ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැලිය සංවිධානය කිරීම පිළිබඳ සියලු ආසන බල මණ්ඩල අද (9) රැස්වීමට සැලසුම් කර ඇති බව ‘ඉරිදා ලංකාදීප’යට වාර්තා වේ.
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ඒකාබද්ධ විශේෂ මැයි රැලිය ජනතාව රජයට විරෝධය දැක්වීම සඳහා යොදා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැලිය පැවැත්වීම සඳහා ලංකාවේ සෙනඟ වැඩිම ප්‍රමාණයක් රැස්කළ හැකි පිටිය ඉල්ලිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කරන ලද ඉල්ලීමට අනුව ගාලු මුවදොර තෝරා ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභා නියෝජිතයන් හා ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වන නියෝජිතයන් මෙම රැලියට සහභාගි වනු ඇතැයිද ඔහු කීය.
“මව්බිම, වැඩබිම, ගොඩබිම රැකුමට පෙරට එන්න,” තේමාව මූලික කර ගනිමින් මෙම මැයි රැලිය පැවැත්වේ.
මැයි රැලිය පිළිබඳව පැවැති සාකච්ඡාවේදී ගාලු මුවදොර පිරෙන්න ජනතාව රැස්කළ හැකිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා මෙහිදී විමසා ඇති අතර එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ රජයට එරෙහි ජනතා විරෝධය පෙන්විය හැකි හොඳම අවස්ථාව මෙය නිසා ඒ අභියෝගයට මුහුණ දිය යුතු බවයි.
2025 දෙසැම්බර් මස 04
21
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඒකාබද්ධ මැයි රැලියේ බලමණ්ඩල රැස්වීම අද