(නිශාන්ත කුමාර බණ්ඩාර)
උතුරු පළාත් සභාවේ මීළඟ ප්‍රධාන අමාත්‍යධුර අපේක්ෂකයා ලෙස නැවතත් සී.වී. විග්නේෂ්වරන් මහතා පත්කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඉදිරියේදී මේ සම්බන්ධව විග්නේෂ්වරන් මහතාට දැනුම් දී දෙමළ සන්ධානයේ නායක, විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා සමඟ සියලු නියෝජිතයන් ඒකරාශි වී සාකච්ඡා කිරීමට නියමිතයි.
උතුරු පළාත් සභාව සඳහා වෙනත් අපේක්ෂකයකු නම් කළහොත් දෙමළ සන්ධානය තුළ ඇතිවන බෙදීම වළක්වා ලීම සඳහා මෙම පියවර ගෙන ඇත. උතුරු පළාතේ මීළඟ අපේක්ෂකයා ලෙස මාවෙයි සේනාධීරාජා මහතා පත්කිරීමට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් යෝජනා කර තිබේ.
විග්නේෂ්වරන් මහතාට නැවත වරක් අපේක්ෂත්වය ලබාදීම සම්බන්ධයෙන් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සුමන්තිරන් මහතා විරෝධය පළ කර තිබුණි.
කෙසේ වෙතත් විග්නේෂ්වරන් මහතාට උතුරේ තිබෙන ජනතා ප්‍රසාදය අනුව වෙනත් අයෙකු ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක ධුරයට පත් කළ හොත් සන්ධානයට ලැබෙන ජනතාවගේ කැමැත්ත බිඳ වැටෙන නිසා නැවත ඔහුට එම අවස්ථාව ලබාදීමට දෙමළ සන්ධානය තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුර විග්නේෂ්වරන්ටම දෙන්න ටීඑන්ඒ තීන්දු කරයි