IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සැබෑ විශ්වාසභංගයක් ගේන්න ඕනෑ සමස්ත ආණ්‍ඩුවටමයි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී නලින්ද ජයතිස්ස

මේ දිනවල වඩාත් කතාබහට ලක්වන මාතෘකා කීපයක් පිළිබඳව මේ අදහස් දැක්වීම ජ.වි.පෙ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සගෙනි.


ඔබේ විරෝධතාවලට ඇහුම්කන් දීලා ආණ්‍ඩුව තෙල් මිල අඩු කරයිද?


මේක ඉතා අසාධාරණ තෙල් මිල වැඩි කිරීමක්. කොවිඩ් නිසා ජනතාව අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවෙ ආණ්ඩුව සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන ආකාරයට තමයි තෙල් මිල වැඩි කරලා තියෙන්නේ. මේ දැන් තෙල් මිල වැඩි කළාට පස්සෙ ඒකට ආණ්‍ඩුව ඉදිරිපත් කරන තර්ක කිසිසේත්ම සාධාරණ නෑ. ඒ හේතු දැන් කියලා වැඩක් නෑ. තෙල් මිල වැඩි වීමත් එක්ක බනිස් ගෙඩියේ ඉඳල සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. දැන් හරි හමන් දෛනික ආදායමක් නැතුව කොවිඩ්වලින් පීඩාවට පත්වෙච්ච අය ඇතුළු හැම දෙනාම මේකෙන් ලොකු අමාරුවක වැටෙන්නේ. ඒ නිසා තමයි අපි කොවිඩ් සංචරණ සීමා තිබියදී පවා ඒවට යටත්ව අපේ විරෝධතාවය දක්වන්න පාරට බැහැල තියෙන්නේ. ජනතාව ගැන හිතන ආණ්ඩුවක් නම් දැන් තෙල් මිල අඩු කරන්න ඕනෑ. කොවිඩ් නිසා විරෝධතාවය පැවැත්වීමට නොහැකි වීම ආණ්ඩුවට තමන්ගේ වාසියට හරවගෙන ඉන්න නිසා තමයි අපි පුළුවන් ආකාරයට අපේ උපරිම මැදිත්වීම මේ සඳහා කරන්නේ. පසුගිය ආණ්ඩුව මිල සූත්‍රයක් ගෙනල්ලා තෙල් මිල වැඩි කළා. මේ ආණ්ඩුව තෙල් මිල වැඩි කරල සූත්‍රයක් ගෙනාවා. දෙගොල්ලොම ජනතාව ගැන හැඟීමක් නැති තක්කඩි කියන එක දැන්වත් ජනතාව අවබෝධ කරගන්න ඕනෑ.


කලින් ආණ්‍ඩුව තෙල් මිල වැඩි කරද්දි විපක්ෂය බයිසිකල් පැද්දා. මේ ආණ්‍ඩුව තෙල් මිල වැඩි කරද්දි විපක්ෂය ට්‍රැක්ටර් පදිනවා. තෙල් ඇමැතිට විශ්වාසභංග යෝජනාවකුත් ඇවිල්ලා දැන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තුන් දෙනෙක් මේ විශ්වාසභංගයට සහාය දෙනවද?


දැන් කාලයක් තිස්සේ මේ දෙගොල්ලො තමයි මාරුවෙන් මාරුවට බලය ගත්තේ. දෙගොල්ලොම ගෙනියන්නේ එකම ආර්ථික ප්‍රතිපත්තියක් නිසා විපක්ෂයේ ඉන්නකොට කරන විරෝධතා හුදු ප්‍රයෝග විතරයි. ඇත්තටම කිව්වොත් ඒවා ප්‍රෝඩාකාරී වැඩ. මහින්ද රාජපක්ෂල බයිසිකලෙන් යද්දි සමගි ජනබලවේගයේ අය ට්‍රැක්ටර්වලින් ත්‍රීවීලර් වලින් ආවා. විපක්ෂ නායකතුමා නම් ප්‍රභූ ආරක්ෂාව යටතේ එනවා දැක්කා. මේකෙන් ඔවුන් කරන්නේ සැබෑ ජනතා විරෝධය කොල්ලකෑමක්. මේක ඔවුන්ට බලය ලබා ගන්න කරන උත්සාහයේ එක ක්‍රියාවක් විතරයි. අවංකවම ජනතාව වෙනුවෙන් කරන අරගලයක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස අද කරන්නේ ආණ්ඩුවට එල්ලවෙන සැබෑ ජනතා විරෝධය දියාරු කර හැරීමක්. විශ්වාසභංගයත් ඒ වගේම එකක්. මේ වෙලාවෙ විශ්වාසභංගයක් ​ගේනන ඕන ආණ්‍ඩුවටමයි. මොකද තෙල් මිලවැඩි කළේ ගම්මන්පිල නෙවෙයිනේ. ගම්මන්පිලට කරන්න පුළුවන් දෙයක් නෑ, උඩින් කියන දේ තමයි එයා කරන්න ඕනෑ. ඒක නිසා සමගි ජනබලවේගය මේ කරන්නේ සැබෑ විරෝධය එල්ල කරන්න ඕන තැන මග හැරලා ඒක වෙනතට යොමු කරලා මේ අරගලය හෑල්ලුවට පත් කරන එක. විශ්වාසභංගයට අපේ සහාය දෙනවද නැද්ද කියලා අපි පසුව ප්‍රකාශයට පත් කරනවා. ඒ කොහොම වුණත් සැබෑ විශ්වාස භංගයක් ගේන්න ඕනෑ සමස්ත ආණ්‍ඩුවට කියන කාරණය තමයි අපි මතු කරන්නේ.


එක්ස්ප්‍රස් පර්ල් නැව මූදේ යටට ගිලුණ වගේම ඒ ප්‍රශ්නෙත් ටික ටික යට යනවා වගේ නේද? වන්දියවත් හම්බවෙයිද හරියාකාරව මේ යන විදියට.


කිසිම ප්‍රශ්නයක් ඉවර නෑ. යට යනව විතරයි. ආණ්‍ඩුව අමන වැඩ පිළිවෙළ නිසා ප්‍රශ්න ඇතිවෙන වේගය වැඩිවීමක් තමයි වෙලා තියෙන්නේ. එතකොට එක ප්‍රශ්නයකට අවධානය යොමු වෙන කාලය අඩුයි. අලුතෙන් ඇතිවෙන ප්‍රශ්නය නිසා කලින් ප්‍රශ්නයට යනවා. ඒත් ඒවට විසඳුම් නෑ. නැවේ ප්‍රශ්නයේ විපාක අපිට අවුරුදු ගණනාවක් යනතුරු විඳින්න වෙයි. අනෙක් අතට දැන් ලැබිය යුතු වන්දියවත් නොලැබෙන තත්ත්වයන්ට ආණ්‍ඩුවෙ හැසිරීම හේතුවෙලා තියෙනවා. නැව් සමාගම වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥවරු කියන්නේ නැවේ ගින්න පැතිරෙන්න දීලා බලාගෙන හිටියේ ඒකෙන් වාසියක් ගන්න වගේ තර්ක. ආණ්‍ඩුවෙ ඇමැතිලත් ඒක ඒත්තු යන විදිහෙ ප්‍රකාශ තමයි කෙරුව සැරින් සැරේ. මේකෙ පාඩුව ආණ්‍ඩුවට නෙවෙයි රටට. මේ ආණ්ඩුව පස්ස බලන්නේ ජනතාවට විතරක් කන්න බොන්න නෙවෙයි, ඉන්න හිටින්නවත් රටක් නැති කරලා.


රනිල් වික්‍රමසිංහ යළි පාර්ලිමේන්තුවට ආපු එකත් රටේ කතා බහ වෙන මාතෘකාවක්. ජවිපෙ ඒක දකින්නෙ කොහොමද?


රනිල් වික්‍රමසිංහ මහත්තයට තමයි අගමැතිධුරය දරණ කාලයටත් වඩා වැඩි සතුටකින් දැන් විපක්ෂයට වෙලා වාඩිවෙලා බලාගෙන ඉන්න පුළුවන්. මොකද ඔහු අගමැති වෙලා ඉද්දි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරපු ආර්ථික ප්‍රතිපත්තිය ඔහුගේ වැඩ පිළිවෙළ ඊටත් වඩා හොඳින් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් යනවා. ඉතින් ඔහුට සතුටු නැද්ද. උදාහරණයක් කියනවනම් රනිල් වික්‍රමසිංහත් සූදානම් වුණා කොළඹ නගරයේ තියෙන වටිනා ඉඩම් විකුණන්න. අද රාජපක්ෂලා ඒක ඊට වඩා වේගයෙන් ඒ වැඩේ කරගෙන යනවා. රනිල් වික්‍රමසිංහ ඒ වැඩේ කරද්දි විරුද්ධ වුණු අයත් අද සද්ද නැතුව ඉන්න නිසා වැඩේ තවත් පහසුයි. අද සෙලෙන්දිව සමාගම හරහා හොඳ සුද්දෙයක් දෙන්න හදන්නේ. ඒත් එදා කෑගහපු සංඝයා වහන්සේලා පවා අද නිහඬ පිළිවෙතක ඉන්නවා. ඉතින් රනිල් වික්‍රමසිංහට සතුටු නැද්ද රනිල්ට ඕන වැඩේ ගෝඨාභය සහ මහින්ද කරල දෙනකොට. ඔහුට තියෙන්නේ පාර්ලිමේන්තු අසුනට වෙලා සතුටින් ඉන්න. ඒක නිසා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ආපු එක රටේ ජනතාවට නම් විශේ‍ෂ යහපතක් නෑ.


අනුරුද්ධ පාදෙණිය දොස්තර කියනවා කොවිඩ් දත්ත ගැන. මේවගේ කුමන්ත්‍රණ කාරයො ඉන්නවලු. ඔබත් වෛද්‍යවරයෙක්නෙ මොනවද මේ කුමන්ත්‍රණ?


කුමන්ත්‍රණය දෙයාකාර විය හැකියි. එකක් තමයි කොවිඩ් සම්බන්ධ දත්ත, මරණ පිළිබඳව, ආසාදිතයන් පිළිබඳව තොරතුරු සඟවලා පී.සී.ආර්. අඩුවෙන් කරලා කොවිඩ් ප්‍රශ්නය බරපතල නෑ කියලා පෙන්වීමේ කුමන්ත්‍රණය. ඒක ගැටගැහිලා තියෙන්නේ ‘‘මම තමයි හොඳටම කළේ’’ කියන ආණ්‍ඩුවේ දැක්මත් එක්ක. අනිත් පැත්තට කොවිඩ් මරණ ආසාදිතයන් වැඩියෙන් පෙන්නල පී.සී.ආර්. වැඩිපුර කරලා ආසාදිතයන් වැඩියෙන් පෙන්නන්න ඕනෑ. කවුරු හරි එහෙම කරනව නම් ඒකෙ අරමුණ ආණ්ඩුව අසමත් කියලා කියන එකනේ. ජනාධිපති එක්ක තිබුණු සාකච්ඡාවේදී ඔය කුමන්ත්‍රණ කතා කියපු අයගෙ දේශපාලන ගනුදෙනු කරන්නේ කාත් එක්කද කියලා කවුරුත් දන්නවා. සෞඛ්‍ය අංශවල අඩුපාඩුත් අකාර්යක්ෂම බවත් කියන්නේ එ්ක මාධ්‍ය ඉස්සරහ කියලා සංදර්ශන විලාසයේ පෙන්නන එකට වඩා අදාළ පුද්ගලයින්ට කතා කරලා විසඳගන්න එක තමයි හරි විදිය. එහෙම නැතුව මාධ්‍ය ඉස්සරහ නිලධාරීන්ට සද්දෙ දාල තම තමන්ගෙ නොහැකියාව වහගන්න හදන එක රාජ්‍ය නායකයකුගේ අපරිනතකම මිසක් දක්ෂතාවය නොවෙයි. කොවිඩ් ප්‍රශ්නය මේ තරම් අර්බුදයකට ගිහින් තියෙන ඒකෙන් පෙන්වන්නේ ජනාධිපතිගෙ සහ ආණ්‍ඩුවෙ වගකිවයුත්තන්ගේ අසමත් කම මිසක් වෙන දෙයක් නොවෙයි. ඒක තමන්ගෙ ළඟ ඉන්න සුරතලුන් ලව්වා වෙන වෙන අය පිට පටවලා අත හෝදගන්න ජනාධිපතිතුමා උත්සාහ කරනවානම් ඒකත් ඔහුගේ අදක්ෂකම පෙන්වීමක්.


රටින් ධාන්‍ය ඇටයක් ගෙන්නෙ නෑ කියපු ආණ්ඩුව පොහොර ගෙන්වන්නෙ නැතුව හාල් ගෙන්වනවා.


රාජ්‍ය පාලනය පිළිබඳ නොහැකියාව ගැන මේ ආණ්‍ඩුවෙන් උදාහරණ දෙන්න පුළුවන් ඕනෑ තරම්. ඔය පොහොර ප්‍රශ්නෙත් එකක්. සංකල්පයක් හැටියට අපි කවුරුත් කාබනික පොහොර භාවිතය පිළිබඳව ඉන්නේ සුබවාදී අදහසක. ඒ ගැන විවාදයක් නෑ. ඒත් ඒවා කරන්න ඕන ක්‍රමානුකූලව. ලෝකයේ රටවල්වලින් ඒවට අත්දැකීම් ගන්න පුළුවන්. වේගයෙන් කාබනික පොහොර භාවිතයට ගිහින් ආහාර හිඟයක් ඇති කරගත්ත රටවල්වලට උදාහරණ තියෙනවා. අපි වුණත් එවැනි ප්‍රතිසංස්කරණ වේගයෙන් කරන්න ගියාම වෙන්නෙ අමාරුවෙ වැටෙන එක. ඒකට නිසි කාලයක් අරගෙන ක්‍රමානුකූලව ගොවියාට හිරිහැරයක් නොවන ආකාරයට කරන්න ඕනෑ. දැන් මේ කරන්නේ ඒක නෙවෙයිනේ. රසායනික පොහොර ගෙනෙන එක නවත්තල ගොවියාට වෙන පාඩුව පියවන්න මුදල් දෙනවා කියලා කිව්වට මේ ආණ්‍ඩුවෙ වැඩ සිද්ධවෙන හැටි අපි දන්න නිසා ඒවා ක්‍රමවත්ව සිද්ධවෙයි කියල සත පහක විශ්වාසයක් නෑ. 

 

ප්‍රියන්ත කොඩිප්පිලි

 



අදහස් (0)

සැබෑ විශ්වාසභංගයක් ගේන්න ඕනෑ සමස්ත ආණ්‍ඩුවටමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 54 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 886 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2517 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site