(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලබන අගෝස්තු මාසයේ දී පමණ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.
එය ෙපාදුජන පෙරමුණේ සමුළුවකදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කෙරෙන්නේ ද නැතිනම් එම අපේක්ෂකයා ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බැවින් පක්ෂ නායකයින්ගේ රැස්වීමක දී හිටපු ජනාධිපතිවරයා විසින්ම ප්‍රකාශයට පත්කෙරෙන්නේ ද යන්න මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ආකාරය සම්බන්ධයෙන් විපක්ෂය තුළ මත දෙකක් තිබෙන බව කී එම ප්‍රකාශකයා එය සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව සඳහන් කළේය. පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව ද ඔහු කීවේය.
සිංගප්පූරු රෝහලක දී සැත්කමකට භාජනය වී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝ්‍ඨාභය රාජපක්ෂ මහතා සති දෙකකට පමණ පසුව දිවයිනට පැමිණෙනු ඇතැයි ද එම ප්‍රකාශකයා පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එ්කාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂක අගෝස්තුවේ කරළියට