(දයාසීලි ලියනගේ)
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් ලබන 3 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.
ආන්දෝලනාත්මකව පවතින කරුණක් ගැන ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකට රැස් කරවා සමුළුවක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙය බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම වැඩ මුළුවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාද සහභාගි වීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd