින් නොමැතිකම මත බැවින් සාමය හා නීතිය පිළිබඳව අමාත්‍යවරයාගේ හා පොලිස්පති තුමාගේ අවධානය යොමු කර කතරගම පොලිසියටත් කතරගම පුදබිම වෙතත් නිසි ආරක්‍ෂාව සැපයීමට හැකි නිලධාරින් ලබා දෙන ලෙසයි. ප්‍රදේශයේ සියලුම විහාරස්ථාන හිමිවරුන් වෙනුවෙන් තමන් වහන්සේ මෙම වෙඩි තැබීම තරයේ හෙළා දකින බව ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන් සඳහන් කරනු ලැබීය. 


මෙම සිදුවීම සම්බන්ධව අදහස් දැක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද පැවසුවේ රටේ පවතින නීතියේ ලිහිල් බව නිසා මේ වැනි ක්‍රියා සිදු​ෙවන බැවින් මේ සම්බන්ධව පොලිස්පතිවරයා වග කිව යුතු බවයි. 
 තිස්සමහාරාම රාජ මහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියන් පැවසුවේ කිසිදු දිනයක අසනන්ට නොලැබෙන පරිදි මේ වනවිට වර්තමානයේ අපරාධ රැල්ලක් දියුණු වී ගෙන ඇවිත් ඇති බවයි. බුදුන්ගේ ලේ සෙලවීම, මව්පියන්ගේ ලේ සෙලවීම, සංඝයාගේ ලේ සෙලවීම. ගුරුවරුන්ගේ ලේ සෙලවීම අානන්තර්ය පාප කර්මයක් බව බුදුන් වහන්සේ දේශනා කර ඇති බවයි. මහා සංඝයා වහන්සේ නමකට මේ වැනි අයුරින් වෙඩි තැබීම හෙළා දකින බව තිස්සමහාරාම රාජ මහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියෝ පැවසූහ. 


 අශ්වයා පැනගිය පසුව ඉස්තාලය වසා තැබූ පරිදි මේ ​වනවිට කතරගම පුදබිමට විශාල පොලිස් ආරක්‍ෂාවක් යොදවා තිබේ. කතරගම නගරයත් පුදබිමත් ආරක්‍ෂා කිරීම පොලිසියේ වගකීමකි. කිරිවෙහෙර මාර්ගයේ ද ජංගම වෙ​ෙළඳුන් ලෙස මංකොල්ලකරුවන් නිතර සැරිසරමින් වන්දනාකරුවන්ගේ රන්භාණ්ඩ සොරා ගැනීම නිතර සිදු​ෙවන තවත් ක්‍රියාවලියකි. නාගහ වීදිය අද වර්තමානයේ විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තිප්පළක් බවට පත්ව ඇත. මේ සම්බන්ධව රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රි අභිනවාරාමාධිපතින් වහන්සේ හා කිරිවෙහෙර විහාරාධිපතින් වහන්සේලා දෙනම නිතර වග කිවයුතු නිලධාරින්ට ඇමැතිවරුන්ට දැනුම්වත් කිරීම් නිතර සිදුවිය. 


 කතරගම නගරයත් පුදබිමත් මේ ​වනවිට අනාරක්‍ෂිත ප්‍රදේශයක් බවට පත්ව ඇත්තේ නීතියක් නැති රටක් ලෙසය. 

 

 

 

 

 සටහන ඡායාරූප
කතරගම කේ.ඩී. දේවප්‍රිය



අදහස් (0)

කිරිවෙහෙරේ නාහිමියන්ට වෙඩි තැබීමේ අබිරහස

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31374 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13607 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11017 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1032 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site